පොත ඇරියම පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි? (විනාඩි 10යේ විසඳුම) | Why You Can't Study
Rational Mind
0:00 / 0:00
පොත ඇරියම පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි? (විනාඩි 10යේ විසඳුම) | Why You Can't Study
12 604 просмотра · 2 месяца назад
Rational Mind
25,9 тыс. подписчиков
12 604 просмотра · 2 месяца назад
විභාගෙට තව දවස් ගාණයි, ඒත් පොත ඇරියම පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද? 😥
ගොඩක් ළමයි හිතන්නේ මේක කම්මැලිකම හරි Time Management ප්රශ්නයක් හරි කියලා. ඒත් ඇත්තම හේතුව ඊට වඩා වෙනස්. ඔයාගේ මොළය උත්සාහ කරන්නේ පාඩම් කරද්දි දැනෙන පීඩනයෙන්, බයෙන් සහ අපහසුතාවයෙන් පැනලා යන්නයි. ඒ නිසයි පොත ඇරිය ගමන් ෆෝන් එක අතට ගන්නේ.
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඇයි අපිට පාඩම් කරන්න පටන් ගන්න මෙච්චර අමාරු කියන එක ගැනයි. ඒ වගේම, ලොකු මෝටිවේෂන් එකක් එනකල් බලන් ඉන්නේ නැතුව ඉක්මනින්ම වැඩට බහින්න පුළුවන් "විනාඩි 10යේ විසඳුම" (The 10-Minute Rule) ප්රායෝගිකව පාවිච්චි කරන විදිහත් මේකේ තියෙනවා.
📌 මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්:
🔆පාඩම් කරන්න කම්මැලි හිතෙන ඇත්තම මනෝවිද්යාත්මක හේතු 4
🔆"Perfectionism" සහ වරදකාරී හැඟීම ඔයාගේ කාලය විනාශ කරන හැටි
🔅ෆෝන් එකට ඇබ්බැහි වීම පාලනය කරගෙන Focus එක හදාගන්න විදිහ
🔅 "විනාඩි 10යේ හදිසි ආරම්භය" පාවිච්චි කරලා අමාරුම පාඩමත් පටන් ගන්න හැටි
👇 අදම පටන් ගමු! (Comment Below):
වීඩියෝ එකේ අන්තිමට කිව්වා වගේ, අද ඔයා පාඩම් කරන්න ඕනේ විෂයයි, අද ඔයා අනිවාර්යයෙන්ම ඉවර කරන ඒ විනාඩි දහයේ පොඩි වැඩෙයි හරියටම පල්ලෙහායින් කමෙන්ට් කරන්න. හෙට නෙවෙයි, අදම පටන් ගමු!
#StudyMotivation #StudyTipsSinhala #ExamTips #Procrastination #10MinuteRule #Olevel #Alevel #MotivationSinhala #stressrelief #stressmanagement