මරද මඩු ශුද්ධ වූ ජපමාල දෙව්මව්ට බලගතු යාච්ඤාව - Marada Madhu Meniyanta Balagathu Yachanawak 🙏✝️
සදාකාල ආශිර්වාද - Catholic Faith
0:00 / 0:00
මරද මඩු ශුද්ධ වූ ජපමාල දෙව්මව්ට බලගතු යාච්ඤාව - Marada Madhu Meniyanta Balagathu Yachanawak 🙏✝️
367 просмотров · 6 дн. назад
සදාකාල ආශිර්වාද - Catholic Faith
996 подписчиков
367 просмотров · 6 дн. назад
මරුද මඩු ජපමාල දෙව් මව්නි,
අපි භක්තියෙන් ඔබගේ සම්මුඛයට පැමිණෙමු.
සාන්ත කුරුසයේ අඩයාලමෙන්
අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා.
අපගේ දෙවි ස්වාමීන් වහන්සේගේත්,
පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත්,
ශුද්ධාත්මයාණන්ගේත් නාමයෙන්.
ආමෙන්.
ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි,
ඔබගේ ශ්‍රී නාමය ආරාධිත වේවා!
ඔබගේ රාජ්‍යය පැමිණේවා!
ඔබගේ කැමැත්ත
ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා!
අපගේ එදිනෙදා භෝජනය
අද අපට දානය කළ මැනව.
අපට වරද කරන අයගේ වැරදි
අප කමා කරන්නාක් මෙන්,
අපගේ වැරදි ද කමා කළ මැනව.
පාපයට වැටීමට අපට ඉඩ නොදී,
අයහපතින් අප මුදාගත මැනව.
ආමෙන්.
මරුද මඩු නම් වූ මේ වන්දනා ස්ථානයේ
දයාසනය කරගෙන වැඩ සිටින
ශුද්ධ වූ ජපමාල මෑණියෙනි,
පරලෝක භූලෝක රාජේශ්වරියෙනි,
දුක්ඛිතයන්ගේ සැනසීමෙනි,
පව්කාරයන්ගේ සරණාධාරයෙනි,
අපි ඔබගේ මධුර මනෝහර
සම්මුඛය සොයා පැමිණියෙමු.
ඔබගේ කරුණාව ලබාගනු පිණිස
මෙහි පැමිණියෙමු.
ඔබගේ ශ්‍රී මුහුණ මඬල දෙස බලා,
අපගේ කන්නලව්ව සහ යාච්ඤාව
ඔබ වෙත ඉදිරිපත් කරමු.
මෑණියනි,
අපේ මෙලොව ස්වාමිදුව ඔබවහන්සේ නොවේද?
අපේ රක්ෂස්ථානය ඔබවහන්සේ නොවේද?
ඔබවහන්සේ අපගේ මෑණියන් බව
අපට පෙන්වා වදාළ මැනව.
අඬන්නන් වැළඳගත මැනව.
ශෝකපත් වූවන් සැනසුව මැනව.
ඔබවහන්සේ අනුකම්පා නොකරන සේක් නම්,
අපට වෙන කවරෙක් අනුකම්පා කරත්ද?
ඔබවහන්සේ පිහිට නොවන්නේ නම්,
වෙන කවරෙක් අපට පිහිට වේද?
ඔබවහන්සේ ආධාර නොකරන්නේ නම්,
අපට අන් කවරෙක් ආධාර කරත්ද?
අප සිහි නොකරන සේක් නම්,
අපව වෙන කවරෙක් සිහි කරත්ද?
ඔබගේ සරණය කරා දිව එන
ගැත්තන්ට කරුණා කළ මැනව.
ආමෙන්.
මෑණියනි,
දයා සාගරයෙනි,
පිපාසයෙන් තැවෙන්නන්ගේ ජලාශයෙනි,
අසරණයන්ගේ සරණයෙනි,
අපි ඔබගේ සම්මුඛය සොයා පැමිණියෙමු.
ලෙඩ, දුක්, අව්, වැසි ආදිය විඳිමින්
ඔබ වෙත පැමිණියෙමු.
අපගේ බලාපොරොත්තුව නිරර්ථක වේදෝ?
අපගේ යාච්ඤා ප්‍රතික්ෂේප වේදෝ?
අපගේ ගමන නිස්ඵල වේදෝ?
අපගේ දුක් කඳුළින්
ඔබගේ මව් හද උණු නොවේද?
සැබවින්ම මෙසේ සිදුවේද?
මව්නි...
ආදරවන්ත මව්නි...
අපව මුළුමනින්ම
ඔබවහන්සේට භාර කරමු.
අපව භාරගෙන,
ඔබගේ ආශිර්වාදය
අප වෙත දානය කළ මැනව.
අපගේ පවුල්වලට ආශිර්වාද කළ මැනව.
ලෙඩ වූවන් සුවපත් කළ මැනව.
දුක් විඳින අයට සැනසීම දුන මැනව.
අසරණයන්ට පිහිට වූ මැනව.
අපගේ සිත් තුළ විශ්වාසය,
බලාපොරොත්තුව සහ ආදරය
වර්ධනය කළ මැනව.
මෑණියනි,
ඔබගේ දරු කැළ
අප වෙත අනුකම්පා කළ මැනව.
ආමෙන්.
ප්‍රාර්ථනා කරමු.
