පුතෙක්ට උපත නොදීම හේතුවෙන් මරණ දඬුවම ලැබූ රැජිනගේ කතාව
R A N G D E
0:00 / 0:00
පුතෙක්ට උපත නොදීම හේතුවෙන් මරණ දඬුවම ලැබූ රැජිනගේ කතාව
1 461 просмотр · 3 дня назад
R A N G D E
5,5 тыс. подписчиков
1 461 просмотр · 3 дня назад
සියළු දෙනා සාදරයෙන් පිලිගන්නවා මගේ YouTube channel එකට, ඉතිහාසයේ අඳුරු පරිච්චේද සොයා යන්න මාත් එක්ක එකතු වෙන්න කැමතිනම්, channel එක Subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා!
1864 අවුරුද්දේදී එංගලන්තයේ තියෙන අත්භූතම අයිතිහාසික ස්තානයක් වන Tower of London එහෙම නැත්නම් ලන්ඩන් කුළුණේදී හරිම අමුතු දෙයක් සිද්දවෙනවා. ඒ තමයි රාත්‍රී මුර සේවයේ හිටිය හමුදා භටයෙක් තනියම රෑ මුර කරමින් ඉද්දි, කළුවරේ මොකක් හරි දෙයක් එයා දිහාවට ඇවිදගෙන එනවා දකිනවා. මුලින්ම එයා හිතුවේ ඒ ගෑනු කෙනෙක් කියලයි, නමුත් ඒ කෙනා ඇඳගෙන ඉඳලා තියෙන්නේ අවුරුදු සියගානකට කලින් ජීවත් උන වංශවත් කාන්තාවක් විදියටයි, ඇය ඒ විදිහේ පරණ ඇඳුමකුත් ඇඳගෙන ඔහු දිහාට හිමින් හිමින් ඇවිදගෙන ඇවිත් තියෙනවා. ඒනිසා ඒ මුර භටයා කෑගහලා ඒ රූපයට නවතින්න කියලා කිව්වත්, ඒක දිගටම ඇවිදගෙන ඇවිත් තියෙනවා. හැබැයි ඒ රූපය තවත් ලං වෙද්දී තමයි ඔහු ඒ රූපය කවුද කියලා හරියටම දකින්නේ, ඒක දැක්ක ගමන් ඔහු භීතියෙන් ත්‍රස්ත වෙලා යනවා, මොකද ඔහු දිහාවට ඇවිදගෙන ආපු ඒ රූපයට ඔළුවක් තිබුණේ නැහැ, ඒ මොනාඋනත් ඕනෑම පුහුණු හමුදා භටයෙක් කරන දේ ඔහුත් ඒ වෙලාවේ කළා, ඒ තමයි තමන්ගේ බයිනෙත්තුව කෙළින්ම ඒ රූපයට එල්ල කරපු එක, නමුත් ඒකෙන් වැඩක් උනේ නැහැ, ඒක හරියට වාතය හරහා යනවා වගේ ඇගේ ඇඟ හරහා ගිහින් තිබුනා, අන්න ඒ මොහොතේම ඔහුගේ ආයුධය දිගේ ආලෝක ධාරාවක් ඇවිත් ඔහුව පිටිපස්සට විසිකරනවාත් එක්කම ඔහු සිහි නැති වෙලා බිම ඇදගෙන වැටිලා තියෙනවා.
ටික වෙලාවකට පස්සෙ නිලධාරීන් ඔහුව හොයාගන්නකොට ඒගොල්ලෝ හිතුවේ ඔහු රාජකාරිය අතරතුර නිදාගෙන හිටියා කියලයි, ඒ නිසා වහාම ඔහුට විරුද්ධව විනය පරීක්ෂනයක් කැඳවනවා. හැබැයි එතකොට තමයි කවුරුවත්ම නොහිතපු දෙයක් සිද්ධ වෙන්නේ, එදා රෑ ඒ හරියේ හිටපු අනිත් හමුදා භටයොත්, නිලධාරීනුත් එකින් එකා ඉදිරියට ඇවිත් කියනවා එයාලත් ඒ හිස නැති රූපය දැක්කා කියලා. ඒ විතරක් නෙමෙයි, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුත් තහවුරු කළා ඔහු ජනේලයකින් මේ මුළු සිද්ධියම බලාගෙන හිටියා කියලා, ඒ කියන්නේ භටයා බයිනෙත්තුවෙන් අනිනවා වගේම ඔහු සිහිය නැතිවෙලා වැටෙනවත් ඔහු දැකලා තිබුණා. ඊට පස්සේ ඒ භටයා මුහුණ දුන්නු දේට කාටවත් හරියට පැහැදිලි කිරීමක් කරන්න බැරි උන නිසා ඔහුට විරුද්දව තිබුන විනය පරීක්ෂනයත් අවලංගු කරලා තියෙනවා. එතකොට කවුද මේ හිස නැති කාන්තාව, අවුරුදු සියගානක් තිස්සේ අදටත් Tower of London එකේ ඉන්න මුර භටයන් රාත්‍රියේදී භීතියට පත්කරන මේ කාන්තාවගේ සත්‍ය කතාව මොකක්ද? අද අපි ඒ ගැන කතා කරමු.
Music Credits - Curse - Mehul Sharma :(under a Creative Commons (CC BY 3.0) license)
#horror #ghost #ghoststory #storytelling #storytime #sinhalakatha