යම රජ්ජුරුවෝ කියන්නේ බොහොම ධාර්මික මෛත්‍රී සහගත කරුණාවන්ත රජ කෙනෙක්.
Ranmal Lasantha
0:00 / 0:00
යම රජ්ජුරුවෝ කියන්නේ බොහොම ධාර්මික මෛත්‍රී සහගත කරුණාවන්ත රජ කෙනෙක්.
244 просмотра · 2 г. назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
244 просмотра · 2 г. назад
Ven Matara Mahinda Thero - Neth FM Dharama Dakshina - 2024-05-05
පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නෙත් FM ධර්ම දක්ෂිණා 2024-05-05
දේව දූත සූත්‍රය ඇසුරෙන් - 03 කොටස
මෙතක් සාරාංශය , කලින් දේශණා ( 01 සහ 02 කොටස ) ශ්‍රවණය කරන්න
දැඩිව අකුසල කර්ම කරපු අය කෙලින්ම යන්නේ අවීචි ආදී නිරයන් වලට ගිහින් කිසිම විවේකයක් නැතුව නිරන්තරයේම දුක් විඳිනවා..
කලින් අපි සඳහන් කරා වගේ මේ යම රජ්ජුරුවෝ කියන්නේ හරිම ධාර්මික රජ කෙනෙක්.
යම රජතුමා සමහර වෙලාවට මේ නිරය සත්වයන්ට තමන් මනුෂ්‍ය ජීවිතයේ කරපු පින් මතු කරලා දෙන්න උත්සාහ කරනවා...
යම් රජතුමා නිර සත්වයා පින්කමක් කරලා ද කියල රජතුමත් මතක් කරලා බලනවා මේ නිර සත්වයාට උදව් කරන්න පිනක් මතක් කරලා දීලා...
නිරයේ සතර දිශාවෙන් යම රජවරුන් 04 දෙනෙක් ඉන්නවා..
යම රජතුමා වරෙක මේ නිර සත්වයෙක් කරපු පිනක් තමන් විසින් මතක් කරලා දුන්නා. යම රජතුමා දිවසින් දැක්කා, මේ නිර සත්වයා මනුෂ්‍ය ජීවිතයේ සමන් මල් නැළියක් ස්වර්ණමාලි මහා සෑයට පූජා කරලා බ්‍රහ්ම ලෝකයේ සිට භූමාටු දෙවියන් දක්වාත්, යම රජතුමාටත් අනුමෝදන් කරලා, යම රජතුමා මේ පින අනුමෝදන් වෙලා එය මතක් කරලා දීලා මේ නිර සත්වයා නිරය ලෝකයෙන් චුත කරලා දිව්‍ය සම්පත්තිය ලබාගන්න කටයුතු කරලා තිබෙනවා.
බලන්න මේ සංසාරය අසාධාරණ නැහැ, අපිම කරගත්ත දේවල් වලට තමයි අපිට වන්දි ගෙවන්න වෙන්නේ
තමන් කරපු කර්මයෙන් මේ ලෝකයේ කිසි කෙනෙකුට මිදෙන්න බැහැ
ස්වභාව දහම මෙච්චර වැරදි කරන සත්වයන්ටත් සාධාරණයක් ඉටු කරන්න උත්සාහ කරනවා.
යම රජතුමා මෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්, ඉතාම මෛත්‍රී කරුණාවක් තිබෙන කෙනෙක්..
තමන් කරපු පිනක් මතක් කරගන්න බැරි නිරය සත්වයන් හමුවේ නිහඬ
අවීචිය කියන්නේ මොකද, අවීචි කියන්නේ අතරක් නැහැ කියන එක, මොනවද මේ අතරක් නැහැ කියන්නේ දුක් විඳින එකේ අතරක් නැහැ කියන එක
අවීචියේ පටන් ගත්ත තැන ඉඳල කාලය අවසන් වෙනකම් දුක් විඳින එකේ අතරක් නැහැ.
ඒ වගේම අවීචියේ සිටින නිරය සත්වයන්ගේ ද අතරක් නැති නිසා මේ නිරයට අවීචිය කියල කියනව.
අවීචිය ඇතුළත දිහින් පළලින් යොදුන් 100ක්, පොළවත් යකඩ බිත්තිත් යකඩ, පියස්සත් යකඩ, බිත්ති වල ඝනකම යොදුන් 09ක්.
සෑම වෙලාවේම සතර දිශාවෙන්ම ගිනි දැල් නැගෙනවා.
අවීචියේ නිර සත්වයා ගෙනල්ල පංච විද වධ බන්ධනයට ලක් කරනවා, මොකද්ද මේ පංචවිධ වධ බන්ධනය කියන්නේ ..
මේ වධය ඉවර වුණාට පස්සේ මුණින් අතට හරවල හිස මැදින් දෙකට පළනව..
