Перейти к содержимому

Madu Gaga Boat safari | සුන්දර මාදු ගගේ බෝට්ටු සවාරිය

PR Traveller

0:00 / 0:00

Madu Gaga Boat safari | සුන්දර මාදු ගගේ බෝට්ටු සවාරිය

112 просмотров · 6 дней назад
PR Traveller
164 подписчика
112 просмотров · 6 дней назад
මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි. මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්වයි. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළයි. ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ. ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ. මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ. මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.