Перейти к содержимому

සිත නිවන ධර්මදේශනාවක් /Balangoda Radha Thero/ Helasuru Tv

Helasuru TV

0:00 / 0:00

සිත නිවන ධර්මදේශනාවක් /Balangoda Radha Thero/ Helasuru Tv

47 просмотров · 6 ч назад
Helasuru TV
6,6 тыс. подписчиков
47 просмотров · 6 ч назад
🟣මෙම පින්කමේ ප්‍රධාන දායකත්වය ගනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පදිංචි ප්‍රසන්න පෙරේරා, හේමමාලි රාජපක්ෂ සහ චලනි ප්‍රමෝද්‍යා දියණිය. පුණ්‍යානුමෝදනාව..🙏 පළමුවෙන්ම බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති,කම්මට්ඨානාචාර්ය අති පූජනීය ගෞරවනීය උඩුවර ධම්ම රක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලූම පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අපගේ ආරාධනාව ගෞරවයෙන් පිළිගෙන අප කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන්ම නොයෙකුත් ශාසනික කටයුතු මධ්‍යයේ වැඩම කළ වදාළ විචිත්‍ර ධර්ම කථික රාජකීය පණ්ඩිතාචාර්ය අති පූජනීය බළන්ගොඩ රාධ ස්වාමීන් වහන්සේට අපගේ අග්‍ර නමස්කාරය වේවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට වැඩම කළ අවස්ථාවේ ගෞරවනීය පූජනීය නායක ස්වාමින් වහන්සේත් ගෞරවනීය රාජකීය පණ්ඩිත ආචාර්යය රාධ ස්වාමීන් වහන්සේත් බැහැදැකීමට අපට අවස්ථාවක් හිමිවිය. එදා මෙදා තුර අපගේ දියණිය රෝගාතුර වූ සෑම අවස්ථාවලදීම අපගේ දියණියටත් අපටත් නොයෙක් අයුරින් පුණ්‍යානුමෝදනා පවත්වමින්, පිරිත් සජ්ඣායනා කරමින්, බෝධි පූජා පවත්වමින්, ධර්ම දේශනා පවත්වමින් සහ පුණ්‍යානුමෝදනා පවත්වමින් අප කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් අනුශාසනා පැවැත් වූ අති පූජනීය ගෞරවනීය උඩුවර ධම්ම රක්ඛිත ස්වාමීන් වහන්සේට අපගේ අග්‍ර නමස්කාරය පුදකර සිටිමු. ඒ වගේම බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ මල් ආසනයක් ඉදිකිරීම, රාජකීය පණ්ඩිත ආචාර්යය අති පූජනීය රාධ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම දේශනාවක් පැවැත්වීම, ගෞරවනීය සංඝයා වහන්සේලාට මහා සාංඝික දානයක් පිරිනැමීම සහ ආලෝක පූජාවක් ඇතුළු පින්කම් රාශියක් සිදු කොට මල් ආසනය මහා සංඝයා ඇතුළු බුද්ධ ශාසනයට පූජා කිරීමට අවස්ථාව ලබාදුන් ගෞරවණීය නායක ස්වාමින් වහන්සේටද, උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි දිවා රෑ වෙහෙස නොබලා අති මහත් කැපවීමෙන් අති මහත් වෙහෙසක් දරා මල් ආසනයේ වැඩ කටයුතු අලංකාර ලෙස නිම කර දීමත්, දානමය, ධර්ම දේශනා සහ අනෙකුත් පින්කම් මාලාවන් සාර්ථක ලෙස සංවිධානය කොට අලංකාරවත් සහ චිත්‍රවත් ලෙස නිම කරදීමට කටයුතු කළ අතිපූජනීය ගෞරවනීය රුවන්ගිරියේ සමතවංශ ස්වාමීන් වහන්සේටත් අපගේ අග්‍ර නමස්කාරය පුදකර සිටිමු. ඒ වගේම මේ සියළුම පින්කම් සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට වදාල