ගංවතුර මැදත් වෙළෙඳාම නතර නොවූ බැංකොක් වතුරේ බැහැගෙන ජනතාව පොළට ආ හැටි... | Ada Derana
Ada Derana
0:00 / 0:00
ගංවතුර මැදත් වෙළෙඳාම නතර නොවූ බැංකොක් වතුරේ බැහැගෙන ජනතාව පොළට ආ හැටි... | Ada Derana
2 983 просмотра · 3 дня назад
Ada Derana
3,93 млн подписчиков
2 983 просмотра · 3 дня назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
ගංවතුර මැදත් වෙළෙඳාම නතර නොවූ බැංකොක්
වතුරේ බැහැගෙන ජනතාව පොළට ආ හැටි...
සති අන්තයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් බැංකොක් නගරයේ ප්‍රධාන මාර්ග රැසකට ගංවතුර තත්ත්වයක් ඇති වුණි.
එලෙස ජලයෙන් යටවූ මාර්ග පිළිබඳ කිසිදු තැකීමක් නොකර අද දිනයේ දී ජනතාව එළිමහන් වෙළෙඳපොළට පැමිණ භාණ්ඩ මිලදී ගන්නා අයුරු රොයිටර්ස් පුවත් සේවය මෙලෙස වාර්තා කර තිබුණි.
ඇතැම් පාරිභෝගිකයන් වෙළඳපොළෙන් මිලදී ගත් භාණ්ඩ පාවෙන ස්ටයිරෝෆෝම් පෙට්ටිවල තබාගෙන ජලය හරහා ගමන් කරන අයුරු ද දැකගත හැකි විය.
අධික වර්ෂාව හේතුවෙන් වාහන ජලයෙන් යටවී ඇති අතර, නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක්ද වසා දැමීමට සිදුව තිබේ.
පසුගිය පැය 48 තුළ මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වීමෙන් පසු, බැංකොක් නගරය ආපදා බලපෑමට ලක්වූ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් බැංකොක් සහ ඒ අවට පළාත් තුනක රාජ්‍ය සේවකයන් සඳහා සඳුදා සහ අඟහරුවාදා විශේෂ නිවාඩු ලබාදීමට තායිලන්ත කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබා දී ඇත.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews