Перейти к содержимому

මෙහෙම බිත්තර හදල තියනවද ? | The Way I Cook My Sri Lankan Egg curry

Ish Cooks

0:00 / 0:00

මෙහෙම බිත්තර හදල තියනවද ? | The Way I Cook My Sri Lankan Egg curry

529 просмотров · 3 дня назад
Ish Cooks
6,48 тыс. подписчиков
529 просмотров · 3 дня назад
හරියටම ශ්‍රී ලංකා විදිහට හදන බිත්තර කරියක්! 🥚🌶️🥥 තම්බපු බිත්තර, බැදපු කුළුබඩු, ලූණු, සුදුළූණු සහ පොල් කිරි එක්ක හදන සුවඳින් පිරුණු රසවත් කරියක්. සරලයි, ගෙදර කෑමක රසයි, උණු උණු බත් එක්ක පොල් සම්බෝලයක් සමඟ නම් හරිම රසයි! 🇱🇰❤️ අවශ්‍ය ද්‍රව්‍ය ලොකු ලූණු ගෙඩියකින් ½ක් ඉඟුරු/සුදුළූණු පේස්ට් මේස හැඳි 2ක් රම්පේ කරපිංචා තක්කාලි ගෙඩියකින් ½ක් කරි පවුඩර් මේස හැඳි 3ක් කහ තේ හැඳි 2ක් (එක තේ හැන්දක් මුලදී) මිරිස් කුඩු මේස හැඳි 2ක් (එක මේස හැන්දක් මුලදී) අමු මිරිස් 2ක් අබ තේ හැන්දක් උළුහාල් තේ හැන්දක් එනසාල් 4ක් කුරුඳු පොතු කැබැල්ලක් බිත්තර 6ක් පොල් කිරි කෝප්ප 1½ක් බැදපු කරි පවුඩර් මේස හැන්දක් (අවසානයට) රස අනුව ලුණු සහ ගම්මිරිස් සම්පූර්ණ පිසීමේ ක්‍රමය සඳහා වීඩියෝව බලන්න. සටහන: මම ජීවත් වෙන තැන නැවුම් පොල් කිරි හොයාගන්න හැම වෙලාවෙම ලේසි නැහැ. ඔයාලට හොඳ නැවුම් පොල් කිරි හොයාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරන්න. එහෙම කළොත් මගේ එකටත් වඩා ඔයාලගේ කරිය රසට එනවා කියලා මට විශ්වාසයි! 😊 #srilankanfood #srilanka #food #viral #youtubeseo #lankanfood #curry #srilankancurry