ප්‍රදීපාගාරය I Episode 37 I බල්ලා කැටුව යන කාන්තාව I The Lady with the Dog
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්‍රදීපාගාරය I Episode 37 I බල්ලා කැටුව යන කාන්තාව I The Lady with the Dog
6 608 просмотров · 7 дней назад
Sisira Kumara Bandaragama
10,4 тыс. подписчиков
6 608 просмотров · 7 дней назад
අද අපි කතා කරන්න යන්නේ ලෝක සාහිත්‍යයේ මෙතෙක් ලියවී ඇති විශිෂ්ටතම කෙටි කතාවක් හැටියට පිදුම් ලබන ‘බල්ලා කැටුව යන කාන්තාව’ නැමති කෘතිය ගැන. අද්විතීය රුසියානු ජාතික සාහිත්‍යධරයෙක් - කෙටිකතා රචකයෙක් වූ අන්තොන් චෙහොව් - ඇන්ටන් චෙකොව් තමයි මේ කෘතියේ කර්තෘ. අන්තෝන් චෙහොව් ලියූ කෙටි කතා අතරින් මෙය ප්‍රකටම රචනයක්ය කීවොත් නිවැරදියි. තවත් රුසියානු මහා ලේඛකයෙක් වන ව්ලදිමීර් නබෝකව් වරක් කියනවා - මිහිපිට මොනයම්ම භාෂාවකින් හෝ මෙතෙක් ලියවී ඇති අද්විතීයතම කෘතිය - මාස්ට පීස් එක - මේ ‘බල්ලා කැටුව යන කාන්තාව’ බව.
ඉතින් අද අපේ මේ සාකච්ඡාවේදි අපි මේ කෙටි කතාවේ කතා සාරය රසවිඳිමු. මට විශ්වාසයි ඔබ බොහෝ දෙනෙක් මේ කෘතිය මොන යම් හෝ බසකින් කියවා ඇති. සිංහලෙන් මේ කෙටි කතාව, කිහිප වරක් පරිවර්තනය වෙලා තියෙනවා. මේ කෘතියේ මුල්ම පරිවර්තනයක් සිදුවන්නේ ඒ අතිවිශිෂ්ට පරිවර්තකයා - දැදිගම වි රුද්රිගු මහතා අතින්.
රුසියානු බසින් මේ කෘතිය චෙහොව් නම් කරන්නේ - ‘දාමා ස් සබාච්කොයි’ - ඉංග්‍රීසි බසින් The Lady with the Dog’ කියල. මා විශ්වාස කරනවා - මේ කෘතියේ මාතෘකාව - title එක ‘බල්ලා කැටුව යන කාන්තාව’ කියන අන්දමට මුලින්ම පරිවර්තනය කරන්න ඇත්තේ දැදිගම වී රුද්රිගු මහතා විය යුතුයි. කොච්චර ගැලපෙන පරිවර්තනයක්ද නේද?
චෙහොව් මේ කෙටි කතාව ලියන්නේ 1899. මේ කාලෙ වෙනකොට අන්තෝන් චෙකොව් ගේ ක්ෂය රෝගය හොඳටම උත්සන්න වෙලා. වෛද්‍යවරු ඔහුට උපදෙස් දෙනවා ස්ථිර පදිංචිය සඳහා උනුසුම් මුහුදු තීරයකට යන්න කියල. ඒ නිසා චෙකොව් තීරණය කරනවා පදිංචි වෙන්න - රුසියානු අධිරාජ්‍යයේ විවේක නිකේණය යන නමින් හැඳින්වූ ක්රිමයානු අර්ධද්වීපයේ කලු මුහුදේ - යාල්තා කියන වෙරල තීරයේ. අදටත් යාල්තා නගරය හඳුන්වන්නේ The Russian Riviera කියල. ගිම්හාන නිවාඩු නිකේතණ වල කේන්ද්‍රස්ථානයක්. එදා වගේම අදත් ගිම්හාන ඉර්තුවට දස දහස් ගනනින් රුසියානු ජනයා යාල්ටා වෙරලතීරයට ඇදී එනවා - විවේක සුවයෙන් කාලය ගත කරන්න. සදාහරිත ගස් කොලං වලින් පිරිච්ච, පීච්, ඇප්රිකෝට්, ඇපල්, මිදි වගේ පලතුරු උයන් වලින් ගහණ, නිල් පාට කඳුවැටි වලින් වටවුනු මේ යාල්ටා නගරය අවට පරිසරය අතිශයින් සුන්දරයි. රෝමාන්තියකයි - සුරංගනා ලෝකයකට සමානයි.