වන අලින්ගේ නිජබිම් මැදින් නුවරගල මුදුනට. Nuwaragala camping ⛰️⛺☘️
Travel With T DUBS
0:00 / 0:00
වන අලින්ගේ නිජබිම් මැදින් නුවරගල මුදුනට. Nuwaragala camping ⛰️⛺☘️
875 просмотров · 6 месяцев назад
Travel With T DUBS
1,41 тыс. подписчиков
875 просмотров · 6 месяцев назад
🏍️රෝද දෙකෙන් සොඳුරු ඉසව් සොයා දිගාමඩුල්ලට 🐘☘️
➡️ නුවරගල Sri Lanaka 🇱🇰 😍
#nuwaragala
එකල රජකල දුටුගැමුණු මහ රජුගේ සොහොයුරු වන සද්ධාතිස්ස රජුගේ සැගවුනු බලකොටුව බලා අපගේ චාරිකාව ආරම්භ කලේ රාත්‍රී 11ට පමනය.
අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය කොට්ටාසයේ පොල්ලෙබැද්ද කියන ආදිවාසි ගම්මානයේ පිහිටා තියන සුන්දර මදක් දුශ්කර ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත කදු මුදුනක් වන මේ නුවර ගල කන්ද උසින් අඩි 658කින් යුක්තයි. (මුහුදු මට්ටමේ සිට මීටර 332 කි) රඹකැන්ඔය නිම්නයේ පිහිටා ඇති මෙම කන්ද පුරාන සෙල්ලිපි,පැරණි නගරයෙ ඉතිරිව ඇති නටඹුන්, ගල් ලෙන් , පොකුණු හා චිත්‍ර වලින් පිරී පවතී. ඒ වගේම අද වන විට වන අලින්ගේ නිජබිමක් කිවහොත් නිවැරදිය. මන්ද අලි වසුරු නොමැති තැනක් නැති තරම්.
පැය 6-7ක බයික් වල ගමනකින් පසුව පොල්ලෙබැද්දෙ පියල්, අපේ මගපෙන්වන්නා සමග ඔහුගේ නිවසේ සිට 8km පමන දුරක් කැලෑව ඔස්සේ වගුරු බිම් අලිමංකඩවක් හා දොල පාරවල් රාශියක් පසු කර නුවරගල පාමුල ඇති බැලුම් ගලට පැමින දවල් ආහාරය ගෙන කන්දේ මැද දකුණුපසින් වූ ගල් කවුලු නැරඹීමට වෙනත් මාර්ගයක් ඔස්සෙ අප සැම කන්ද තරනය කලේය. එය මග හැර යනවානම් ඉතා කෙටි කාලයකින් හා අඩු දුරකින් කන්ද පහසුවෙන් නැගගත හැකිය. නමුත් අපට අමතර කාලයක් 2km කට ආසන්න දුරක් වැඩිපුර යන්නට සිදු විය. ගිමන් හැරීම චායාරූප ගැනීම සියල්ල සමග, 12.6km දුරක්, පැය 5 1/2 කින් අවසන් කිරීමට අප හට හැකිවිය.
කොළඹ සිට ගමන් අරඹනවානම් නුවර හරහා 18 වංගුව බැස මහියන්ගනය පසු කර අම්පාර මාර්ගයේ ගොස් මහ ඔයෙන් හැරී පොල්ලෙබැද්දට යා යුතුයි. (260km ආසන්න.
මෙම රූපරචනාව නරඹන ඔයා මේ නුවරගල කන්ද තරණය කිරීමට කැමති නං අපේ මේ මගපෙන්වන්නා පියල්ව සම්බන්ධ කරගන්න පුලුවන්,
මෙන්න පියල්ගෙ නම්බර් එක
0743628648 කොල් එකක් දීලා බලන්න🤝
නුවරගල නං පියල් , පියල් නං නුවරගල ❤️
🌺🍀🍁🌳❤️💚🌿
————————————————
☘️සුන්දර ඉසව් විදගන්න,පා සටහන් පමනක් ඉතිරිකර එන්න🦶
තවත් ලස්සන ගමනකින්,ඉක්මනින්ම හමුවෙමු ❤️