ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය|Dr.DR
Cyber Clinic
0:00 / 0:00
ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය|Dr.DR
392 711 просмотров · 5 лет назад
Cyber Clinic
1,18 млн подписчиков
392 711 просмотров · 5 лет назад
ස්වභාවික ෂැම්පු සහ කන්ඩිෂනර් හදාගන්නෙ කොහොමද?
ස්වභාවික ෂැම්පු
01. වෙරළු කොළ මිටක් ගෙන වතුර ස්වල්පයක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු මෙය පෙරාගන්න. මෙය 100% ස්වභාවික ෂැම්පු එකක්.
ස්වභාවික කන්ඩිෂනර්
01. පොල්කිරි මේස හැඳි දෙකක්, මී පැණි මේස හැඳි එකක්, ඔලිව් ඔයිල් තේ හැඳි එකක්, හොඳින් මිශ්‍ර කර තෙත කොන්ඩේ ආලේප කරන්න.
02. බිත්තර කහමද දෙකක් හොඳින් ගසා ගන්න. එයට දෙහි බින්දු තුන හතරක් එක් කරන්න. මේ මිශ්‍රණය තෙත කොන්ඩේ හි ආලේප කර විනාඩි දහයක් තබා සෝදා හරින්න.
03. යෝගට් මේස හැඳි තුනක්, මී පැණි මේස හැඳි එකක්, පොල් තෙල් තේ හැඳි එකක්, හොඳින් මිශ්‍ර කර තෙත කොන්ඩේ ආලේප කර සෝදා හරින්න.
04. බිත්තර දෙකක්, ඔලිව් ඔයිල් තේ හැන්දක්, මී පැණි මේස හැන්දක්, විනාකිරි තේ හැදි එකක්, දෙහි යුෂ තේ හැන්දක් හොඳින් එකතුකර මිශ්‍ර කරගන්න. හිසකෙස් වල ආලේප කර සෝදා හරින්න.
05. බිත්තර කහමද එකක් යෝගට් මේස හැඳි හයක් සමග මිශ්‍රකර තෙත කොණ්ඩයේ ආලේප කර සෝදා හරින්න.
06. කෝමාරිකා මේස හැඳි 5 යි, දෙහි යුෂ තේ හැඳි එකයි හොඳින් මිශ්‍රකර තෙත කොන්ඩෙ ආලේප කර විනාඩි පහළවක් තබා සෝදා හරින්න.
#hair #shampoo #oiltreatment