Перейти к содержимому

අමානුශික ඝාතනයක් පිටුපස සැගවුනු සැබෑ අරමුණ! | Disturbing Case of Bobbie Jo Stinnett

Dark Files Originals

0:00 / 0:00

අමානුශික ඝාතනයක් පිටුපස සැගවුනු සැබෑ අරමුණ! | Disturbing Case of Bobbie Jo Stinnett

5 590 просмотров · 3 месяца назад
Dark Files Originals
1,98 тыс. подписчиков
5 590 просмотров · 3 месяца назад
බොබී ජෝ ස්ටිනෙට් (Bobbie Jo Stinnett) යනු ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ජීවත් වූ, සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටි 23 හැවිරිදි අටමස් ගැබිනියකි. ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා සිය නිවසේදීම සුනඛයන් බෝ කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර 2004 දෙසැම්බර් 16 වන දින පස්වරුවේ බොබී දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා, ඒ පිළිබඳව විමසිලිමත් වූ ඇගේ මව වන බෙකී හාපර් (Becky Harper) ඇගේ නිවසට ගොස් මේ ගැන සොයා බලන්න තීරණය කලාය. එහිදී ඇය සිය දියණිය ලේ විලක් මැද වැටී සිටින බිහිසුණු දර්ශනයක් දුටු අතර ඇය ඉක්මනින් හදිසි ඇමතුම් අංශ වලට මේ පිළිබද දැනුම් දෙන ලදී. මේ මරණය ඝාතනයක් බව තහවුරු වීමෙන් පසුව මේ අපරාධය පිටුපස සැගවුනි බිහිසුණු අභිරහසක් අනාවරණය විය.