Binaramalee Ekka Enna - බිනරමලී එක්ක එන්න - KARAOKE - Rohitha Wijesooriya and Chorus
සිංහල SINHALA ORIGINAL KARAOKE
0:00 / 0:00
Binaramalee Ekka Enna - බිනරමලී එක්ක එන්න - KARAOKE - Rohitha Wijesooriya and Chorus
47 547 просмотров · 10 мес. назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
10 тыс. подписчиков
47 547 просмотров · 10 мес. назад
තනුව සහ සංගීතය: රෝහිත විජේසූරිය
පද රචනය: රංජිත් හේවාබටගේ
මුල් ගායනය: රෝහිත විජේසූරිය සහ පිරිස
Melody and Music : Rohitha Wijesuriya
Lyrics : Ranjith Hewabatage
Original Singers : Rohitha Wijesuriya and Chorus
බිනරමලී බිනරමලී
රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වලා සේල ඇඳ
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ..
වන සපු මල් පිපී සුවඳ තීරු පෙරෙනවා
ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
බිනරමලී සිනාසුණා මතකයි යන්තම්
මල්පෙති ඇමුණුවා වගෙයි වැලකට රන්දම්
නෙරිය තබා ඉඟ නළවන ගමනෙහි අන්දම්
සඳ පෑව්ව වගෙයි වැටට උඩිනුත් පන්දම්
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
ඉර පායා රැස් විහිදා මුදුනට එන කොට
සඳකත් පිනිදිය ගලලා රැයක් ගෙවෙන කොට
මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එන විට
බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
පීරා පිට මැදට හෙළූ වරලේ රැල් රැල්
තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
කණේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
සුදු බංඩගෙ පැලේ තමයි බිනරී හැම කල්
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
ගොයම් නෙළුමෙ කවි සීපද බිනරි කියන විට
කොවුල් හඬක් තවත් මොටද මුවන්පැලැස්සට
බියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වලා ගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාලිගාව බිඳී වැටුණදෝ
මටත් හොරෙන් බිනරමලී දීග ගියාදෝ
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ...