Перейти к содержимому

නැවේ නැගලා Sardegna | කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු ගමනක් | ඉතාලියේ ලස්සනම මුහුදට | Sardegna

Life of KOMI

0:00 / 0:00

නැවේ නැගලා Sardegna | කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු ගමනක් | ඉතාලියේ ලස්සනම මුහුදට | Sardegna

2 390 просмотров · 1 месяц назад
Life of KOMI
2,62 тыс. подписчиков
2 390 просмотров · 1 месяц назад
කාලයක් තිස්සෙ ආසාවෙන් යන්න හිටපු ලස්සන ගමනක ආරම්භය තමා අද ඔයාලා මේ අපේ video එකෙන් බලන්නෙ. අපි අද යනවා ඉතාලියේ ලස්සනම මුහුදෙන් වටවුන මැණිකක් තරම් වටින Sardinia දූපතට. ඉතින් අපි මුලින්ම මේ ගමනට ලෑස්ති වුනා, මොකද මේක එහෙම නිකන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. අපි අද අපේ ගමන්පතය විදියට තෝරාගත්තේ මුහුද. රැයක් එලි කරමින් km බර ගානක් මහ මුහුද මැදින් යන්න තමා මේ ලෑස්තිය. ඒකට අපි කාලෙකට කලින් tickets එහෙම අරන්, යන්නෙ කොහෙද? ඒ ඔක්කොම ලෑස්ති කරන් තමා මේ දවස්ට ඇගිලි ගැන ගැන උන්නේ. ඔන්න ඉතින් ඒ දවස ආවා. ඉවසිල්ලක් නැතුව හිටපු ඒ දවස උදෙන්ම පටන්ගත්තු අපි වෙලාවටත් කලින්ම ගොඩබිමෙන් අපේ ස්පර්ශය නැති කරන ඒ මහ මුහුදු බලවත් සද්දන්තයා හොයාගෙන ගියා. අපි වෙලාවටත් කලින් ගියා වගේම අපිට පුළුවන් වුනා කලින්ම අපිව පැය 12ක දුර ගමනක් එක්ක යන ඒ සද්දන්තය ඇතුලට යන්න. අපි ගියෙ ඒ ලොකුම ලොකු සද්දන්තය මොන වගේද මේ ගමන කොහොම ගමනක් වෙයිද කියන කුතුහලයෙන්. අපි හිතුවටත් වඩා ලස්සන දුර ගමනක ආරම්භය ආවා. අපි ගොඩබිමෙන් ගොඩාක් ඈත්වුනා, මහ මුහුදට ලංවුනා. ඒ අපේ ලස්සනම ලස්සන ගමනාත්තයට ලංවෙන්න. ජීවිතේ පලවෙනි වතාවට අපි මුහුද මැද කෑවා, බිව්වා. ලස්සනම දේ තමා sunset එක. මුහුද මැද්දෙ ඉදලා අපි ඒ මොහොත හරිම ලස්සනට වින්දා. වෙනදාට දකින sunset එකට වඩා ඒ මොහොතෙ මොකක්දෝ අමුත්තක් තිබුනා. ඒක වචන වලින් කියන්න බෑ. ඒකට ඔයාලත් ඒ මොහොත බලන්නම ඕනි. ඉරට මුහුද යටට ගිලෙන්න ලොකු වෙලාවක් ගියා. අපි ඒ මොහත අඩුවක් නැතුව වින්දා. ඉර ගිලුනට පස්සෙ මුලුමනින්ම වටපිටාව අදුරු ගුහාවක ගිලුනා. අපිට තිබුන එකම එලිය අපේ ගමන් වාහනය වුනා. එය විසිතුරු විදුලි පහන්වලින් බැබලුනා, විසුතුරු සංගීත නාද වලින් පිරීගියා. නිදහස් පරිසරයක මේ විදියට රාත්‍රිය ගෙවලා අපිත් ගියා මනසට නිදහසක් දෙන්න. හිතුවටත් වඩා සැප නින්දකින් පස්සෙ අපි නැවක අපේ පලවෙනි රාත්‍රිය ගෙවා නිමකලා. ඒ අපේ නැවේ ගෙවන අන්තිම පැය කිහිපය වගේම අපි ආසාවෙන් නොඉවසිල්ලෙන් හිටපු ඒ ගොඩබිම අපි පේනමානයේ තිබුනා...... අපිත් එක්ක champing කරන්න කැමති නම් දැන්ම අපිට whatsapp 📞 +393272546856 කරන්න. video එක වගේ තවත් ලස්සන videos බලන්න Life of KOMI Youtube channel එක Subscribe කරලා channel එකත් එක්ක එකතුවෙලා ඉන්න. 🥰 Thanks For watching 😊 LIKE / COMMENT / SHARE ❤️ #camping #italy #campinglife #campinghilux #hilux #offroad #hiluxcamper #camper #minicamper #sardegna #campingtips #campingvibes #Italia #srilanka