SOORIYAKANDA Sri Lanka | Travel VLOG
Travel Bee
0:00 / 0:00
SOORIYAKANDA Sri Lanka | Travel VLOG
2 890 просмотров · 4 года назад
Travel Bee
3,45 тыс. подписчиков
2 890 просмотров · 4 года назад
සබරගමුවේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන නම් නගරයේ සිට සූරියකන්ද හරහා දෙනියායට ඇති මාර්ගය ගැන කතා නොකරම බැරි තරම් ය.එහි තැනින් තැනට මනරම් ස්ථාන දැකිය හැකි අතර වංගු දහය කියන්නෙ වඩාත් සිත් මනබඳිනා ඉසව්වක්.
ඈත අතීතයේ මෙහෙම වංගු දහයක් තිබිලා නෑ වගේම රක්වානෙන් සූරියකන්දට ලඟාවීමට මාර්ගයක් තිබිලා නෑ. කෑලෑ පාරවල් පාවිච්චි කලා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ සුදු ජාතිකයෙකුගේ කරත්තයක රෝදයක් මේ කැලේ තිබිලා හොයාගන්න ලැබිලා තියන හින්දයි.
අපි අදටත් සුන්දරත්වය විඳින වංගු දහයක් සහිත මාර්ගය සුද්දාගේ කාලේ අනගි නිර්මාණයක්. ජනාප්‍රවාද රැසක් තිබ්බත් පිලිගත් කතාව තමයි මේ ගමන් මාර්ගය හදන්න මුලපුරලා තියෙන්නේ සුදු ජාතික ඉංජිෙන්රුවරියක්. නැත්තම් ඉංග්‍රීසි ජාතික කාන්තාවක්.
අවසානයේ වංගු දහය සහිතව ඒ පාර හදලා තියනවා සුද්දාගේ කාලේ. කාලයත් එක්ක ස්වභාවධර්මය මේ පාර අවට මනහර ලෙස නිර්මාණය කරලා තියනවා කියලා අද මේ පාරේ යන කෙනෙක්ට තේරුම් යයි.
අවුරුදු හතළිහකට පමණ පෙර මේ වංගු දහය නිතරම ජලයෙන් සේදෙන තරමට ජල උල්පත්, ජල ප්‍රභව මේ පාර පුරාවටම විහිදී තිබිලා තියනවා. කාලයක් එක්ක මේ වංගු අතර ෆයිනස් වගාව සිදුකිරීම හා ෆයිනස් ගහණය වැඩිවීමත් එක්ක කලින් පැවතුන ජල උල්පත් කෙමෙන් කෙමෙන් සිඳී යන්නට ඇති. නමුත් අදටත් ජල උල්පත් රැසක් මේ වංගු අතර දක්නට ලැබෙනවා.
ඒ ෆයිනස් ගස් සමූහය වංගු දහයට එක්කරන්නේ භයංකාර සුන්දරත්වයක්. ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරා බොහෝ විට වංගු දහය අතරෙ ඇති ගස් මතින් සැරිසරන අතර එය දැකීම නෙතට සතුටක්. සිංහරාජ වන අඩවිය සමීපයේ පිහිටි මේ ඉසව්ව නිතරම මීදුම් සළු දවටාගෙන සිටින අතර වටිනා ශාක , සත්ත්ව සම්පත් බොහොමයක් සඟවා, ආරක්ෂා කරගෙන සිටින ස්වාභාවධර්මයේ දායාදයක්. තම පෞද්ගලික වාහනයක මේ පාර හරහා යනවනම් නොනවත්වා යාමට හිත නොදෙන තරම් සුන්දරත්වයෙන් අනූන මෙහි මංගල ඡායාරූප ගන්නත් දැං හරි ප්‍රසිද්ධයි.
පලවෙනි වංගුවට පිවිසෙන්නට පෙර හමුවන්නේ බාරවත්ත නම් ග්‍රාමයයි. ඒ අසලින් තවත් සුන්දර ගමනාන්තයක් වන නාවින්න නම් ප්‍රදේශයට පිවිසුම සටහන් වෙනවා.
එක, දෙක, තුන යන මුල් වංගු අතර දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.
හතරවන වංගුවේ නැවතී සුන්දරත්වය නැරඹීමට අමතක කරන කෙනෙක් නැති තරම්. ඊට හේතුව එහි ඇති මනබන්ඳන දර්ශනය. රක්වාන නගරයේ බොහෝ තැන් මෙන්ම අවට ගම්දනව් රැසක් මෙතනට අපූරුවට බලාගන්න පුළුවන්. තුන්වන සහ පස්වන වංගු වලදී දිය ඇල්ලක පහස ලබන්නත් සංචාරකයන්ට පුළුවන්. ඒ දිය ඇල්ල සිංහරාජ වනාන්තරයෙන් පැන නඟින ගල්දොළ ඇල්ලේ එක් අතු ශාඛාවක්.
හය සහ හත වංගු අතර පෞද්ගලික නිවාස කිහිපයක් ඇති අතර මෙහිදී සංචාරකයන්ට උණු උණුවෙන් තේ කෝප්පයක රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා. හතේ වංගුව කිව්වාම මතකෙට එන්නෙ භාවනා මධ්‍යස්ථානය.
ඒ අවට පරිසරයේ සුන්දරත්වය කියන්නට නම් වෙනමම ලිපියක් ගෙන එන්නම වෙනවා. අට, නවය, දහය වංගු සාපේක්ෂව වැඩි දුර පරතරයකින් පිහිටන අතර ගුප්ත බවින්ද වැඩි යැයි හැඟෙනවා. මෙහි ඇවිද යන කෙනෙක් ෆයිනස් මලක් ඇහිඳින්න, එහි ජායාරූපයක් ගන්න නම් අමතක කරන්නේ නෑ.දහවන වංගුවේ අවසානය කඩමුදුන නම් සුන්දර ගමකට ආරම්භය සනිටුහන් කරනවා.
අවසානයට සංචාරක ඔබගෙන් ඉල්ලන්නෙ මෙහි සුන්දරත්වය විඳින්න ඔබට හැකිවුණා සේම මතු පරම්පරාවට එය නොකැලැල් දායායක් ලෙස ඉතිරි කිරීමට උත්සාහ ගන්න. ගෙන යන සියල්ල ආපසු රැගෙන එන්නට වගබලා ගන්න. පියසටහන් පමණක් එහි ඉතිරි කර එන්න.
@travelbee1034 #travel #Sooriyakanda #hiking