මහසෙන් රජුන් තැනු හුරුළු කෝමලියේ ඔබ නොදත් සුන්දරත්වය සොයා ගිය ගමන || Mahasen Rajun Thenu Hurulu Wewa
Lak Siri Arana - ලක් සිරි අරණ
0:00 / 0:00
මහසෙන් රජුන් තැනු හුරුළු කෝමලියේ ඔබ නොදත් සුන්දරත්වය සොයා ගිය ගමන || Mahasen Rajun Thenu Hurulu Wewa
12 397 просмотров · 3 года назад
Lak Siri Arana - ලක් සිරි අරණ
237 подписчиков
12 397 просмотров · 3 года назад
මහසෙන් රජුන් විසින් හුරුළුවැව ඉදිකරවන ලදි.
උතුරුමැද පළාතේ අනුරාධපුර වැව් බැඳි රාජ්‍යයේ සුවිශේෂී ඉතිහාසයකට උරුමකම් කියන හුරුළුවැව අප වාරි ශිෂ්ටාචාරය තුළ තවත් සුවිශේෂී අපුරු නිර්මාණයක්.
මහසෙන් රජු විසින් තනවන ලද මහ වැව් අතරින් ප්‍රධානතම වැවක් ලෙස හුරුළු වැව හඳුන්වා දිය හැක. හුරුළු වැව් බැම්ම මත ඉදිකර ඇති දේවාලය හා පූජාභූමිය හුරුළු වැවෙහි ඇති චමත්කාරයට මනාවට විදහා පායි. ජනතාව විසින් හුරුළුවැවේ දෙවියන් ලෙස මහසෙන් රජු හඳුන්වා මෙම භූමියේ දී ඔහුට පුද පූජා පවත්වනු ලබනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යකල්ල ප්‍රදේශයේ ඉදිකර තිබෙන හුරුළුවැව සීගිරිය කඳුවැටියේ සිට විහිදී එන යන් ඔයෙන් හා වැසි ජලයෙන් පමණක් පෝෂණයවේ.
හුරුළු ගොවිජනපදය සඳහා යල මහ දෙකන්නයටම ජලය සපයන මෙම හුරුළුවැවෙහි ජල ධාරිතාවය අක්කර අඩි පනස් පන්දාහක් වන අතර එය අක්කර පනස්දාහක ජලධාරා ප්‍රදේශයක විසිර පවතී.
වැව් බැම්මේ දිග කිලෝමීටර් දෙකයි මීටර් 340ක් වේ. වැව යටතේ ඇති වගා බිම් ප්‍රමාණය අක්කර 10400ක් ලෙස සැලකේ
ජලාශයෙන් බැහැර වන ජලය යාන් ඔය හරහා ගලා බසින අතර එය කෝඩාලිපොතාන, වැලි අමුණ, නෙලූගොල්ලකඩ,ඉලුක් වැව,ඇල්ලපොතාන යන අමුණු පොෂනය වන අතර ඉලුක්වැව, පුංචිහම්මිල්ලෑව, කිරිමැටියාව, කොමාරිකා වැව, හැට්ටුවැව සහ කෝන්වැව යන කුඩා වැව් ද හුරුළු ජලයෙන් පොෂනය වේ.
හුරුළුවැව වම් සොරොව්ව , මැද සොරොව්ව, දකුණු සොරොව්ව වශයෙන් සොරොව් තුනකින් සමන්විත වන අතර
වම් සොරොව්ව අක්කර 3363ක්ද,
මැද සොරොව්ව අක්කර 37ක්ද,
දකුණු සොරොව්ව අක්කර 7000කින් ද යල මහ දෙකන්නය හුරුළුජනපදයේ කුඹුරු පෝෂණය කරයි.
හුරුළු වැව ආසන්නයේ ජීවත්වන ධීවර ජනතාවක් ද සිටිනවා. ඔවුන් ධීවර සමිති ගොඩනගා ගනිමින් සංවිධානාත්මකව ධීවර රැකියාවේ නියැළෙනවා. ධීවර සමිතිය යටතේ තොටුපළ හතරක් පවතින අතර එහි පවුල් 150කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි සාමාජිකයින් 160ක් පමණ සාමාජිකත්වය දරනවා.
හුරුළුවැවෙහි වාන් දෙකක් දක්නට ලැබෙනවා.මෙහි ප්‍රධාන වානේ ගේට්ටු 16ක් ඇති අතර වාන් ජලය මගින් පිටවන ජලය යාන්ඔය ඔස්සේ යාන්ඔය ජලාශයද පොෂනය කරමින් ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රදේශයේදී මුහුදට ගලා බසිනවා.
පැරණි රජ දරුවන් එදා ජාතියට දායාද කරදුන් සම්පත් අද අප සිදුකරන ලබන ප්‍රතිසංස්කරණ හරහා හෙට අපේ දුවා දරුවන්ගේ ප්‍රයෝජනයට ගත හැකි බව සනිටුවහන් වනු නොඅනුමානයි.