කම්බිලි - කරුප්පු වහපන් | Simple Selections 🫀
Simple Selections
0:00 / 0:00
කම්බිලි - කරුප්පු වහපන් | Simple Selections 🫀
1 095 просмотров · 2 месяца назад
Simple Selections
77 подписчиков
1 095 просмотров · 2 месяца назад
පද පෙළ - ආචාර්ය ප්‍රෙඩි මානවඩු
හැඩ වැඩ - උවිදු මනරුවන්
#song #sinhala #sinhalasongs #singing
කඩුවත් දකුණු අතින්
ගුවනට මුසු කරමින්
වමතින් මුගුර අරන්
සතුරු බලබිදින්න
වාජී පිටින් එන්න
වැව් බණ්ඩාරගෙ කම්බිලි .............
කළු කම්බිලි
හද කම්බිලි
මල් කම්බිලි
හැඩ කම්බිලි
ලේ කම්බිලි
බහිරව කම්බිලි
ගොපළු කම්බිලි ...
අරුවාලේ දකුණු අතින්
මීසෙයි උඩට තියන්
වමතින් මුගුර අරන්
දඩයම් බල්ලා තියන්
කුදිරෛ පිටින් එන්න
අයියා කරුප්පු සාමී
මුතුකරුප්පු
මාලෛකරුප්පු
වෙට්ටුකරුප්පු
පෙරියකරුප්පු
සින්න කරුප්පු
සංගිලි කරුප්පු
සන්යාසි කරුප්පු ...........
කඩුවත් දකුණු අතින්
මහ රූ අභිමානෙන්
වමතින් උසට උඩින්
නිසලව තරාදියෙන්
දෑසම වසා සිටින
නීති දේවතාවියේ ............
පැමිණිල්ලට
විත්තිකරුට
දඩුවමකට
සමබරතා
සනාථතනය
සැමට සමව සලකන්නට ..........
ඒ කෙල්ලව නිදහස් කොට
සද්ද දමන විත්තිකරුව
වැරදියටම පෙනීයන්න මිරිස් අඹරපන්
පිළිමෙම ගාපන්
කළු ලෝගුව
අඳින උන්ට
මිනිස් වෙසක්
අරන් එන්න
කරුප්පු වහපන් ..... ///
කම්බිලි වහපන් ...........///