සර්වදයාබර ස්වාමීනි,
ශුද්ධ වූ මෑණියන් කෙරෙහි
භක්ත්‍යාදරයෙන් යුක්තව,
උන්වහන්සේගේ පිහිට ඉල්ලමින්
වැඳවැටී සිටින අපට
කරුණා කළ මැනව.
අපගේ දුක්, වේදනා සහ කඳුළු
ඔබවහන්සේ දන්නා සේක.
අපගේ සිත්වල සැඟවුණු
සෑම කන්නලව්වක්ම දන්නා සේක.
ජපමාල මෑණියන්ගේ
මව්කම තුළින් අප දෙස බලා,
අපගේ යාච්ඤාවලට
ඔබගේ කැමැත්තට අනුව
පිළිතුරු දානය කළ මැනව.
මරුද මඩු ජපමාල මෑණියනි,
අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව.
අපගේ පවුල් වෙනුවෙන් යාච්ඤා කළ මැනව.
අසරණයන් වෙනුවෙන් යාච්ඤා කළ මැනව.
ලෙඩ වූවන් වෙනුවෙන් යාච්ඤා කළ මැනව.
ශ්‍රී ජපමාලයේ මෑණියනි,
අපව ඔබගේ ආරක්ෂාව යටතේ
සදා රැකගත මැනව.
මේ සියල්ල
අපගේ ස්වාමී වූ
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
උදෙසාම ලැබේවා!
ආමෙන්.
නමෝ මරියනි,
ප්‍රසාද පූර්ණවන්තියනි,
ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය.
ස්ත්‍රීන් අතරින්
ඔබ ආශිර්වාද ලද්දාහුය.
ඔබගේ කුසේ ඵලය වූ
ජේසුස් වහන්සේ
ආශිර්වාද ලද්දාහුය.
සාන්ත මරියනි,
දේව මෑණියනි,
පව්කාර වූ අප උදෙසා
දැනුත්,
අපගේ මරණ වේලෙහිත්
යාච්ඤා කළ මැනව.
ආමෙන්.
පියාණන්ටත්,
පුත්‍රයාණන්ටත්,
ශුද්ධාත්මයාණන්ටත්
ස්තෝත්‍ර වේවා.
ආදි වුවාක් මෙන්,
දැනුත්,
නිතිපතාත්,
අනන්ත කාලයක්ම වේවා!
ආමෙන්.
«“නුඹලා යාච්ඤා කරන කල, නුඹලා ඉල්ලන සියල්ල ලැබුණා යැයි අදහන්න. එවිට නුඹලාට එය ලැබෙන්නේය.”
— මාක් 11:24 📖🙏»
✝️ “ක්‍රිස්තුනි, ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු;
මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසියෙන්
ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක.” 🕊️
🙏 ඔබ වෙනුවෙන් පුංචි කාරුණික ඉල්ලීමක්… ❤️
අපගේ සදාකාල ආශිර්වාද – Catholic Faith Facebook Page එක සහ YouTube Channel එක හරහා ඔබගේ ජීවිතයට,
🕊️ ශාන්තියක්
🙏 ආශීර්වාදයක්
📖 දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක්
❤️ ඔබගේ විශ්වාසය ශක්තිමත් කරන වචනයක්
✨ හෝ බලාපොරොත්තුවක්
ලැබී තිබේ නම්, කරුණාකර අප සමඟ රැඳී සිටින්න.
❤️ Facebook Page එක Follow කරන්න
▶️ අපගේ නිල YouTube Channel එක Subscribe කරන්න
🔔 Bell Notification එකත් ක්‍රියාත්මක කරන්න
ඔබගේ ❤️ Like එකක්, 💬 Comment එකක්, 🔄 Share කිරීමක් හෝ ▶️ Subscribe කිරීමක්, අපගේ ආධ්‍යාත්මික පණිවිඩය තවත් එක් හදවතකට ළඟා කරවීමට මහත් උපකාරයක් විය හැකියි.
✨ ඔබගේ කුඩා සහයෝගය, තවත් කෙනෙකුගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ ආලෝකය, සැනසීම සහ බලාපොරොත්තුව ගෙන යා හැකිය. 🕊️
🙏 අපගේ ආධ්‍යාත්මික පවුලට එක්වන්න…
❤️ Facebook Page එකෙන් Follow කරන්න.
/ 1cetq2up1k
▶️ YouTube Channel එකෙන් Subscribe කරන්න.
🙏 යාච්ඤාවෙන් අප සමඟ රැඳී සිටින්න.
🔗 අපගේ නිල YouTube Channel එක
/ @sadakalaashirwada
🙏✝️ දෙවියන් වහන්සේ ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් සදාකාලික ආශීර්වාදය, සුවය, ශාන්තිය සහ සැනසීම ලබා දේවා! 🕊️❤️
සදාකාල ආශිර්වාද – Catholic Faith
🙏 “ශ්‍රී කුරුසියේ ජේසුනි, අප කෙරෙහි දයාව දැක්වුව මැනව.” ✝️
#SadaakalaAashirwadaMedia #CatholicFaith #HolyRosary #Rosary #OurLadyOfTheRosary #MaryMotherOfJesus #CatholicSriLanka #ජපමාලය #ජපමාලයේඅපස්වාමිදූ #මරියතුමිය #ජේසු #යාච්ඤාව #කතෝලිකවිශ්වාසය #ආවේමරියා #මීගමුව #ගම්පහ #katunayaka #nigambo #kandy #kandysrilanka #srilanka #catholic #catholicprayer #catholicchurch #stmaryschurch #StMarysSchool #prayer