ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය කුමක් ද? | BBC News සිංහල
BBC News සිංහල
0:00 / 0:00
ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය කුමක් ද? | BBC News සිංහල
24 537 просмотров · 18 часов назад
BBC News සිංහල
101 тыс. подписчиков
24 537 просмотров · 18 часов назад
1877දී ඇති වූ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලෝක ජනගහනයෙන් 3%ක් පමණ, එනම් මිලියන 50ක පමණ පිරිසක් මිය ගියේ කෙසේ ද?
ලෝකය තවත් ප්රබල එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක් පිළිබඳ අවධානය යොමුව ඇති මේ මොහොතේ, 1877දී සැබැවින් ම සිදු වූයේ කුමක් ද? ඉතිහාසයේ දරුණුතම දේශගුණික ව්යසනයන්ගෙන් එකක් ලෙස සැලකෙන එම සිදුවීමෙන් අද ලෝකයට ඉගෙන ගත හැක්කේ මොනවා ද?
මේ වීඩියෝවෙන් අපි ඒ පිළිබඳව ඉතිහාසඥයන් සහ විද්යාඥයන්ගෙන් විමසා බලන්නෙමු.
එමෙන් ම, එල් නිනෝ තත්ත්වයක් යනු කුමක් ද, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග අනාගතයේදී මෙවැනි තත්ත්වයන් ඇති වුවහොත් ඒවායේ බලපෑම් කෙබඳු විය හැකි ද යන්නත් විද්යාඥයන්ගේ අදහස් ඇසුරින් පැහැදිලි කරන්නෙමු.
00:00 - මේ ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය වෙන්න පුළුවන්ද?
01:23 - එල් නිනෝ (El Niño) කියන්නේ මොකක්ද?
02:33 - එල් නිනෝ මගින් ලෝකය පුරා කාලගුණයට බලපෑම් කරන්නේ කොහොමද?
02:51 - එල් නිනෝ නිසා බලපෑමට ලක්වෙන කලාප මොනවාද?
03:24 - ‘සුපර් එල් නිනෝ’ (Super El Niño) එකක් කියන්නේ මොකක්ද?
04:57 - 1877 එල් නිනෝ තත්ත්වය කෙතරම් දරුණු ද?
05:43 - එල් නිනෝ මගින් ලෝකයේ ආහාර සැපයුමට බලපෑම් කරන්නේ කොහොමද?
07:21 - දේශගුණික ව්යසනවලින් වැඩියෙන්ම බැටකන්නේ කවුද?
09:02 - දේශගුණික විපර්යාස නිසා එල් නිනෝ තත්ත්වය තවත් දරුණු වෙනවාද?
09:29 - එල් නිනෝ බලපෑම් අඩු කරගන්න රටවලට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?
#elnino #climatechange #elninoexplained #extremeweather
අපගේ නාලිකාව සබ්ස්ක්රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT
------------------------------------------------------------------------------
මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි.
අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්රී ලාංකික සහ ගෝලීය ප්රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්යාව, සෞඛ්යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය.
අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.
ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න:
බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala
ෆේස්බුක් 👉🏽 / bbcnewssinhala
X 👉🏽 https://x.com/bbcsinhala
#BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews