Перейти к содержимому

සූර්ය බලයෙන් ලංකාව ගොඩගන්න පුළුවන්ද? මුදල් හොයන හැටිත් මෙන්න! | අශෝක අබේගුණවර්ධනගේ හෙළිදරව්ව

Deep Dive With Anu и රටට හෙටක් - Ratata Hetak

0:00 / 0:00

සූර්ය බලයෙන් ලංකාව ගොඩගන්න පුළුවන්ද? මුදල් හොයන හැටිත් මෙන්න! | අශෝක අබේගුණවර්ධනගේ හෙළිදරව්ව

2 998 просмотров · 20 ч назад
Deep Dive With Anu и රටට හෙටක් - Ratata Hetak
2 998 просмотров · 20 ч назад
එක මොහොතකින් මුළු රටම අඳුරේ වැටෙනවා. නිවාස, කර්මාන්තශාලා, රෝහල්, ව්‍යාපාර — සියල්ලටම ඒ අඳුර බලපානවා. නමුත් මේ රටේ විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය සූර්යාලෝකයත් තිබෙනවා. සුළඟත් තිබෙනවා. ජල සම්පතත් තිබෙනවා. එහෙම නම් අපි තවමත් විදුලි අර්බුදයක සිරවෙලා ඉන්නේ ඇයි? ප්‍රශ්නය අපේ ස්වාභාවික සම්පත්වලද? තාක්ෂණයේද? නැත්නම් දශක ගණනාවක් තිස්සේ ගත් වැරදි ප්‍රතිපත්තිමය තීරණවලද? සූර්ය බලයෙන් රටේ විදුලි අවශ්‍යතාවෙන් වැඩි කොටසක් සපුරාගන්න ඇත්තටම බැරිද? එහෙම කරන්න පුළුවන් නම් ඒ සඳහා කොපමණ මුදලක් අවශ්‍යද? ඒ මුදල් අපි සොයාගන්නේ කොහොමද? අද Deep Dive With Anu තුළින් අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණ විශේෂඥ අශෝක අභයගුණවර්ධන මහතා සමඟයි. අපි අද කතා කරන්නේ විදුලිය බිඳවැටුණේ ඇයි කියන එක ගැන විතරක් නෙමෙයි. නැවතත් මේ රට අඳුරේ නොවැටෙන තැනකට ගෙනියන්නේ කොහොමද කියන එක ගැනයි.