මේ වධය ඉවර උණාට පස්සේ උඩු බැලි අතට හරවල හිසේ සිට දෙපතුළ දක්වා වැයක් අරන් රහිනවා.
නිර සත්වයෙක් සාමාන්‍යයෙන් යොදුන් 100ක් පමණ විශාල බව සඳහන්
මොකද නිර සත්වයන් මෙතරම් විශාල... මට හිතෙන්නේ මේ නිර සත්වයන්ට මෙතරම් විශාල ශරීර ලැබෙන්නේ දුක වැඩිපුර විඳින්න කියල..
මීළඟට නිර සත්වයන් අල්ලලා යකඩ දම්වැල් කකුල් වල ගැට ගහල මේ නිරය ලෝකයේ තිබෙන රථ වලින් මේ යකඩ පොළවේ ඒ මේ දිශාවට ඇදගෙන යනවා, මේ රත් වෙලා ගිනියම් වෙලා තිබෙන යකඩ පොළවේ ඇදගෙන යනකොට මේ නිරය සත්වයන් අප්‍රමාණ දුකක් විඳිනවා...
මීට පස්සේ නිර සත්වයා යකඩ වුණු වෙලා තිබෙන යකඩ කළයකට එහෙමත් නැත්නම් ලෝහ කුඹු ( කුඹු කියන්නේ කළයට ) දමනවා, කොහොමද දමන්නේ කකුල් දෙකෙන් අල්ලලා ඔබනවා. එතකොට නිර සත්වයා අප්‍රමාණ දුක් විඳිනවා නමුත් කර්මය ගෙවනකම් මැරෙන්නේ නැහැ.
මෙසේ ලෝහ කුඹු නිරයේ දුක් විඳින සත්වයා, නැවත ඇදල අරගෙන නිරයට දමනවා. එතකොට මේ නිර සත්වයා සතර දිශාවෙන් එන ගිනි දැල් වලට පිච්චෙනවා, නැගෙනහිර දිශාවෙන් ගිනි ජාලාවක් එනකොට බටහිර දිශාවට දුවනවා. එතකොට බටහිර දිශාවෙන් ගිනි ජාලාවක් එනවා එතකොට ඒ ගිනි ජාලා වලට හසුවෙලා දැවිලා ආයෙත් එතනම පහල වෙලා ඒ දුකම නැවත නැවත කර්මය ඉවර වෙනකම් ගෙවනවා මැරෙන්නේ නැහැ.
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න..
කාලයක් යනකොට මේ නිරයේ විවර වෙන දොරකින් මේ නිර සත්වයන් එලියට පැන ගන්නවා. එලියට පැන ගත්තට වැටෙන්නේ මේ ප්‍රධාන නිරය වටේ තිබෙන අනු නිර 16 එකකට බව සඳහන් වෙනවා.
එක අනු නිරයක් තමයි මේ ඝුත නිරය, මෙහි තිබෙන්නේ රත් වෙලා පැහෙන අසූචි, මෙහි ඉන්නවා පණුවන් මේ පණුවන් ඇතෙකුගේ හිසක් තරම් ප්‍රමාණයේ හිසක් තිබෙනවා, ඉදිකටු තරම් තියුණු තුඩවල් තිබෙනවා. මේ පණුවන් මේ නිර සත්වයන්ගේ හම සිදුරු කරලා ඇට මිදුළු දක්වා කා දමනවා. මේ ආකාරයට අවුරුදු දහස් ගණනක් දුක් විඳිනවා
ඊට පස්සේ තිබෙන්නේ තවත් අනු නිරයක් වන ගිනි අඟුරු නිරය
ඊට පස්සේ වැටෙන්නේ තවත් අනු නිරයක් වන ඉඹුල් වනය නම් නිරයට. මේ කටු ඉඹුල් ගස් වල නිර සත්වයන් නග්ගනවා, එක කටුවක් හෙල්ලක් තරම් විශාලයි.
මේ අනු නිරයෙන් පස්සේ නිර සත්වයන් වැටෙන්නේ අසිපත්‍ර නම් අනු නිරය. මෙහි විශේෂත්වය තමයි මේ ගස්වල තිබෙන්නේ දැලි පිහි වගේ අතිශය තියුණු පත්‍ර මේවා නිරන්තරයෙන් බිමට වැටෙනවා, මේවා නිසා නිරය සත්වයන්ගේ කන් කපාගෙන ඇත පය කපා ගෙන හිස කපා ගෙන බිමට වැටෙනවා.. මේ ආදී ලෙස..
ඊළඟට වැටෙන්නේ වේතරණී නම් අනු නිරයට, මේ නදියේ තිබෙනවා නෙලුම් පත්‍ර මේවා පිහි තල වගේ පත්‍ර නිර සත්වයන් මේ නදියට වැටිලා මේ පත්‍ර වලට කැපී කැපී මහා දුකක් අවුරුදු දහස් ගණනක් දුක් විඳිනවා..
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න..