Перейти к содержимому

චක්ඛුං උදපාදී 20 ~ Ven. Thapowanaye Ariyadhaja Thero.

DHARMA DESHANA - ධර්ම දේශනා

0:00 / 0:00

චක්ඛුං උදපාදී 20 ~ Ven. Thapowanaye Ariyadhaja Thero.

488 просмотров · 1 год назад
DHARMA DESHANA - ධර්ම දේශනා
12,3 тыс. подписчиков
488 просмотров · 1 год назад
චක්ඛුං උදපාදී 20 ~ ප්‍රවෘත්ති, පැවත්ම සහ ක්‍රියාව නොපැවැත්වීමට නම්. පුජනීය තපෝවනයේ අරියධජ ස්වාමීන්වහන්සේ මෙම සැප්තැම්බර් මස නාවින්න රජ මහා විහාරයේ පැවති “චක්ඛුං උදපාදී” මාසික වැඩසටහනේ, සෝතාපන්න සූත්‍රය ඇසුරෙන් පැවැත්වූ දේශනාවේ දෙවන භාගය. ~ ඕඝයන් 4: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිද්‍යා ඕඝය. මේ ඕඝ (සැඩදියපහර) සතරෙකි. කාමෝඝ (කාමගුණයන්හි දැඩි රාගය) භවොඝ (රූපාරූපභවයන්හි දැඩිරාගය) දිට්ඨොඝ (දෙසැටදිටු) අවිජ්ජෝඝය. මේ ඔඝයන්ට වැටුණු සත්ත්වයන්හට ගොඩවිය නො හෙන පරිදි ගිල ගන්නා වූ මහා ජලස්කන්ධය ඕඝ නම් වේ. ඕඝ නම් වූ මේ ධර්මයෝ සතර දෙන ද ඒ ධර්මයන් ඇත්තා වූ පුද්ගලයා සංසාර නමැති මහෝඝයෙහි ගිල්වති. ගොඩ එන්නට නො දෙති. එබැවින් ඒ ධර්මයෝ ඕඝ නම් වෙති. මේ සිවුඔඝයන්ගේ වෙසෙස් දැනුම පිණිස ,පිරිසිඳ දැනුම පිණිස, ගෙවීම පිණිස, පැහීම පිණිස, අරීඅටඟිමඟ වැඩිය යුතු. ~ චක‍්ඛුඤ‍්ච, පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං, තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො, ~ සොතඤ‍්ච , පටිච‍්ච සද‍්දෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණං, තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො, ~ ජිව‍්හඤ‍්ච, පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති ජිව‍්හාවිඤ‍්ඤාණං, තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො, ~ කායඤ‍්ච, පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච උප‍්පජ‍්ජති කායවිඤ‍්ඤාණං, තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො, ~ මනඤ‍්ච , පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති, මනොවිඤ‍්ඤාණං, තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො, චක්කු, සොත, ඝාන, ජිව්හා, කය, මන, සංවර කල යුතු ඉන්ද්‍රියන් සය වේ. මේ සිත දමනය කර ගැනිමට. (ඇස-කන-නාසය-දිව-ශරිරය-මනස) යන ඉන්ද්‍රියන් හය සංවර කරගැනිම, දමනය කර කරගැනිම අනිවාර්යෙන්ම තිබිය යුතුයි, සිත ඇති වන්නේ ඉන්ද්‍රියන්ට අරමුණු හමුවීම තුළින්. ඒ අරමුණු වැරදි ආකාරයෙන් ග්‍රහණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමා ඇලීම්, ගැටීම් කෙනෙකුගේ සිත තුළ ජනිත වන්නේ. අරමුණුවල යථා ස්වරූපය යථා පරිදි බොහෝ දෙනෙකුට දකින්නට හැකියාවක් නැත. කාම (ගේධ යන්) දොරටු. 6 සලායතනය හටගැනීම. ~ චක්කු විඤ්ඤානය - ඇසින් රුප දැකීම. ~ සෝත විඤ්ඤානය - කනින් ශබ්ද ඇසීම. ~ ඝාන විඤ්ඤානය. - නාසයෙන් ගඳ සුවඳ දැනීම. ~ ජිව්හා විඤ්ඤානය - දිවෙන් රස දැනීම. ~ කාය විඤ්ඤානය. - සමට පහස දැනීම. ~ මනෝ විඤ්ඤානය - සිතට සිතුවිලි ඇතිවීම. ආයතන 6 තුලින් තණ්හාව හට ගැනෙන කරුණු 10… *ඇස, *රූපය *චක්කු විඤ්ඤානය, *චක්කු සම්පස්සය *රූප වේදනාව, *රූප සඥ්චේතනාව *රූප සඤ්ඤාව, *රූප තන්හාව *රූප විතක්කය, *රූප විචාරය ප්‍රවෘත්ති, පැවත්ම සහ ක්‍රියාව නොපැවැත්වීම දුක්ඛ නිරෝධයයි 1s Oct 2025 ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link භාවනා:    • භාවනා (Meditation)   ▶️ Link භාවනා Text: https://drive.google.com/drive/folder... ▶️ Link:    • ධම්මානුපස්සනා දේශනා   ▶️ Link:    • චක්ඛුං උදපාදී දේශනා   දායකත්ව සඳහා විමසීම්: 'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්: ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?... ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?... යූටියුබ් නාලිකාව:    / @hdsl6659   වයිබර් සමූහය: https://invite.viber.com/?g=s5rxAVQ7j... වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn... විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com Tel: +94 773 558 666 /+94 712 726 41