Перейти к содержимому

Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain

Flying Me

0:00 / 0:00

Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain

56 737 просмотров · 2 года назад
Flying Me
80,1 тыс. подписчиков
56 737 просмотров · 2 года назад
යහන්ගලින් නාරංගලට..... යහන්ගල තරණය නිමා කරල මීමුරේ පැත්තට යන්න හැදුවට හවස මීමුරේ බස් එක නෑ කියල දැන ගත්තෙ. ඉතින් මම හිමීට නුවරට ආව රෑ 7 වගේ වෙද්දි... වැස්සත් එක්ක නුවර බෙල්වුඩ් වගේ යන්න හිතාගෙන ආවට පෝය දවස නිසා ගොඩක් පැති වලට බස් නෑ.... ඉතින් ඒ පාර මං හැටන් පැත්තට යන්න හිතාගෙන හැටන් බස් එකේ නැග්ග. හැටන් වලින් බහිද්දි රෑ 10 යි... 😅 දැන් මොකද කරන්නෙ... හොඳටම වහිනව.... යන්න තැනකුත් නෑ... ඒත් ඉන්න තැනක් තියෙනව. හැටන් railway station එක .... ඉතින් එතනට ගියා... night mail දෙකම එන්න තියෙනව. එකක් කොලඹ අනික බදුල්ල.... තව දවස් දෙකක් නිවාඩුවෙන් ඉතුරුයි.... ගෙදර එන්නත් බෑ වගේ... ඉතින් හිතා ගත්ත බදුලු යනව කියල.... හැටන් station එකෙන් බාගෙට බාගයක් මාව දන්නව. අපොයි... එහෙම අවස්තාවකට මූණ දුන්නමයි.... හැමෝම වගේ මගෙ vlog එක බලල සිරිපා කරුණාවෙ ආව අය.... ඉතින් ඒ අයටත් කතා කරල සීතලේම හිටිය train එක එනකන්. Train එක එද්දි පාන්දර 4ත් පහු උනා... 😅. තාම යන්න තැනක් නෑ හොඳේ.... බදුල්ලෙන් බැස්ස... බැහැල බස් stand එකට ආවම කීණකැලේ බස් එක තියෙනව. ආ යමු නාරංගල. හිත කතා කලා.... ඉතින් මායි මගෙ පිස්සු හිතයි ගියා දෙවෙනි පාරටත් නාරංගල හොයාගෙන.... ලස්සන දවසක්.... මීදුම.... පොඩි වැස්ස..... නාරංගල මුදුන එදා දිව්‍යලෝකයක්..... මං වින්ඳ ඒ සැඳෑව හරිම නිදහසේ..... ඇයි ඒ ලස්සන උදෑසන..... ඉර පායල එද්දි නගරයේ විදුලි පහන් එලිය වියැකිලා ගිය හැටි..... ආස නම් බලන්න එන්න මං නිදහසේ පියාඹන හැටි..... Destination නැතුව මං මේ නිදහසේ පියාඹන ගමන හරිම සුන්දරයි...... මේ අහසෙ ඕනි තරම් ඉඩ තියෙනව..... ඉතින් නිවෙන්න ආස අය මිදිල එන්න ඔය උස්සගෙන දුවන මලු පැත්තකට දාලා.... රකිමින් විඳින්න 🍃🍀🌱💚🌻 විශ්වනී 21.10.2023