යම රජ්ජුරුවෝ කියන්නේ වේමාතික ලෝකයේ ඉපදුණ දෙව් රජ කෙනෙක්. වේමාතික කියන්නේ ප්රේත ලෝකයක්..
Ranmal Lasantha
0:00 / 0:00
යම රජ්ජුරුවෝ කියන්නේ වේමාතික ලෝකයේ ඉපදුණ දෙව් රජ කෙනෙක්. වේමාතික කියන්නේ ප්රේත ලෝකයක්..
528 просмотров · 2 г. назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
528 просмотров · 2 г. назад
Ven Matara Mahinda Thero - Neth FM Dharma Dakshina - 2024-04-21
Dewadutha Sutta Explanation - Part 01
පූජ්යපාද මාතර මහින්ද ස්වාමීන්ද්රයන් වහන්සේ නෙත් FM ධර්ම දක්ෂිණා 2024-04-21
මජ්ඣිම නිකායේ සඳහන් වෙන දේව දූත සූත්රය ඇසුරෙන් - 01 කොටස
භාග්යවතුන් වහන්සේගේ මසැස කොයිවගේද කිව්වොත්, චතුරංග සමන්නාගත අන්ධකාරයේ යොදුනක් දුර තිබෙන දෙයක්
අමාවක රාත්රී දවසක අහස වැහි වලාකුළු වලින් බර වෙලා තිබෙන මහා ඝන වනයක තල ගොඩක් ගොඩ ගහල තිබෙනවා, යම් කෙනෙක් මේ තල ගොඩින් මේ තල ඇටයක් අරගෙන සළකුණක් දමලා මේ තල ගොඩට විසි කරාම භාග්යවතුන් වහන්සේ යොදුනක් දුරක සිට වැඩම කරලා සළකුණු කරපු තල ඇටය කිසිම සෙවීමක් මහන්සියක් නොවී කෙලින්ම ඒ තල ඇටය අරගෙන පෙන්නන්න පුළුවන්.
එතකොට භාග්යවතුන් වහන්සේගේ දිවැස කොහොමද, පිංවතුනි බුදුරජාණන් වහන්සේගේ දිවැස ගැන කතා කරොත්..
ධර්ම දේශණාව ශ්රවණය කරන්න
කෙනෙක් ඉන්නවා, කයෙන් වචනෙන් දුසිරිත්, තුන් දොර අසංවරයි. මිථ්යා දෘෂ්ටික කර්මයේ යෙදෙනවා සමාදන් වෙලා ඉන්නවා , ආර්ය උපවාදය සිදු කරනවා අන්න ඒ කෙනා මරණින් පස්සේ..
මොකද්ද මේ ආර්ය උපවාදය කියන්නේ, ආර්යයන්ට උපවාද කරන එක. අද බලන්න මේ ආර්ය උපවාදය නම් බොහෝ සිදු වෙන බව පේනවා..
ආර්යය උපවාදය කියන කාරණාව අතිශය භයානක පාප කර්මයක්. මොකද එහෙම කියන්නේ..
අඥා කොණ්ඩඥඥ මහා තෙරුන් අවුරුදු 12ක් හිමාල පර්වතයේ ඉඳල පිරිණිවන් පාන්න කාලය එළඹුණා බුදුරජාණන් වහන්සේ ලඟට වැඩම කරලා ස්වාමීනි මම කොණ්ඩඥඥ , භාග්යවතුන් වහන්සේ මම කොණ්ඩඥඥ කියල තමන් වහන්සේව හඳුන්වා දුන්නේ මොකද. එතන හිටපු පෘතග්ජන භික්ෂුවක් කව්ද මේ සුදු කෙස් තිබෙන කොණ්ඩ කුදු වෙලා තිබෙන මහළු භික්ෂුව කියල හිතුණොත් ඊළඟ ආත්මයේ අවීචි මහා නරකාදියට යන බව... අන්න ඒ පවෙන් වළකන්න තමයි කොණ්ඩඥඥයන් වහන්සේ එසේ බුදුරජාණන් වහන්සේ වන්දනා කර කර තමන්වහන්සේගේ නම වදාළේ...
