හිරු අවරට යන | Hiru Awarata Yana | සුජිත් පී. ජයසූරිය |
Sujith P. Jayasooriya
0:00 / 0:00
හිරු අවරට යන | Hiru Awarata Yana | සුජිත් පී. ජයසූරිය |
89 просмотров · 2 недели назад
Sujith P. Jayasooriya
5 подписчиков
89 просмотров · 2 недели назад
හිරු අවරට යන සැන්දෑ මොහොතේ
පුරුදු යහළුවන් හා මේ දියතේ
වියැළුණු තොල්පට ගල්වන මදු විත
රසට නොවේ දුකටයි තොල ගැටුනේ...
කළුවර හුරු වූ නිදි නැති දෑසේ
කවුරුද අඳුරින් එබිකම් කෙරුවේ
දෙනෝ දහක් පිරි මේ උයන් කොනේ
නුඹ නැති පාළුව පමණයි දැනුනේ
හිරු අවරට යන සැන්දෑ මොහොතේ
පුරුදු යහළුවන් හා මේ දියතේ
වියැළුණු තොල්පට ගල්වන මදු විත
රසට නොවේ දුකටයි තොල ගැටුනේ...
පායා එන සඳ තවම පමාවේ
නේක සුවඳ මුසු දියත තලාවේ
නුඹගේ සුවඳයි අසලම දැනුනේ
නුඹ නැත නුඹ හා සමුගන්නටවේ
හිරු අවරට යන සැන්දෑ මොහොතේ
පුරුදු යහළුවන් හා මේ දියතේ
වියැළුණු තොල්පට ගල්වන මදු විත
රසට නොවේ දුකටයි තොල ගැටුනේ...
Artist: Sujith P. Jayasooriya
Music: Sujith P. Jayasooriya
Lyrics: Sujith P. Jayasooriya