ආලේ බැන්ද මාගේ රම්‍යවන් [දික්තල කාලගෝල] - ALE BENDA - DIKTHALA KALAGOLA - #4 TEACHERS ENTERTAINMENT
KR CREATION - FOR TEACHERS ENTERTAINMENT
0:00 / 0:00
ආලේ බැන්ද මාගේ රම්‍යවන් [දික්තල කාලගෝල] - ALE BENDA - DIKTHALA KALAGOLA - #4 TEACHERS ENTERTAINMENT
66 911 просмотров · 5 лет назад
KR CREATION - FOR TEACHERS ENTERTAINMENT
19,5 тыс. подписчиков
66 911 просмотров · 5 лет назад
#alebanda#dikthalakalagola#drama#school#education#montessori#teachers
#nursery#kids#rhymes#music#dance#sinhalasong
කේ.එම්.බලිවාලා ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම මෙරටට පැමිණීමත් සමගම නුර්ති ගී අප රටේහි ව්‍යාප්ත විය.
ලංකාවේ නුර්ති රඟ දක්වන්නට පෙර ලාංකීය ජනතාව රස වින්දනය සඳහා අවස්ථාව සැලසුනේ ද්‍රවිඩ ආභාෂයෙන්
සැදුම්ලත් නාඩගම් පමණකි.
ඉතා අලංකාර තනු රටා හා උතුරු ඉන්දීය හින්දුස්තානී සංගීත සම්ප්‍රදායෙන් පෝෂණය වී නිර්මාණය වූවකි.
අලංකාර වේදිකාවක් මත රංග වස්ත්‍රාභරණයෙන් සැරසී නූර්ති ගීත රඟ දක්වනු ලැබේ.
හින්දුස්ථානී සංගීතයේ එන විවිධ සංගීත භාණ්ඩයන්ගෙන් නූර්ති ගීත නිර්මාණය වී ඇත.
වයලීනය, බටනලාව, සර්පිනා, සිතාර්, එස්රාජ්, වැනි සංගීත භාණ්ඩයන් නූර්තී ගීත සඳහා යොදා ගෙන ඇත.
පසු කාලීනව දේශිය නූර්ති ශිල්පීන් නූර්ති නිෂ්පාදනය කර නූර්ති රඟ දක්වන්නට පටන් ගත්හ.
මුල්ම සිංහල නූර්ති ගීත නිර්මාතෘවරයා වන්නේ සී.දොන්.බස්තියන් මහතාය.
ඔහු විසින් නිර්මිත මුල්ම නූර්තිය වන්නේ රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම නූර්තියයි.
පසු කාලීනව නූර්ති ගීත නිර්මාණයේ පුරෝගාමීන් වූයේ නීතිඥ ජෝන්ද සිල්වා සහා චාල්ස් ඩයස්
යන මහතුන් වෙති. ඔවුන් විසින් නිර්මාණය කළ නූර්ති අතර ශ්‍රී වික්‍රම රාජසිංහ, රාමායනය, සකුන්තලා,
රත්නාවලී, පණ්ඩුකාභය, ධර්මාශෝක,පද්මාවතී, විදුර, භූරිදත්ත, හේමමාලී, සිවම්මා ධනපාල, ආදී නූර්තී ඉතා
ජනප්‍රිය නූර්තී වේ.