ආරාමයේ සියලූම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අපගේ අග්‍ර නමස්කාරය පුද කර සිට්මු. ඒ වගේම අපටත් අපගේ දියණියටත් ධර්මයෙන් අර්ථයෙන් නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වැඩවසන අතිපූජණීය ඉහළ ගෝකැරැල්ලේ පාසාධ්ක ස්වාමීන් වහන්සේටත්, අතිපූජණීය බුද්ධ විහාරි ස්වාමීන් වහන්සේටත් අපගේ අග්‍ර නමස්කාරය පුද කර සිට්මු. මේ සිදු කරන ලද පුණ්‍යමය කුසල ක්‍රියා බලයෙන් උන්වහන්සේලා සියළුම දෙනාම මේ භවයේදී හෝ නුදුරු භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් පතන්නා වූ බෝධියකින් ශාන්ත වූ ප්‍රණීත වූ අමා මහා නිවන් සුවය සාක්සාත් කර ගනිත්වායි අප එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමු. මේ පින්කම් මාලාවෙන් ජනිත වන්නාවූ සියලු පිං සහ කුසල් වල ආනිසංස බලයෙන් රෝගාතුරව සිටින චලනී ප්‍රමෝද්‍යා දියණියගේ හිසේ සිට පාදාන්තය දක්වා තියෙන්නා වූ සියලූම රෝගාබාධ දුරුවී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමත් ඒවාගේම ධර්මාවබෝධය ලැබීම පිණිසත් මේ මහා කුසලය එකසේ උපනිශ්‍රය වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු. ඒවාගේම කැනඩාවේ පදිංචි සුනිල් රාජපක්ෂ ආදරණීය ලොකු අයියා සහ පවුලේ සියලුම සහෝදර සහෝදරියයන්ට ද, විල්බට් මාමා ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට ද, මේ පින්කම් මාලාවට නොයෙක් අයුරින් සහභාගිවී උදව් උපකාර කළාවු පවුල්වල ඥාතීන්ටද, දායක දායිකාවන්ටද, ගම්වාසී සියලුම දෙනාටද, වෙනත් පළාත්වලින් පැමිණි සියලුම ඥාතීන් සහ හිත මිතුරන්ටද, මෙල්බන් නගරයේ සිටින නන්අයුරින් උදව් උපකාර කළ හිත මිත්‍රාදීන්ටද මේ මහා පින්කමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය සහ කුසල බලයෙන් නිදුක් නිරෝගී භාවය ලැබ මේ භවයේදීම හෝ නුදුරු භවයකදී හෝ චතුරාර්ය සත්‍යය අවබෝධ වී ශාන්ත වූ ප්‍රණීත වූ නිවනට පත් වේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු. ඒවාගේම අප දෙපළගේ නමින් පරලොව සැපත් දෙමාපියන්ට ද, පවුලේ මියගිය සෙසු ඤාතින්ට ද, උදව් උපකාර කළ සියලුම දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන්ට ද, සංසාරගත මියගිය සියලුම ඥාතීන්ටද, මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා! ඔවුන් සියලු දෙනාම නුදුරු භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වී ශාන්ත වූ ප්‍රණීත වූ නිවනට පත් වේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි!!! (ධර්මදේශනාව සංවිධානය කළ ප්‍රසන්න පෙරේරා මහතා සහ හේමමාලි රාජපක්ෂ මහත්මියගේ පුණ්‍යානුමෝදනාව 🙏) ඔබ සංවිධානය කරනු ලබන ධර්මදේශනා ඇතුළු ඕනෑම අවස්ථාවක් සජීවිව වීඩියෝගත කර ගැනීමට සහ Helasuru TV youtube නාලිකාව ඔස්සේ ලෝකයටම විසුරුවා හැරිමට අමතන්න... 076 2900 340 078 2900 340