Anu's Crochet - Basic Crocheting Techniques - මූලික ගෙතුම් ක්රම [ Lesson 01 - ii ]
Anu's Crochet
0:00 / 0:00
Anu's Crochet - Basic Crocheting Techniques - මූලික ගෙතුම් ක්රම [ Lesson 01 - ii ]
10 722 просмотра · 3 г. назад
Anu's Crochet
10,5 тыс. подписчиков
10 722 просмотра · 3 г. назад
ආයුබෝවන් !
Anu’s Crochet වෙතින් "ගොතන්න හරි ලේසියි" යන මැයෙන් ඔබ වෙත ගෙන එන ගෙතුම් කලාව පිළිබඳ මූලික දැණුම මුල සිටම ඉතාමත් සරලව සිංහලෙන් ඉගැන්වෙන පාඨමාලාව වෙත ඔබ සැවොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
Anu’s අපගේ මූලික අරමුණ වන්නේ රැකියාවක් කරන අතරතුර හෝ ගෘහනියක් ලෙස නිවසේ වැඩ කටයුතු සිදුකරන අතරතුර හෝ අමතර ආදායමක් උපයා ගෙන කාන්තාව සමාජයේ සවිබල ගැන්වීමයි. එමඟින් ඔවුන්ගේ ආදරණීය පවුල් වලට ශක්තිමත් අත්වැලක් ලබාගැනීමට හැකිවන බව මා අත්දැකීමෙන් දනිමි. එසේ හෙයින් අප විසින් ගෙන එන මෙම "ගොතන්න හරි ලේසියි" පාඨමාලාව සම්පූර්ණයෙන් නිමා කිරීම මඟින් ඔබට ගෙතුම් නිර්මාණ ගැන මූලික හැඳින්වීමේ සිට
• ගෙතුම් නිර්මාණකරනයට යොමුවිය යුත්තේ කවර අයද?
• අවශ්ය කරන උපකරණ හා අමුද්රව්ය මොනවාද ?
• එම උපකරණ හා අමුද්රව්ය මිලදී ගන්නේ කොහෙන්ද ?
• නූල සහ කටුව හසුරවන්නේ කොහොමද ?
• මූලික ගෙතුම් ක්රම මොනවාද ?
1. Slip Knot (ලිස්සන ගැටය)
2. Chain Stich (දම්වැල)
3. ගෙතුමක් අවසාන කරන ගැටය
4. Magic Ring (මැජික් මුදුව)
5. Single Crochet (තනිපට පිරවිල්ල)
6. Half Double Crochet (බාග දෙපට පිරවිල්ල)
7. Double Crochet (දෙපට පිරවිල්ල)
8. Triple Crochet (තුන්පට පිරවිල්ල)
• මූලික ගෙතුම් ක්රම භාවිතයෙන් තමාට අවශ්ය ඕනෑම නිර්මාණයක් සිදුකරගන්නේ කොහොමද?
• ඔබ විසින් සිදුකරනු ලැබූ නිර්මාණයන්ගේ මිල තීරණය කරන්නේ කෙසේද ?
• සිදුකල නිර්මාණයන්ට ඇති වෙළද පොළ කොහොමද ?
ඉතිං මේ වීඩියෝ මාලවෙන් අපිත් එක්ක ඉදිරියට එකතුවෙන්න කියල ගෙතුම් කලාවට ආස කරන ගෙතුම් කලාවෙන් තමන්ගේම කියල ජාතික වගේම ජාත්යන්තර මට්ටමේ හිමිකාරිණයක් වෙන්න හිතන් ඉන්න ඔයාල හැමෝටම සාදරයෙන් ආදරයෙන් ආරාධනා කරනවා.
ස්තූතියි !
ලක්මිණි අනුෂිකා ප්රේමරත්න
(ගෙතුම් නිර්මාණ පුහුණු උපදේශිකා)
0767318343