Перейти к содержимому

මෛත්‍රී භාවනාව 1 ~ Ven Koraleyagama Saranathissa Thero

SADAHAM GANGULA ~ සදහම් ගඟුල

0:00 / 0:00

මෛත්‍රී භාවනාව 1 ~ Ven Koraleyagama Saranathissa Thero

12 просмотров · 6 мес. назад
SADAHAM GANGULA ~ සදහම් ගඟුල
230 подписчиков
12 просмотров · 6 мес. назад
මෛත්‍රී භාවනාව 1 - කෙලෙස් ආශ්‍රවයන්) ප්‍රහීණය. පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ මෛත්‍රී භාවනාව යනු තමන්ටත්, ලෝකයාටත් හිතසුව පිණිස සිදුකරන උතුම් භාවනා ක්‍රමයකි. මෙය සිතේ පවතින තරහව, ඊර්ෂ්‍යාව සහ අසහනය දුරු කර සැනසීම ලබා ගැනීමට මහත් සේ උපකාරී වේ. පහත දැක්වෙන්නේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ හැකි සරල පියවර කිහිපයකි: මූලික සූදානම, නිදහස්, නිහඬ ස්ථානයක් තෝරාගන්න. සිරුරට අපහසුවක් නොවන සේ ඍජුව වාඩි වන්න. සිරුර ලිහිල් කර සිත එකඟ කරගන්න. භාවනා කරන අනුපිළිවෙළ, මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුත්තේ තමාගෙන් වන අතර, පසුව එය ක්‍රමයෙන් ලෝකයා වෙත පතුරුවා හැරිය යුතුය. තමාට මෛත්‍රී කිරීම: "මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මා හට කිසිදු පීඩාවක්, කරදරයක් නොවේවා." මෙසේ තෙවරක් මෙනෙහි කරමින් සිතේ ශාන්තිය අත්විඳින්න.) ප්‍රිය පුද්ගලයන්ට මෛත්‍රී කිරීම: ඔබේ දෙමාපියන්, ගුරුවරුන් සහ හිතවතුන් සිහිපත් කරමින්: "මගේ මවුපියෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔවුන්ට කිසිදු කරදරයක් නොවේවා." අපක්ෂපාතී (සාමාන්‍ය) පුද්ගලයන්ට මෛත්‍රී කිරීම: ඔබ හොඳින් හඳුනන්නේ නැති, මඟ තොටේදී හමුවන අය කෙරෙහි මෛත්‍රිය පතුරුවන්න. අප්‍රිය පුද්ගලයන්ට මෛත්‍රී කිරීම: ඔබ සමඟ අමනාපයෙන් පසුවන හෝ ඔබ අකමැති අය සිහිපත් කරමින්: "ඔවුන්ද වෛරයෙන් තොර වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා." (මෙය සිතේ ඇති තරහව නැති කිරීමට උපකාරී වේ.) සත්ව ලෝකයට සහ සියලු ලෝකවාසීන්ට: "මේ විශ්වයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා." මෛත්‍රී භාවනායෙහි එකොලොස් ආනිසංස 1. සුඛං සුපති = සුව සේ නිදා, ඇතැම් කෙනේක ඔබ- මොබ පෙරළෙමින් ‘සුර - සුරු’ ගාමින් දුකසේ නිදති. මේ යෝගී එසේ නො වැ සුවසේ නිදා-නිදන්නේත් සමවතකට සම වැදුණ සේ නිදයි. 2. සුඛං පටිබුජ්ඣති = සුවසේ පුබුදී, ඇතැම් කෙනෙක් තතනමින් හැඹෙමින් පෙරළෙමින් දුකසේ පුබුදිති. මේ යෝගී එසේ නො වැ පිපී ගෙනැ එන පියුමක් සේ නිර්විකාර වැ සුවසේ පුබුදි යි. 3. න පාපකං සුපිනං පස්සති = නපුරු සිහින නො දකී. සිහිනයක් දක්නේ නම් සෑ වඳනා පුදනා සේ බණ අසනා සේ යහපත් සිහිනයක් ම දක්නේ ය. තවද ඇතැම් කෙනෙක් ප්‍ර‍පාතයෙහි වැටුණවුන් සේ සිහින දකිති. මේ යෝගී එබඳු සිහින නො දකී. 4. මනුස්සානං පියො හොති = මිනිසුන්ට ප්‍රිය වෙයි. උරෙහි ලු මුතුහරක් සේ ද, හිස පැළඳි මල් මාලාවක් සේ ද, මිනිසුන්ට ප්‍රිය මනාප වෙයි. 5. අමනුස්සානං පියො හොති = මෙසේ මෙත් වඩන යෝගී අමනුෂ්‍යයනට ප්‍රිය වන්නේ ය. 6. දේවතා රක්ඛන්ති = මෑණි කෙනෙක් පුතකු රක්නා මෙන් දෙවියෝ ඔහු රකිත්. 7. නාස්ස අග්ගි වා විසං වා සත්‍ථං වා කමති = මෙත් වඩන යෝගීහුගේ සිරුරෙහි ගිනි නො ගනී. 8. තුවටං චිත්තං සමාධියෙති = මෙත් වඩන්නහුගේ සිත වහා සමාහිත වේ. එහි ලැසි බවෙක් නම් නොවේ. 9. මුඛවණ්ණො විප්පසීදති = නැට්ටෙන් ගිලිහුණු තල් ගෙඩියක් සේ ඔහුගේ මුහුණ ඉතා පහන් වේ. 10. අසම්මුළෙහා කාලං කරොති = මෙත් වඩන්නහුට සිහි මුළා වැ වන මරණයෙක් නැති. නුමුළා වැ මැ නිදි ගත්තා සේ කලුරිය කෙරේ. 11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍ර‍හ්මලොකුපගො හොති = ඉදින් රහත් වැ ගන්නට නො හැකි වී නම් නිදා පිබිදිය සේ ගොස් බඹ ලොව උපදින්නේ ය. දිනකට විනාඩි 10-15ක් වැනි කෙටි කාලයක් වුවද අවංක සිතින් මෙසේ මෛත්‍රී කිරීමෙන් ඔබේ ජීවිතයට විශාල සහනයක් ලබාගත හැකිය. 13th Apr 2026. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ දායකත්ව සඳහා විමසීම්: 'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' සදහම් ගඟුල' මඟින් ඔබවෙත ගෙන එනු ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්: විශේෂ භාවනා Text: https://drive.google.com/drive/folders/120... ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?... ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?... යූ ටියුබ් නාලිකාව: (UT):    / @hdsl66592   වයිබර් සමූහය: https://invite.viber.com/?g=s5rxAVQ7j... වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn... විද්‍යුත් තැපෑල; bodhuhanda@gmail.com, Tel: +1 916 605 8114