Перейти к содержимому

රහතන් වහන්සේ ළඟ ප්‍රර්ථනා දෙකක් තිබෙනවා ."මා ලබපු මේ මේ උතුම් ඵලය අනිත් සෑම කෙනෙක් ම ලබත්වා" සහ...

Ranmal Lasantha

0:00 / 0:00

රහතන් වහන්සේ ළඟ ප්‍රර්ථනා දෙකක් තිබෙනවා ."මා ලබපු මේ මේ උතුම් ඵලය අනිත් සෑම කෙනෙක් ම ලබත්වා" සහ...

132 просмотра · 2 года назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
132 просмотра · 2 года назад
Ven Koralayagama Saranathissa Thero - The Buddshist TV - 2023-04-20 Ganaka Moggallana Sutta Explanation - Part 15 ( last part) පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2024-04-20 ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරෙන් - 15 කොටස ( අවසාන කොටස ) චතුරා රක්ෂණ භාවනා කියන්නේ මොනවද මෛත්‍රී භාවනාවෙන් කොහොමද අපි කොහොමද අභ්‍යන්තර බාහිර කායික වේදනා නැති කරගන්නේ කොහොමද මේ ධ්‍යානයට සම වදින්නේ ධ්‍යානයට සම වැදුණ කෙනා ආයෙත් ආයාසයෙන් අරමුණ කෙරෙහි උත්සාහයෙන් බලන්න එපා කියල බුදුරජාණන් වහන්සේ වදාළේ කුමන හේතුවක් නිසාද ? උදාරහණයක් ගතහොත්.. පුරුදු වුණාට පස්සේ නිරායාසයෙන්ම ධ්‍යාන වලට සමවදින්නපුළුවන් නම් එය වඩාත්ම උසස් බව විතක්කය සහ විචාරය කියන දෙක ගැනම කළකිරිලා එහෙම නැත්නම් එය අතහැරලා ධ්‍යාන සුවය කොතරම්ද කියන කාරණාව ධ්‍යාන වලට සමවැදිලා නැති ඔබටත් මටත් තේරෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානයේ සුවය දිව්‍යලෝකයේ සැපයට වඩා සැපවත් බව මාගන්ධිය සූත්‍රය ඇසුරෙන් උදාහරණ දෙවන ධ්‍යානයට සම වැදුන ඒ ධ්‍යානලාභීයාට පළවෙනි ධ්‍යානය ලෙඩක් වගේ දැනෙන බව සඳහන් දෙවන ධ්‍යානයට ගොඩක් කාලයක් සම වැදුණ කෙනාට කාලයක් යනකොට මෙයට වඩා.. ප්‍රඥාවන්ත කෙනා මේ ධ්‍යාන සුවයට ඇලිල ඉන්නේ නැති බව සඳහන් චතුර්ථ ධ්‍යානට සම වැදුණ කෙනාට තමයි මේ කෙළෙස් නැති කරන තැනට යොමු වෙන්න පුළුවන්.. අන්න ඒ ඥාණය ඔස්සේ ගිහින් තමයි නිවන අවබෝධ කරගන්න පුළුවන්. දස සංයෝජන, සංයෝජන කියන්නේ මේවා අපිව හැමතිස්සෙම මේ සංසාරයට බැඳ තබනවා.. සංයෝජන වලින් නැති කරන්න අමාරුම දේ තමයි මේ සක්කාය ධිට්ඨිය කියල. සක්කාය ධිට්ඨිය ආකාර 20ක් තිබෙනවා. විතිකිච්චාව කියන්නේ සැකය, මොනවා පිළබඳ සැකයද, බුද්ධ ආදී 08 තැන් සැකය වෙන කිසිම ශාසනයකින් මේ සංසාරයෙන් මිදෙන්න බැහැ කියන එක බුදුරජාණන් වහන්සේගේ සිංහ නාදයක්. සීලබ්බත පරාමාස කියන්නේ වැරදි සීල වෘත මගේ වචනයට කීකරු හැම කෙනෙක්ම මේ සංසාරයෙන් එතෙර වුණා, මගේ වචනයට කීකරු නොවුණ කෙනා මේ සංසාරයේ බොහෝ කාලයක් ගත කර කර ඉඳීවි.යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.. සට කපටි,සට මායම් කියන්නේ තමන් ගැන වැරදි හංගනවා, තමන්ගේ නැති ගුණයක් ඉස්මතු කරනවා, මුඛරි බව කියන්නේ - කිසිම සංවරයක් නැහැ මුවෙන්.. ඇයි පුද්ගලයන් ඉන්ද්‍රියන් සංවර කල යුත්තේ.. නිදිමතයි බුදිමතයි කියන්නේ දෙකක් කුසට අල්ලන ප්‍රමාණයටම ආහාර වළඳන්න එපා කියල බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද ? භෝජනයේ ප්‍රමාණය දැනගන්න එක බොහෝ වැදගත් නිදි මරන්න පුරුදු වෙන්න ඕන කියල බුදුරජාණන් වහන්සේ වදාළ සේක. කෙනෙක් දවසකට පැය 08ක් නිදාගන්නවා නම් ඒ කෙනා අවුරුදු 60ක් නම් ජීවත් වෙන්නේ, ඒ කෙනා අවුරදු 20ක් නිදාගෙන සංසාරයේ අපිට මේ මනුෂ්‍ය ජීවතේ ලැබිල තිබෙන්නේ වහ වහා පින්කරගන්න අපිට වැඩ වැඩි වෙලා තිබෙන්නේ අපි කාලය කළමණාකරණය කරන්නේ නැති නිසා හරියට රහතන් වහන්සේ ළඟ ප්‍රර්ථනා දෙකක් තිබෙනවා "මා ලබපු මේ මේ උතුම් ඵලය අනිත් සෑම කෙනෙක් ම ලබත්වා, මා මේ ලබපු උතුම් ඵලය ගැන වෙන කිසි කෙනෙකු නොදැන ගනිත්වා යන ප්‍රාර්ථනාවන් " ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න..