සාලා සූත්‍රය - පළමු දේශනය - පූජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
Sarathi
0:00 / 0:00
සාලා සූත්‍රය - පළමු දේශනය - පූජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
729 просмотров · 1 месяц назад
Sarathi
5,56 тыс. подписчиков
729 просмотров · 1 месяц назад
https://tipitaka.lk/sn-5-3-1-4
#saalaasutta #panadurechandarathanathero
සාලා සූත්‍රය - මෙම සූත්‍රය දේශනාවන් තුනකින් සමන්විතය.
. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, අලුත පැවිදි වූ ළඟ දී මෙසස්නට පැමිණි යම් ඒ නවක භික්‍ෂූහු වෙත් නම් මහණෙනි, ඒ භික්‍ෂූහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සතරක් ද යත්: ඇවැත්නි, එව තෙපි කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව කය තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව වේදනාවන් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. සිත්හි සිත් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සිත තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙ වු. දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව දහම් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු.
🌻මෙම උතුම් දේශනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ, පුජනීය පානදුරේ චන්දරතන හිමිපාණන්ව පාද නමස්කාර පුර්වකව වන්දනා කරමු. තව තවත් උන්වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් පවත්වන්නට කායික හා මානසික ශක්තිය, එමෙන් ම ධර්ම ඥාණය ද දිනෙන් දින දියණු වේවායි පතන්නෙමු. කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, සියළු කෙළෙසුන් කෙරෙන් දුරු වී පරම ගම්භීර චතුර්ය්‍ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවායි පතන්නෙමු.🙏🙏🙏
🌼දේශනාව සංවිධානය කල සැමට, ඊට දායක වූ සැමට, මේ අයුරින් පටිගත කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කෙළවර සසර දුක් අවසන් කර ගැනීම පිණිසම මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි පිං අනුමොදන් කරමු🙏🙏🙏