Перейти к содержимому

2025 නිවාසාන්තර ක්‍රිඩා උළෙල 🏅 | 2025 SPORT MEET | WP / KL / Padagoda maha vidyalaya

WP KL Padagoda Maha Vidyalaya.

0:00 / 0:00

2025 නිවාසාන්තර ක්‍රිඩා උළෙල 🏅 | 2025 SPORT MEET | WP / KL / Padagoda maha vidyalaya

9 180 просмотров · 1 г. назад
WP KL Padagoda Maha Vidyalaya.
2,11 тыс. подписчиков
9 180 просмотров · 1 г. назад
බප/කළු පාදාගොඩ මහා විද්‍යාලීය විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුබවතුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ උත්සාහය ක ප්‍රතිඵලයක් ලෙස 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල අති සාර්ථක අන්දමින් 2025 පෙබරවාරි මස 14 වන දින අවසන් විය. මූල්‍යමය දායකත්වය සැපයූ කන්දෙවිහාරාධිපති ස්වාමීන්වහන්සේ ට හිස නමා ආචාර කරමි. ක්‍රීඩා උළෙල සඳහා පැතුම් සිරිමාන්ත මහතා විදෙස්ගත ආදී සිසුන් සම්බන්ධ කර ගනිමින් දැක්වූ මූල්‍යමය දායකත්වය සහ එතුමන්ගේ ශබ්ද විකාශන යන්ත්‍ර නොමිලයේම ලබා දෙමින් ක්‍රිඩා උළෙල සාර්ථක කිරිමට දැක්වූ දායකත්වයට විශේෂ ස්තුතියක් පුද කර සිටිමු. අනූෂ සම්පත්, දුශ්ශංක ජයවීර, අමිත් උදයසිරි, ඉසුරු සංජුල, ගයාන් නිශාන්ත, බුද්ධික මධුසංඛ, සඳරුවන් ජයමාන්න, රවීන්ද්‍ර ජයවීර, චමංක මදුරංග, D.A.D.C වීරසිංහ, චින්තන පැතුම්, T.R.D ප්‍රනාන්දු, පුෂ්පිකා මධුශානී යන ආදී ශිෂ්‍ය මහත්ම මහත්මීන් මූල්‍යමය දායකත්වය දක්වමින්ද, යොහාන් චතුරංග, කසුන් සහ ගයාන් යන මහත්මයන් විසින් කුසලාන සඳහා අනුග්‍රහය ලබාදෙමින්ද, ක්‍රීඩා උළෙල වර්ණවත් කරන ලදී. අසල්වැසි නිවැසියන් ලබාදුන් සහයෝගය ද ආදි සිසුන් දෙමව්පියන් ඇතුළු පිරිස ලබා දුන් සහයෝගය ද සිහිපත් කරමින් විද්‍යාලය වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු. නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් සමරු කලාපයක් මුද්‍රණය කළ අතර ඒ සඳහා සුබපැතුම් එක්කරමින් මූල්‍යමය දායකත්වය සැපයූ පාදාගොඩ, බේරුවල, අඹගහහන්දිය වෙළඳ ප්‍රජාව සහ පාසලේ ස්ථාන මාරුවීගිය ගුරුබවතුන්ට ,විශ්‍රාමික ගුරුභවතුන්ට ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට දැක්වූ දායකත්වයට හද පිරි ගෞරවය පුද කරමි. අවසාන වශයෙන් නම් ගම් සඳහන් කිරීමට අපහසු තරම් විශාල පිරිසක් පාසලේ ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය උදෙසා නන් අයුරින් සහය දැක්වූ බව සිහිපත් කර සිටින අතර මතුවටත් ඔබගේ ශක්තිය අප බලාපොරොත්තු වන බව ගෞරවාන්විතව සිහිපත් කරමු. ඔබ සියලු දෙනා අප පාසලේ ශක්තියයි...! විදුහල්පතිනිය ඇතුළු සංවිධායක මණ්ඩලය