යුක්තියෙ ප්‍රභාව | Yukthiye Prabhawa | Hymn Commemorating the Easter Attack | Sinhala Catholic | NEW
Hymns of His Lambs
0:00 / 0:00
යුක්තියෙ ප්‍රභාව | Yukthiye Prabhawa | Hymn Commemorating the Easter Attack | Sinhala Catholic | NEW
42 просмотра · 4 дня назад
Hymns of His Lambs
189 подписчиков
42 просмотра · 4 дня назад
Welcome to Songs of His Lambs 🐑✨
අහෝ සර්වේශ වූ ත්‍රීත්ව-ඒක දෙවි ස්වාමිණී..
සකල යුක්තියේ අග්‍ර වූ විනිසුරු ඔබවහන්සේ නොවේද?
පරම සත්‍යයේ ඒක වූ ප්‍රත්‍යක්ෂයත් ඔබවහන්සේම නොවේද?
යුක්තිය උදෙසා පවසින් මොර දෙනා,
සත්‍යය වෙනුවෙන් සාගිනිව යදිනා,
ඔබ ජන අයැදුම් අහක නොහෙලනු මැනව!
අධම මුර්ගයෝ අප ආදරණීයයන් පැහැර ගත්හ!
අප දෑස් මත්තේහී, උන් කීතු කීතු කොට ඉරා මරා දැමූවේ අපේම මව් පිය දරු සොහොයුරන් නොවේද?
එනමුත් පර්වතයක් බඳු වූ අප විශ්වාසය සොලවන්නට උන්ට නොහැකි විය. අප ඇදහිල්ලෙහි එක පිල්ලමක්වත් ගලවන්නට උන්ගේ පිපිරුම් මදි විය!
ඒ හෙයින් ස්වාමීණී, දැඩි බලාපොරොත්තුවෙහිද, විශ්වාසයෙහි ද, ඇදහිල්ලෙහි ද, අපි ඔබෙන් "යුක්තිය" පමණක් යදිනෙමු!
අපි කිසිත් එ මුර්ගයන් හට නීච දඬුවම් අපි නොපතමු.
පාදඩ නිවට-නියාලු දේශපාලනයේ,
අතකොළු වූ අවථාවාදී තුරුම්පු ද,
සීතල කාමර තුළ ඇඳි භයානක පිඹුරුපත් ද,
මුග්ධ අධම ආගමීක මූලධර්මවාදීන් ගේ අශිෂ්ට විශ්වාසයන්ද,
උන්ගේ අන්ධ-භක්තිකවූ තකතීරු හැසිරුම් ද,
ඔබවහන්සේ ඉවසූයේ කෙසේදැයි අපි නොදනිමු.
එහෙත්, "උන් කළ දේ උන් නොදනිත්", යැයු
ඔබ පුත කී සේ, අපි ද උන් හට සමාව නොදේ නම්,
අප අදහන්නාවූ කිතුන් දෙසූ දමේහි ඇති හරය කිම.
එනමුත්, යළි කිසිදා මේ මිහිපිට,
එවන් ඛේදාන්තයක් නොලියවේවායි
අපි ඔබවහන්සේගෙන් දැඩි සේ අයදින්නෙමු!
මන්දයත්, අප විඳි ඒ වේදනාවේ තරම අපි දනිමු!
ඒ කර්කෂ මොහොතෙහි අඳුරු සේයාවන්,
අමතක කරන්නට අපට බැරිය.
එදා ඔබ අබියස ශුද්ධ මන්දීරයන් හී,
ලෙයින් පෙඟී, ජීවය සුන්වී, සුන්බුන් වී ගිය අප දයාබරිතයන් ගේ ඡායාවන්
අප දෙනෙතෙහි තවමත් මැකී නැත!
තවද, මරණ මංචකයේහි බියෙන් සලිතව,
විකලෙන් පණ යැදි අප ප්‍රියයන්ගේ අඳෝනා ද
අප දෙසවන් හී තවමත් රැව් දෙයි.
ඒවා කිසිදා අමතක වන්නේ නම් නැත!
අමතක කරන්නටත් බැරිය!
ඒ හෙයින් ස්වාමිණී..
අඳුරු තිමිර පට රකිනා, කොත් මුල සැඟවූ ඒ,
සත්‍යයෙ ගිගුරුම් සක්වල දෙදරා..
යුක්තියෙ ප්‍රභාව දස අත දල්වා..
මෙ ලක් බිම ඔබ කිතු දරු යදිනා,
සත්‍යය හෙළි කොට, යුක්තිය පසිඳලන සේ
අපි ඔබගෙන් උදක්ම ඉල්ලා සිටිමු!
මේ යැදුම ඔබවහන්සේ අසනා මෙන්,
ඔබගේ පුත් කිතු කුමරුන් නාමයෙන් අපි පතමු.
ආමෙන්!
We present a poignant Sinhala Catholic hymn seeking truth and divine justice for the victims of the Easter Sunday attacks. Grounded in Christian forgiveness rather than vengeance, this solemn supplication cries out to the righteous Judge to unveil hidden truths and bring comfort to grieving hearts across Sri Lanka.
May this moving hymn strengthen your faith, bring solace to all affected families, and unite us in asking the Lord for peace and justice.
If this prayerful hymn touched your heart, please Like, Share, and Subscribe to Songs of His Lambs.
Lyrics & arrangement: Sam De Muse