මාතලාගලදි දැක්කා ඊට පහුවදා නැග්ගා 😮 මොන බම්බුවක්ද මේ Mathalagala camping | බම්බුගල Hike 💪
Travel With T DUBS
0:00 / 0:00
මාතලාගලදි දැක්කා ඊට පහුවදා නැග්ගා 😮 මොන බම්බුවක්ද මේ Mathalagala camping | බම්බුගල Hike 💪
283 просмотра · 5 мес. назад
Travel With T DUBS
1,41 тыс. подписчиков
283 просмотра · 5 мес. назад
MATHALAGALA ⛰️| මාතලාගල 🌏📷 🇱🇰
ඉතිං මෙවර අපි සොයාගෙන යන සුන්දර ඉසව්ව උනේ නකල්ස් බටහිර බෑවුමේ පිහිටා ඇති සුන්දරම කන්දක්,(පතනක්) වන මාතලාගල පතනයි,එහෙමත් නැති නං දෙවලගල පතනයි,
මුහුදු මට්ටමේ සිට උස ,මීටර් 894 වන කඳු මුදුනකි. මෙය දෙවලගල පතන ලෙසද හැඳින්වේ.මෙම කඳුමුදුනට ගිය විට උතුරු දෙසින් කළුගඟ ජලාශයද,දකුණින් නකල්ස් කඳු මුදුන් එක යායටම දැකගත හැක. මාතලාගල මුදුනට ගිය විට ලඟින්ම දැක ගනීමට හැකිවන්නෙ ලකේ ගල් තුන ලෙස හැඳින්වෙන,මාතලාගල සංචාරය කරන සියලුම දෙනා දෑකීමට බලාපොරොත්තු වෙන කඳු මුදුන් තුනයි, වම්පසින් ඇති කඳු මුදුන මීමුරේ ලකේගලයි,මද්‍යයේ ඇත්තේ මීරියගොල්ල ලෙස හඳුන්වන කඳු මුදුනයි,අනෙත් කඳු මුදුන කොමලෑව,එහෙමත් නැතිනම් නාරංගමුව ලකේගලයි,එය උතුරින් නාරංගමුව ගමට මුහුණලා ඇත.
ඈතින් මාතලේ රිවස්ටන්සම්ප්‍රේෂණ කුලුණු දැකිය හැකි වේ.
මාතලාගලට යාමට පහසුම මාර්ගය වන්නේ නාරංගමුව ගමේ සිට වැටී ඇති මාර්ගයයි. මෙම මාර්ගයෙන් පැය 1.5 න් පමන කඳු මුදුනට ලඟාවියහැක,
මාතලගලට ඇති අනෙක් මාරගය වන්නේ මීමුරේන් ආරම්භ වන මාර්ගයයි,එම මාර්ගය තරමක් දුශ්කර මාර්ගයක් සහ තරමක දුරකින් වැඩි මාර්ගයක් ලෙස දැක්විය හැක,නමුත් අදටත් මීමුරේ සිට නාරංගමුවට, එහි දිවිගෙවන මිනිසුන් තම අවශ්‍යතා ඉටුකරගැනීමට එහාමෙහා යාමට මෙම මාර්ග බාවිතා කරන බවද අපිට දැකගනීමට පුලුවන් උනා,
අපේ දෙවන දවසේ අපිට තිබ්බ ලොකුම ආසාව තමයි මාතලාගල මුදුනට පෙනුන ලකේගල පාමුල පිහිටා ඇති බම්බුගල ලෙස නම් ලද උල් දෙකක් සේ ඈතට පෙනෙන කඳු දෙකට නගින එක, අපිටත් ඉතිං කඳු කිව්වොත් වෙන මොනාද ඉතිං😁
කොහොමහරි පහුවදා උදේම මාතලාගලට සමු දීලා ගමන පටන් ගත්තා බම්බුගල නගින්න යන්න, කොහොමින් කොහොම හරි අපිට පෙනුන කන්ද පැත්තට වැටිලා තියෙන අඩිපාර හොයාගෙන ඉස්සරහට එද්දි හම්බුනා බම්බුගලට යන්න තියෙන කන්ද,ඒ කන්ද දිගේම ඉස්සරහට එද්දි හම්බෙනවා කැලයක්,ඒ කැලේ අස්සෙන් ගහින් අන්තිමට අපිට පුලුවන් උනා බම්බුගල් දෙකෙන් එකක මුදුනට නගින්න, අපි ඒ නැග්ග කඳු මුදුනට මාරම ලස්සන view එකක් බලාගන්න තරම් අපේ ඇස් පිං කරලා තිබ්බා, (වීඩියෝ එකේ drone shot ඇති)
කොහොමහරි ඒ ආසවත් ඉශ්ටකරගෙන මේ ලස්සන ගමන සාර්ථකව අවසන් කරන්න අපිට පුලුවන් උනා,
Video එක ලස්සනයි නං Like කරලා comment එකක් දාන්න❤️
අයෙත් ලස්සන රූපරචනාවකින් හමුවෙමු එහෙනං,ගිහින් එන්නම් 🙏💚☘️
මෙම සුන්දර ස්ථානය නැරබීමට පැමිණෙන ඔබගේ පා සටහන් පමණක් ඉතිරි කර යලි පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලාසිටිමි,
/ 1juahdwf8n
https://www.tiktok.com/@travel.with.t...
https://www.instagram.com/travel_with...