Перейти к содержимому

Prana Susumlana | ප්‍රාණ සුසුම්ලන | Jackson Anthony Tribute Song | Official Lyrics Video

Rohan Se Bandara

0:00 / 0:00

Prana Susumlana | ප්‍රාණ සුසුම්ලන | Jackson Anthony Tribute Song | Official Lyrics Video

457 просмотров · 7 дней назад
Rohan Se Bandara
53 подписчика
457 просмотров · 7 дней назад
Prana Susumlana | ප්‍රාණ සුසුම්ලන | Jackson Anthony Tribute Song | Official Lyrics Video ප්‍රාණ සුසුම්ලන (PRANA SUSUMLANA) 🎧 Official Music Video සකල කලා වල්ලභ නමින් කිරුළු පළන් පනාපුත්‍ර කුහුඹු පැණියා හෙවත් ජැක්සන් ඇන්තනී නම් ඔහු සකල විධ කලාවම අතික්‍රමණය කළ ▪️විශිෂ්ඨතමයෙකි. ▪️විශ්ව කෝෂයක් බඳු වූ දැනුම් භාණ්ඩාගාරයකි. ▪️බහුශ්‍රැතයෙකි. ▪️විසල් ප්‍රතිභාන්විතයෙකි. ▪️සොඳුරු මිනිසෙකි. "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමථ " යනුවෙන් සුභාෂිතය පැවසූ වදන ජැක්සනී ඇන්තනීට අනුව නම් නිවැරදි නොවී යැයිද සිතේ... 2022 ජූලි 02 වන දින රෑගත කිරීමකට ගොස් යළි එමින් සිටියදී අනුරාධපුර තලාව මාර්ගයේ දී පදවාගෙන පැමිණි රථය වන අලියෙකුගේ ගැටී අනතුරට පත්වීමෙන් බරපතළ හානි වීමෙන් පසු වසරකුත් දෙමසක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට 2023 ඔක්තෝම්බර් 09 වන දින දිවි රඟ මඩළින් බැස ගියේ ශ්‍රි ලාංකීය කලා කෙත යළි කිසිදිනක පිරවිය නොහැකි අවකාශයක් ජනිත කරලමිනි. 💔 එසේ, ගිලන් සයනය මත වසරකට අධික කාලයක් ප්‍රාණ සුසුම්ලන සටනකට වැද හුන් ජැක්සන් ඇන්තනී නම් අසහාය මිනිසාගේ නෙතුයුග නොපෙනුණු නමුදු දෙසවන් නෑසුණු නමුදු හද ගැබ උපන් දැනීම් හැඟීම් සමුදාය ඔහුගේම නිහඬ ස්වරයෙන් තම ආදරණිය ප්‍රජාවට කල සෞන්දර්‍යාත්මක ආමන්ත්‍රණය අවසන නික්ම යන්නට අවසර පැතූ ඔහුගේ නිහඬ ස්වරය මෙසේ මසිත පැදි බැඳුනේ පනාපුත්‍ර කුහුඹු පැණියාගේ අනුස්මරණීය තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් උපහාර පිණිසමැයි..❗ ඝෝර සසර දුක නිවාලන නිත්‍ය මංගල පරම සුන්දර අමා නිවන බොහෝ දුර නොවේවා. රොහාන් සෙ. බණ්ඩාර 2026 - ඔක්තෝම්බර් 06 ━━━━━━━━━━━━━━━━━━ Song Title: Prana Susumlana | ප්‍රාණ සුසුම්ලන Lyrics: Rohan Se. Bandara Concept: Rohan Se. Bandara Music: Ranga Beats ━━━━━━━━━━━━━━━━━━ LYRICS වළාකුළු කළු නිශාවක අහස... තරුද සඳ නෑ කියන්නට රහස... වනය මැද මග හස්තියෙකු රාජ... නුඹට රිදුනිද සොයමි මම තාම // නෙතු යුග නොපෙනෙනා දෙසවන් නෑසෙනා සිහින මතක මල් හද විකසිත වෙනවා ප්‍රාණ සුසුම්ලන සයනෙක සටනක කණ්ඩුල මම වෙනවා නික්මියන් ඉඩ දියන් ගර්ජනා කරනවා සයනයක් තවකෙකුට බොහෝ අය කියනවා පනාපුත් කුහුඹු පැණියා නේද මේ අසනවා ජීවිතේ රඟමඬල බැස යන්න හිතෙනවා මිනිස් නොමිනිස් දහම් කියා දෙන ජීවිතේ.. පහන් සිල දැල්විලා නියතවම නිවෙනවා.. ගිගුම්ලන හදවතේ මතක සිහිලෙන් හොවා හත්දොහේ සැම එන්න මතක බණ ඇහෙනවා ගිය මඟක පා සටහන් වැහි දියෙන් මැකෙනවා රැඳුණු සෙනෙහෙ මතකයන් සුසුමකින් නැඟෙනවා නෙතු යුග නොපෙනෙනා දෙසවන් නෑසෙනා සිහින මතක මල් හද විකසිත වෙනවා ප්‍රාණ සුසුම්ලන සයනෙක සටනක කණ්ඩුල මම වෙනවා // නික්මෙන්නට අවසර යළි හමුනොවනා මතක සුවඳ මල් පිපේවි හදරඳනා ━━━━━━━━━━━━━━━━━━ A Tribute to Jackson Anthony මෙය ශ්‍රී ලාංකීය සිනමාව, රංග කලාව, රූපවාහිනිය සහ සාහිත්‍යය ඇතුළු කලා ක්ෂේත්‍ර ගණනාවකට විශාල දායකත්වයක් ලබාදුන් ජැක්සන් ඇන්තනී මහතාගේ මතකයට පුද කරන නිර්මාණයකි. ඔහුගේ කලා මෙහෙවර සහ මතකය සදා ජීවමාන වේවා. ━━━━━━━━━━━━━━━━━━ If you enjoyed this Sinhala song, PLEASE Like | Comment | Subscribe | Share #jacksonanthony #sinhalasongs #tredingsong