Haliddakani Sutta 2026 Discussion only.
Savanata Sisilasa
0:00 / 0:00
Haliddakani Sutta 2026 Discussion only.
64 просмотра · 2 месяца назад
Savanata Sisilasa
1,83 тыс. подписчиков
64 просмотра · 2 месяца назад
“ගෘහපතිය, රූපස්කන්ධය වනාහි විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. විඥානය රූපස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණ විඤ්ඤාණය ඔක සාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, වේදනා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. වේදනාවෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔක සාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය, සංඥා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංඥා ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය, සංස්කාර ස්කන්ධ විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංස්කාර ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි ඔකසාරී නම් වෙයි.
“ගෘහපතිය, කෙසේනම් අනොකසාරී නම් වේද? ගෘහපතිය, රූප ස්කන්ධයෙහි ඇලෙන යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, තෘෂ්ණා දෘෂ්ටි යන උපාසයන් සහ සතර උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ, අනුසය ධර්මයෝ වෙත්ද ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු. නැවත හට නොගන්නා ස්වභාවයක් කරන ලද්දාහුය. විනාශ කරන ලදහ. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදහ. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනොකසාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය වේදනා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංඥා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංස්කාර ස්කන්ධයෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, ...........
“ගෘහපතිය, විඥාන ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. ......................................, මෙසේ වනාහි අනොකසාරී නම් වෙයි.
;;;;;;;;;;;;;;;;;;;;;;;
“ගෘහපතිය, ශබ්දාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.
“ගෘහපතිය, ගන්ධාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.
“ගෘහපතිය, රසාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.
“ගෘහපතිය, ස්පර්ශාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.
“ගෘහපතිය, ධර්මාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙත සාරීනම් වෙයි.
‘ගෘහපතිය, කෙසේ නම් ගම හා එක්වන ස්වභාවය ඇත්තේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ගිහියන් හා එක්ව වාසය කරයි. එක්ව සතුටු වෙමින්, එක්ව ශෝකවෙමින් ගිහියන් හා සැපවත්වූ කල්හි තමාත් සැප සහිත වෙමින්, ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත වෙමින්, ගිහියන්ගේ නොයෙක් කටයුතු උපන් කල්හි තමාත් ඔවුන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක්ව වාසය කරන්නේ නම් වේ.
“ගෘහපතිය, කෙසේනම් ගම හා එක්ව වාසය නොකරන්නේද? ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම ගිහියන් හා මිශ්‍රව වාසය නොකරයි. ගිහියන් හා එක්ව සතුටු නොවන්නේ ශෝක නොවන්නේ ගිහියන් සැප සහිතවූ කල්හි තමාත් සැප සහිත නොවන්නේ ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත නොවන්නේ ගිහියන්ගේ කටයුතු උපන් කල්හි ඒ කටයුතුවලට එක්වීමට නොපැමිණෙන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක් නොවන්නේ නම් වේ.
“ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් මිදුණේ නම් වේද? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දුරු කළ රාගය ඇත්තේවේද, දුරුකළ ඡන්දය ඇත්තේ වේද, දුරුකළ ප්‍රේමය ඇත්තේ වේද, දුරුකළ පිපාසය ඇත්තේ වේද, දුරුකළ දාහය ඇත්තේ වේද, දුරුකළ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් මිදුණේ නම් වෙයි.
“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා කරන්නේ නම් වෙයි. .
“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි “ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ, ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටු කොට නැත්තාවූ, මහණ තෙමේ කෙසේ ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේද?” යන යම් වචනය වදාරන ලද්දේද, ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දතයුතු.”