සක්ඛිභබ්බ සූත්‍රය - තෙවන දේශනය - පූජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
Sarathi
0:00 / 0:00
සක්ඛිභබ්බ සූත්‍රය - තෙවන දේශනය - පූජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
373 просмотра · 3 нед. назад
Sarathi
5,64 тыс. подписчиков
373 просмотра · 3 нед. назад
https://tipitaka.lk/an-6-2-2-7
#sakkibhabbasutta #panadurechandarathanathero
සක්ඛිභබ්බ සූත්‍රය - මෙම සූත්‍රය දේශනාවන් පහකින් සමන්විතය.
මහණෙනි, දහම් සයෙකින් සමන්වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි, මහණ, ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි තත් වූ පරිදි නො දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්මය හ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. නො සකස් කොට කරණුසුලු ද වෙයි. අපථ්යකරුණු කරණසුලු ද වෙයි.
මහණෙනි, මෙ සදහමින් සමන්වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්රත්යක්ෂ භාවයට පත්වීමට අභව්‍ය වේ ය යි.
මහණෙනි, ධර්ම සයෙකින් යුත් මහණ කරුණු ඇතිවත් ම එ එ විශේෂ ගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්-මහණෙනි, මෙ සස්නෙහි යුත් මහණ ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. සකසා කරණ සුලුයේත් වෙයි. සත්ප්රායකාරීත් වේ.
🌻මෙම උතුම් දේශනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ, පුජනීය පානදුරේ චන්දරතන හිමිපාණන්ව පාද නමස්කාර පුර්වකව වන්දනා කරමු. තව තවත් උන්වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් පවත්වන්නට කායික හා මානසික ශක්තිය, එමෙන් ම ධර්ම ඥාණය ද දිනෙන් දින දියණු වේවායි පතන්නෙමු. කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, සියළු කෙළෙසුන් කෙරෙන් දුරු වී පරම ගම්භීර චතුර්ය්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවායි පතන්නෙමු.🙏🙏🙏
🌼දේශනාව සංවිධානය කල සැමට, ඊට දායක වූ සැමට, මේ අයුරින් පටිගත කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කෙළවර සසර දුක් අවසන් කර ගැනීම පිණිසම මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි පිං අනුමොදන් කරමු🙏🙏🙏