පුළුකුණාව ගුහා සහ පෞරාණික නටබුන් විශාල වනාන්තරයකින් වැසුනු කන්දක් මත පිහිටා ඇත. #today #nature
Nature Bliss 2
0:00 / 0:00
පුළුකුණාව ගුහා සහ පෞරාණික නටබුන් විශාල වනාන්තරයකින් වැසුනු කන්දක් මත පිහිටා ඇත. #today #nature
189 просмотров · 2 г. назад
Nature Bliss 2
1,53 тыс. подписчиков
189 просмотров · 2 г. назад
ප්රතිමා නිර්මාණය ඇරඹීමත් සමග බුදුන් සිහිපත් කිරීමට සංකේත භාවිතය පසුබෑමකට ලක්විය.
පුළුකුණාව ආසනඝරය එකල පුරාවිද්යා අධිකාරී චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා විසින් 1961දී වාර්තා කොට ඇත. මෙම ආසන පුවරුව දිගින් අඩි 14 අඟල් 5ක් පමණ වන අතර ඝනකම අඩි 2කි. එය අඩි 2ක් පමණ උස්වූ ගල්කණු මත පිහිටුවා තිබිණි. ආසනයේ සතර කෙලවර බොරදම් තීරුවකින් සරසා තිබේ.
මෙම පුවරුව මැදිවන සේ ගෘහයක් තිබී ඇත. එය ගල් පාදමක් මත ලී කණු යොදා සකස් කොට තිබෙන්නට ඇත. මෙම ස්ථානය කැනීමේදී පාදම් ගල් 24 පමණ හමුවී තිබේ. අවට පිහිටි ගොඩනැගිලි පිරික්සන විට මෙම ගොඩනැගිල්ලේ දොරටුව නැගෙනහිරින් පිහිටා තිබෙන්නට ඇතැයි සැක කල හැකි බව ගොඩකුඹුරේ මහතා සටහන් කරයි.
මීට අමතරව පුළුකුණාව ගමට ආසන්නයේ අංක 29 දරන කොලනියේද අඩි 10 අඟල් 8ක් දිග අඩි 10 අඟල් 5ක් පළල ආසන ගල් පුවරුවක් හමුවේ. ගලින් සාදන ලද පාදම් ගල් අනුව මෙහිද ආසනඝරයක් පැවති බව විශ්වාස කරයි. පුළුකුණාව සමීපයේ ඇති රජගල නටබුන් අතරද ආසනයක් සහිත වෘතාකාර ආසනඝරයක් තිබී ඇති බව ගොඩකුඹුරේ මහතා පවසයි.
අම්පාරේ සිට මහඔය මාර්ගයේ ගමන් කොට පියංගල විහාරය පසුකර විට ඔබට පුලුකුණව රජමහා විහාරස්ථානයේ අලුතින් ස්ථාපිත විශාල නාම පුවරුවක් හමු වේ. පුවරුව ඔබ්බට ගොස් මහඔය දෙසට කි.මී 2 ක් පමණ ගමන් කලවිට වම් පැත්තේ ඇති කුඩා මාවතකට පැමිණ විහාරස්ථානයට පිවිසිය හැක. රජමහා විහාරයක් ලෙස සැලකෙන නමුත් වර්තමානයේ මෙය විහාරයක් ඉදි කිරීමට වෙභෙසෙන කරන එක් භික්ෂුවකට සීමා වී ඇත.
Ancient ruins.
@KD__DANU