Перейти к содержимому

බෝධි පූජා කවි පෙළ | Bodhi Pooja Kavi | සෙත් කවි | බෝධි වන්දනා කවි

Ceylon AI Vibes

0:00 / 0:00

බෝධි පූජා කවි පෙළ | Bodhi Pooja Kavi | සෙත් කවි | බෝධි වන්දනා කවි

715 просмотров · 4 нед. назад
Ceylon AI Vibes
2,59 тыс. подписчиков
715 просмотров · 4 нед. назад
බෝධි පූජා කවි පෙළ | Bodhi Pooja Kavi ​ශ්‍රද්ධාව සහ භක්තියෙන් පිරි පූජනීය බෝධි පූජා කවි පෙළක් මෙසේ ඔබ වෙත පූජෝපහාරයක් ලෙස තිළිණ කරමු. ​📜 නිර්මාණයේ ඓතිහාසික පසුබිම: මෙම කවි පංතිය, පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් රචිත "බෝධි පූජා සහ සෙත් පිරිත්" ග්‍රන්ථයේ අන්තර්ගත වූවකි. එම ග්‍රන්ථය නිර්මාණය කිරීම සඳහා මෙම වටිනා කවි පංතිය ලබා දී ඇත්තේ මල්වාන, වල්ගම පදිංචි P.A.C. Andeuu මහතා විසිනි. ​🎵 සංගීතය සහ හඬ සංයෝජනය: මෙම පද නිර්මාණයේදී, සම්ප්‍රදායික "නරසීහ ගාථා" ගායනා කරන සන්සුන්, ලයාන්විත සහ ශාන්ත ශෛලිය පදනම් කරගෙන ඇති අතර, ඒ සඳහා නවීන AI (Artificial Intelligence) තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද හඬ සහ සංගීත රටාවන් ද නිර්මාණාත්මක ලෙස ඇතුළත් කර ඇත. ​සිතට මහත් වූ ආත්මීය සුවයක් සහ සැනසිල්ලක් ගෙන දෙන මෙම පූජනීය නිර්මාණයට සවන් දී ඔබගේ සිතද සුපැහැද කරගනිත්වා! Sacred Bodhi Pooja Kavi | Sinhala Buddhist Chanting ​We present this deeply devotional and serene collection of Bodhi Pooja Kavi as a spiritual offering for your inner peace and mindfulness. ​📜 Historical & Literary Background: These verses are sourced from the sacred book "Bodhi Pooja saha Seth Pirith" authored by the most venerable Ven. Panadure Ariyadhamma Thero. This invaluable collection of poetry was originally contributed towards the creation of the book by Mr. P.A.C. Andeuu from Malwana, Walgama. ​🎵 Vocal & Musical Fusion: The presentation of these verses adopts the tranquil, rhythmic, and peaceful chanting style of the traditional "Narasiha Gatha". To bring this ancient vocal art into the modern era, cutting-edge AI (Artificial Intelligence) technology has been creatively utilized to generate the smooth vocals and atmospheric musical arrangement. ​May this sacred creation bring immense solace, comfort, and blessings to your mind and soul. ​🎵 Content Details: ​Book Source: "Bodhi Pooja saha Seth Pirith" by Ven. Panadure Ariyadhamma Thero ​Poetry Contributor: Mr. P.A.C. Andeuu (Malwana, Walgama) ​Vocal & Music Style: Narasiha Gatha Chanthig Style (Enhanced with AI) ​Genre: Buddhist Devotional / Meditation Music ​❖ May All Beings Be Well and Happy! ❖ ​(Please Like, Share, and Subscribe to stay tuned with our channel for more spiritual content.) ❤️❤️❤️පෝධි පූජා කවි මාලාව❤️❤️❤️ සම්බුදු හිමිට සෙවනක් වුන බෝ රජුට මේ මල් පුදන්නේ සමිඳුන්ගේ නමට බුදු හිමි කියා දුන් ඒ මහ ගුණ කඳට පළමුව වදිමි බෝ සමිදුන්ගේ නමට බුද පුද ලබාගත් සොඳ මේ බෝ රුකට මේ පුද කරන්නේ පිලියෙල කර සොඳට සියළුම අපල දුරු කරවා දෙන ලෙසට සහනය සලසන්න බෝ රජුනේ මෙමට අන්තිම සැපයි බෝ සමිඳුගෙ සෙවන යට මම අසරණයි වෙන්නකො සමිඳුනි පිහිට සියළුම අපල දුරු කරවා දෙන ලෙසට වැඳ වැඳ කියමි පින් ඇති බෝ සමිඳුන්ට දෙවියන් බඹුන් වදිනා පුදනා බෝධි කොපමන වැඳුම් පිදුවත් මගෙ හිතට මදි දැල්වෙන පහන් ආලෝකය සිතෙහි රැඳි බුදු හිමි පෙනේවා දෙනෙතට බෝ මැඬදි බෝ පත් සවන් සිලි සිලි හඬ ඇසෙන විට මට සිහි වන්නේ බෝ සමිඳුගෙ සතුට ඉද වැලි තලාවේ බෝමැඬ සෙවන යට තෙල් මල් පුදා වදිනෙමි බෝ සමිඳුන්ට බෝ සමිඳුන්ගේ මහ ගුණ කඳ මෙනෙහි කොට මගෙ දුක කියන්නේ සමිඳුගෙ සෙවන යට සිසිලක් වෙලා මගේ දුක නිවනා ලෙසට අයදිමි නැමඳ මේ ලෙස බෝ සමිදුන්ට මඳ සුළඟට ලෙලදෙන බෝ පත් සෙවනේ ඉදගෙන කියමි මට පිහිටක් වෙන ලෙසිනේ මහමෙවුනා උයනේ රෝපිත බෝ රජුනේ මට සිසිලක් ගෙන දී මේ බෝ සෙවනේ සිලි සිලි හඬ ඇසෙන විට බෝ සෙවන යට ගෙනදෙයි සහනෙ මාගේ මේ අපල යට සිටිනා විටදි බෝ සමිඳුග සෙවන යට මගෙ දුක නිවෙයි ලැබ මින් සමිඳුගෙ පිහිට බුදු හිමි නෙතින් පුද ලැබුවා බෝ සමිඳේ තේජස් බවක් ඇති බව වැටහී නිබ ඳේ පිහිටක් අයැද මා අද කරදර මැද් දේ බෝ සමිඳුටයි මගේ දුක කියලා වැන් දේ ​🎵 Content Details: ​Original Poetry Source: "Bodhi Pooja saha Seth Pirith" Book by Ven. Panadure Ariyadhamma Thero ​Contributor: Mr. P.A.C. Andeuu (Malwana, Walgama) ​Vocal & Music Style: Narasiha Gatha Chanting Style (Created using AI Technology) ​Theme: Sinhala Buddhist Devotional / Bodhi Pooja Kavi ​❖ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! ❖ ​(Like, Share & Subscribe කර අපගේ නාලිකාව සමඟ රැඳී සිටින්න.) #BodhiPoojaKavi #SinhalaBuddhist #NarasihaGatha #PanadureAriyadhammaThero #AIBuddhistSong #MeditationMusic #SriLanka