Saptha Swarayai (සප්ත ස්වරයයි) - Roony | Lyric Video
Chamu Music
0:00 / 0:00
Saptha Swarayai (සප්ත ස්වරයයි) - Roony | Lyric Video
4 000 просмотров · 7 дн. назад
Chamu Music
143 подписчика
4 000 просмотров · 7 дн. назад
yric video for Sanda Mithuri (සඳ මිතුරි) by Kasun Kalhara.
NOT just another plain text lyric video.
Hit the 🔔 icon to stay updated with new uploads!
Lyrics:Hasitha Vithanage
Music & Melody:Nayana Karunayake
Artist:Indika Ruwan-Roony
LYRICS
නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩින දෙව්ලියේ...
රත තඹර මල් සුවඳ විහිදා
බිඟුන් හමනා ඈ වටා..
ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙනවිට
දැනෙන - දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්…
සප්ත ස්වරයයි - සුවඳ හමනා...
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා…
හිත පුරා විසිරි මුතුලතා..
ඉහිරුනා රුවැති හද පතා..
හීන මුසු වුනු පාට තැවරුනු
දෑස අභියස නැවතිලා..
ඇගෙ නිකිනි සිනහ මල් - කිනිති සැලෙන විට
දැනෙන - දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදේ මම
සිහින - සිහින වින්දෙම්…
සප්ත ස්වරයයි - සුවඳ හමනා..
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා..
මෙපුර සුරඹ නද විදිමි විදිමි ඇගෙ
මුව මතින් වයන රිද්මයේ..
නීල අඹරේ තුහින මල් වැල්
තෙමෙනවා මා ආදරෙන්..
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙනවිට
දැනෙන - දැනෙන හැඟුමන්...
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්…
සප්ත ස්වරයයි - සුවඳ හමනා..
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා..