🚨මෙරට ඉතිහාසයේ ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයේ මංගල ගමන රත්මලානට.
The Life Traveler
0:00 / 0:00
🚨මෙරට ඉතිහාසයේ ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයේ මංගල ගමන රත්මලානට.
41 672 просмотра · 7 часов назад
The Life Traveler
988 тыс. подписчиков
41 672 просмотра · 7 часов назад
🚨මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.
ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයට අයත් මෙම පෞද්ගලික ජෙට් යානය ශ්‍රී ලංකාව බලා සිය මංගල ගුවන් ගමන සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටයි.
සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන උසට වඩා ඉහළින්, මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක් පමණ උසකින් පියාසර කිරීමේ හැකියාවෙන් යුත් මෙම ගුවන් යානය, දිගු දුර ගුවන් ගමන් සඳහා නිර්මාණය කළ අති සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක්.
පැය 14කට ආසන්න කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි මෙම යානයේ මගීන් 17 දෙනෙකුට පමණ සුවපහසු ලෙස ගමන් කළ හැකි අතර, නිදන මැදිරියක්, ආහාරපාන සඳහා වෙන් වූ භෝජනාගාර පහසුකම්, විවේක කලාප සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් ඇතුළු පහසුකම් රැසක් පවතිනවා.
සුවපහසුව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව අතින් ඉහළ මට්ටමක පවතින ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානා ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රකට පුද්ගලයන් විසින් භාවිත කරනවා.
ඒ අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ට්‍රිලියනපති ඉලෝන් මස්ක්, ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරික රූපට් මර්ඩොක් ද සිටිනවා.
මෙවැනි දිගු දුර සුඛෝපභෝගී ජෙට් යානයක් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ආචාර්ය රොෂ් ජලග්ගේ මහතායි.
රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලය ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය හා සත්කාර සේවා සපයනු ලබන ව්‍යාපාර ජාලයක්.
රත්නපුර, නීලගම ප්‍රදේශයේ උපත ලැබූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, වසර දහයකට අධික කාලයක් බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ආර්ථික දත්ත වාර්තාවලට අනුව ඩොලර් බිලියනය ඉක්මවූ වත්කම් හිමි ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයා වන්නේ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතායි. මේ බව සුප්‍රකට ඔස්ට්‍රේලියානු ප්‍රෝබ්ස් (Forbes) සඟරාව විසින්ද තහවුරු තහවුරු කොට තිබෙනවා.
ඔහු සමඟ මෙම ඓතිහාසික ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ වන එංගලන්තයේ බැරිස්ටර්වරියක වන ප්‍රියංකා ගමගේ මහත්මියද එක්ව සිටියා. ප්‍රියංකා ගමගේ මහත්මිය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.
ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා සහභාගී වූ මෙම දෙපළ පසුව රත්මලාන ගුවන්තොටුපළෙන් යළිත් පර්ත් නුවර බලා පිටත්ව ගියා.
ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අමතරව, මෙම ගුවන් ගමන හරහා ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක හා ව්‍යාපාරික අවස්ථා සඳහා ආකර්ෂණීය සන්ධිස්ථානයක් ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම අරමුණක් බව ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සඳහන් කරනවා.
ලොව ඉහලපෙලේ වඩා ධනවත් ව්‍යාපාරිකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරමින්, මෙරට නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා සඳහා දොරටු විවෘත කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවද ඒ මහතා පවසනවා.
© Lifetraveler, 2026. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#NumberOneNewsPorta #breakingnews #FacebookLive #Live #FBLive
#news2026 #sinhalanews #SriLankanews #TODAYNEWS #TruthAtAllCosts
#NPP #MALIMAWA #PRESIDENTANURA #ANURA #PRESIDENT
Lifetraveler does not charge any payment for the interviews or news published on the YouTube space or www.lifetraveler.lk website.
#NewsLive #WithThePeople
#bharathathennakoon
#lifetravelerlk
#anurakumaradissanayake
#Live
#sinhalateletrama #sepal #sepalamarasinghe #sepalshortclips #srilanka #live #lka
#Teledrama #Trending1 #TrendingNews #News #SriLankaNews #LatestNews #SriLanka #vipakshayahadanathana #SLnews #srilanka #Court #SamagiJanaBalaWegaya #Politics #fm107 #vfm #vnews #colombo #UNP #SJB #irajshow #breakingnews #news #srilanka
#war #SriLankaCricket #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri #Srilanka #TrendingSL ශිරන්ති වාහනවලින්ම ඇතුලට?? නාමල්ට විතරක් හමුවෙන විශේෂ වරප්‍රසාදයක්ද ඇමතිතුමා..?විජිතගේ උත්තරේ මෙන්න#ExploreSriLanka and #VisitSriLanka #milindarajapaksha #un #unitednation 🔴මිලින්ද රාජපක්ෂ ජිනීවාහි මානව හිමිකම් සමුළුව අමතා නාමල් ගැන කිව්ව කථාව.