කව්ද මේ යම රජ්ජුරුවෝ කියන්නේ
යම රජ්ජුරුවෝ කියන්නේ වේමාතික ලෝකයේ ඉපදුණ දෙව් රජ කෙනෙක්. වේමාතික කියන්නේ ප්රේත ලෝකයක්.
වේමාතික ලෝකය ප්රේත ලෝකයක්. යම රජු වෙලා ඉපදෙන්නේ, මනුෂ්ය ලෝකයේ පිං පවු සහ දෙකම කරගත්ත තැනැත්තෙක්
සමහර තෙරවරු පිරිසක් හිටියා මේ නිරය ලෝකවල නිර සත්වයන්ට වධ පමුණුවන්න නිරපල්ලන් නැහැ ඒ වෙනුවට තියෙන්නේ මේ යන්ත්ර කියල. එය සාවධ්ය කරුණක් බව ධර්මයේම සඳහන් වෙනවා..
කව්ද මේ නිරයපල්ලන් වෙන්නේ, නිරය පාලකයන් ඉපදෙන්නේ වෙනත් පාප කර්ම කරපු මිනිසුන්. අනිත් අය දුකට පත් වෙන එක බලල සතුටු වෙන පිරිස තමයි මේ නිරය ලෝකයේ නිරය පාලකයන් හැටියට ඉපදෙන බව සඳහන් වෙනවා.
සමහරු ඉන්නවා සමහර අය අනිත් අයට හිංසා පීඩා කරන දේවල් දිහා බලල සතුටු වෙන්න
නිර සත්වයෙක් වෙලා ඉපදෙන එක නිරය පල්ලෙක් වෙලා ඉපදෙනවට වඩා හොඳයි. මොකද නිරසත්වයෙක් වෙලා ඉපදෙන කෙනා කරන්නේ තමන් කරපු පවු නිරයේ ඉඳන් ගෙවන එක දුක් විඳ විඳ..
නමුත් නිරපල්ලන් නිරයේ ඉපදිලා කරන්නේ නිරසතුන්ට මහා වධයන් පමුණුවන එක. එතැනදී මේ නිරය පල්ලන්ට රැස් වෙන්නේ බොහෝ අකුසල්, මේ නිරයපල්ලන් මේ නිරයෙන් චුත වෙලා නිරය ලෝකවලම නිරසත්වයන් වෙලා ඉපදිලා බොහෝ කාලයක් ඒ රැස් කරගත්ත අකුසල ගෙවන්න වෙනවා.
නිරය ලෝකයේ සතර දිශාවටම යම රජවරුන් 04 දෙනෙක් ඉන්නා බව සඳහන්
නිර සතෙක් එකපාරටම නිරයට ගියාම එක පාරටම දඬුවම් පමුණුවන්නේ නැහැ. යම රජු ලඟට පමුණුවනවා, එතැනදී..
නිරය පල්ලන් යම රජු ලඟට පමුණුවන මේ නිර සත්වයා ගැන හඳුන්වා දෙනවා යම රජ මේ නිරසත්වයා දෙමාපියන්ට සළකලා නැහැ...
වැඩිහිටියන්ට ගුරුවරුන්ට සළකනවා කියන්නේ අති විශේෂ පුණ්යකර්මයක් බව දැනගන්න පිංවතුනි. ඒවා සුළුපටු දෙයක් හැටියට ගන්න එපා. මොකද අද බොහෝ දෙනෙක් මේ දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන්ට ගරු කරන්න දන්නේ නැහැ..
යම රජතුමා නිරසත්වයාගෙන් ප්රශ්ණ 05ක් අහනවා, මොකද මේ යම රජතුමා කැමති නැහැ මේ නිරයසත්වයා මේ නිරයේ දුක විඳිනවට, එයින් මුදවන්න අහන්නේ.. ඒ අහන ප්රශ්ණ මොනවද කියල අපි ලබන සතියේ විස්තර ඇතුව..
ධර්ම දේශණාව ශ්රවණය කරන්න...