Перейти к содержимому

සිරි පැරකුම් Siri Parakum

Somaratne Dissanayake

0:00 / 0:00

සිරි පැරකුම් Siri Parakum

571 684 просмотра · 4 месяца назад
Somaratne Dissanayake
199 тыс. подписчиков
571 684 просмотра · 4 месяца назад
ආචාර්ය සෝමරත්න දිසානායක ගේ 7වන සිනමා නිර්මාණය යි. දේශීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස වාර්තා ගතවිය. (රු. ලක්ෂ 5000 +) අකිල ධනුද්ධර ඇන්තනි, සෙනාලී ෆොන්සේකා සහ සිනෙති අකිලා යන සියළු දෙනාගේම ප්‍රථම සිනමා රංගනයයි. හදුන්වාදෙන ළමා නළු ප්‍රමුදිත උදයකුමාර (ගමේ කොල්ලා) ජනප්‍රියම ළමා නළුවා ලෙස රාජ්‍ය සහ ජනතා සම්මානයට පාත්‍ර විය. බිමල් ජයකොඩි, අශාන් ඩයස්, චාන්දනී සෙනවිරත්න, ජයනී සේනානායක, පාලිත සිල්වා, ශෂිනි අයේන්ද්‍රා, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් තෙන්නකෝන්, දයාදේව එදිරිසිංහ, ජයන්ත මුතුතන්ත්‍රී, දමයන්ති ෆොන්සේකා ආදීන් සෙසු චරිත නිරූපණය කලහ. 13වන සියවසේ දඹදෙණියේ රජකම් කල දෙවන පරාක්‍රබාහු රජතුමාගේ ළමා කාලය ආශ්‍රිත ජනවහරේ පැවති කතාවක් පාදක කර නිර්මාණය වූ ප්‍රබන්ධයකි. ආචාර්ය රෝහණ වීරසිංහ ගේ මියුරු සංගීතයෙන් ඔපවත්වූ ගීත 5කින් සමන්විතය.