Balangoda Pettigala - බලංගොඩ සැඟවුණු මීදුම් පාරාදීසය | හැමෝම යන්නම ඕන පෙට්ටිගල අද්භූත සුන්දරත්වය !
Travel Me - suranga и ещё 2
0:00 / 0:00
Balangoda Pettigala - බලංගොඩ සැඟවුණු මීදුම් පාරාදීසය | හැමෝම යන්නම ඕන පෙට්ටිගල අද්භූත සුන්දරත්වය !
1 987 просмотров · 2 недели назад
Travel Me - suranga и ещё 2
1 987 просмотров · 2 недели назад
ඓතිහාසික හා ප්‍රාග් ඓතිහාසික අභිමානය
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව වංශකතාවේ අසිරිය රැගත් ප්‍රධානතම භූමියක් වන බලංගොඩ, "බලංගොඩ මානවයා" (Balangoda Man) හරහා ලෝක ප්‍රසිද්ධියට පත් වූ ඓතිහාසික භූමියකි. සබරගමුව නිම්නයේ පිහිටි මෙම අභිමානවත් නගරය ආශ්‍රිත පෙට්ටිගල සහ නිව් පෙට්ටිගල වතුයාය යනු බ්‍රිතාන්‍ය වැවිලි යුගයේ ස සශ්‍රීක තේ වගාවන් හරහා රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දුන්, දීර්ඝ වතුකර ඉතිහාසයකට සහ ගම්මාන සංස්කෘතියකට උරුමකම් කියන ප්‍රදේශයකි.
ජනප්‍රවාද සහ ගොම්මොල්ලිය අබිරහස
ශ්‍රී ලංකාවේ 13 වන උසම කඳු මුදුන වන මීටර් 2,034 ක් උසැති ගොම්මොල්ලිය කන්ද සහ ඊට නෑකම් කියන පෙට්ටිගල කඳු පන්තිය වටා අද්භූත ජනප්‍රවාද රැසක් ගෙතී ඇත. අතීතයේ රාවණා රජුගේ වටිනා තලපත්, පුස්කොල පොත් සහ රත්රන් අඩංගු මංජුසාවක් (පෙට්ටියක්) මෙම කඳු මුදුනේ ඇති පා තලයක් තුළ සඟවා තිබූ බවටත්, පෙට්ටියක හැඩයට සමාන දැවැන්ත ස්වාභාවික පාර්වතය පිහිටීම නිසා මෙයට "පෙට්ටිගල" යන නම පටබැඳී ඇති බවටත් මතයක් පවතී. එමෙන්ම ගොනෙකුගේ මොල්ලියක හැඩය ගත් ගොම්මොල්ලිය කන්ද, පුරාණ කෙම්මුර දේව කතා සහ ගූඩ ශක්තීන් රැඳි පූජනීය භූමියක් ලෙසද ප්‍රදේශවාසීන් අතර සැලකේ.
ස්වාභාවික සුන්දරත්වය සහ පාරාදීසමය අසිරිය
මුහුදු මට්ටමේ සිට මීටර් දහස් ගණනක් ඉහළින් පිහිටි පෙට්ටිගල යනු සෑම සංචාරකයෙකුම සිය ජීවිතයේ එක වරක් හෝ අනිවාර්යයෙන්ම දැකගත යුතු සොබාදහමේ විශ්මයජනක නිර්මාණයකි. සිසිල් මීදුම් සළුවෙන් නිරන්තරයෙන් වැසී යන මෙම කඳු පන්තිය මුදුනට ලඟා වූ විට මුළු සබරගමුව නිම්නයත්, අග්නිදිග තැනිතලාවත්, ඈතින් පෙනෙන නෝර්ටන් තැන්න සහ හල්දුම්මුල්ල කඳු වැටියත් අංශක 360 ක මනරම් දර්ශනයකින් නරඹන්නා වශී කරවයි. නොඉඳුල් හරිත වනාන්තර, සිසිල් දිය පහරවල් සහ නිහඬ ස්වාභාවික සෞන්දර්යයෙන් පිරි පෙට්ටිගල, සොබාදහමට ආදරය කරන ඕනෑම අයෙකුගේ සිත පිනවන සැබෑම සංචාරක පාරාදීසයකි.