Перейти к содержимому

ප්‍රදීපාගාරය I Episode 35 I ඛලීල් ජිබ්රාන් I Khalil Gibran

Sisira Kumara Bandaragama

0:00 / 0:00

ප්‍රදීපාගාරය I Episode 35 I ඛලීල් ජිබ්රාන් I Khalil Gibran

5 042 просмотра · 1 месяц назад
Sisira Kumara Bandaragama
10,5 тыс. подписчиков
5 042 просмотра · 1 месяц назад
මෙන්න මේ වගේ දෙයක් හිතමු.... ඔබට අවස්ථාවක් ලැබෙනවා - මහගම සේකර කවියා මුණගැහිල ප්‍රශ්ණයක් දෙකක් අහන්න. එහෙම අවස්ථාවක් ලැබුනොත් ඔබ ඔහුගෙන් මොනවද අහන්නෙ? ඔව් - ඔබ කියාවි - ‘මොනතරම් දේවල් තියෙනවද අහන්න’ කියල. ඒක ඇත්ත ---- ඔබට අහන්න අවසර තියෙන්නෙ එකම එක ප්‍රශ්ණයයි නම් - ඔබ මොකක්ද අහන ප්‍රශ්ණය? ඔව් - ඔබේ ඒ ප්‍රශ්ණයත් - ඒ හා සම්බන්ධ ඔබේ අදහසුත් කොමෙන්ටු අවකාශයේ සඳහන් කරන්න. හරිම කැමතියි දැනගන්න... ඉතින් - මං ඔබට කියන්නද - ඒ අවස්ථාව මට ලැබුනොත් මං මොකක්ද අහන ප්‍රශ්ණය කියල? ඔව් - මට එහෙම අවස්ථාවක් ලැබුනොත් මං මහගම සේකරයන්ගෙන් මං අහනවා - ‘ඔහු කැමතිම කවියා කවුද කියල’. සේකර වගේ අද්විතීය කවියෙක් අගය කරන - ඉහලින් සලකන වෙනත් කවීන් ගැන දැන ගන්න තියෙනව නම් කොච්චර හොඳද - නේද? මං දන්නේ නැහැ ඇයි කියල - නමුත් මට හිතෙනවා - මහගම සේකර තුමා කියාවි කියල - අද අපි කතා කරන්න යන මේ කවියාගේ නම - ඛලීල් ජීබ්රාන්ගේ නම - ඔහු සඳහන් කරාවි කියල. මට නිකමට එහෙම හිතෙනවා. ලිස්ට් එකේ මුල්ම නම නොවුනත් - එතුමා කැමති කවියෙක් හැටියට, ඛලීල් ජිබ්රාන්ගේ නම සඳහන් කරාවි කියන හැඟීම මට හිතෙනවා. මේ කවියන් දෙදෙනා යම් ආකාරයකින් එකිනෙකාට ගොඩාක් සමානයි කියලයි මට හිතෙන්නෙ. ඔවුන් ලියපු කවි කියවද්දි පේනවා - ඔවුන් ගේ කාව්‍යයන්ට ප්‍රස්තුත වූ තේමාවන් සමානයි කියල. ඔවුන්ගේ ජීවිත දර්ශණය, සෞන්දර්යාත්මක අගැයීම් ගොඩාක් සමානයි. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ ජීවිත වලත් සමානකම් තියෙනවා. ඔවුන් දෙදෙනාම කවියන් උනත් ඔවුන්ගේ ප්‍රධාන කලා මාධ්‍ය උනේ සිත්තම් කලාව. හැම අද්විතීය කවියන්ගේ වගේම ඔවුන් දෙදෙනාගේම ජීවිතත් ඉතාමත්ම වර්ණවත්. ඒ වගේම කෙටියි. ඛලීල් ජිබ්රාන් ජීවත්වන්නේ අවුරුදු 48යි. මහගම සේකරයන් - 46යි. ඔබ දන්නවද? මහගම සේකරයන් ඛලීල් ජිබ්රාන් ගේ කවි ඇසුරු කරගෙන ගීත ලියලත් තියෙනවා. අද අපේ මේ සාකච්ඡාවේදී අපි ඛලීල් ජිබ්රාන්ගේ කවි ටිකක් පරිශීලනය කරමු. ඒ අතර සේකර ලියූ කවි ගැනත් සොයා බලමු. ඉතින් අදත් අප සමග ප්‍රදීපාගාරයට එක්වීම ගැන මා ඔබට ස්තුතිවන්ත වෙනවා. හැමදාම කියනවා වගේ - ඔබ දන්න කියන අයටත් මේ නාලිකාව හඳුන්වා දෙන්න - අපව සබ්ස්ක්‍රයිබ් කරන්න - ශෙයා කරන්න - අප සමග රැඳී ඉන්න. මේ ලඟදී අපේ නාලිකාව ඉතාම නිහතමානී කුඩා දිනුම් කණුවක් පසු කලා - සබ්ස්ක්‍රයිබර්ස්ලා - 10,000ක්. පලමුවෙන්ම මා ස්තුතිවන්ත විය යුත්තේ ඔබටයි. ඉතින් අද අපේ කතාවේ වීරයා ඒ ලෝ පතල - අග්‍රගණ්‍ය කවියා - ඛලීල් ජිබ්රාන්. ඛලීල් ජිබ්රාන් ගැන කතාව ආරම්භ කරන්න ප්‍රථමයෙන් අපි කවිය කියන්නේ මොකක්ද කියල ඉතාම ලුහුඬින් මතක් කර ගත්තොත් හොඳයි කියල හිතනවා. ඇත්තෙන්ම ඔබ ඒ ගැන හිතල තියෙනවද? මොකක්ද කවිය කියන්නෙ? ඔබට පුලුවන්- ඔබ කවිය අර්ථ දක්වන ආකාරය අපේ කොමෙන්ටු තීරයට ඇතුලත් කරන්න. ලංකාවේ අපි - පද හතරක පබැඳුමකුට පොදුවේ කියනවා - කවියක් කියල. සිව්පද. කවිය සම්බන්ධ තවත් අදහසක් තමයි - එලිසමය. සිංහල කවියේ පරිණාමයේ පසු භාගයක නිසඳැස් කියන කවි ප්‍රභේදයත් භාවිතයට එනවා. මං ‘කවිය’ නැතිනම් ‘poetry’ කියන වචනය බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ - encyclopedia Britannica විසින් –අර්ථ දක්වා ඇති ආකාරය විමසා බැලුවා. ඒකෙ කියවෙන්නේ මෙහෙමයි. Poetry is defined as literature that evokes a concentrated imaginative awareness of experience or a specific emotional response through language- chosen and arranged for its meaning, sound and rhythm. ලිහිල් විදියට පරිවර්තනය කලොත් - ‘යමෙක් තුල උපදින පරිකල්පන අත්දැකීමක් හෝ භාවමය ප්‍රකාශණයක් භාෂාව උපයෝගී කරගනිමින් එහි අරුත, ශබ්ද සහ රිද්මය තුළින් ඉදිරිපත් කිරීම කවිය කියල කියන්න පුලුවන්’ ඉතින් - කවිය අනෙක් සාහිත්‍ය කුලකයන්ගෙන් වෙනස් වෙන්නේ - ඉතාම සංක්ෂිප්තව හා සංකේතාත්මකව මිනිස් හැඟීම් හා භාවාත්මය අත්දැකීම් ඉදිරිපත් කරන්න තියෙන හැකියාව නිසා. මේ ලක්ෂණය කවිය අතිශය විශේෂ සාහිත්‍යාංගක් බවට පත් කරනවා. ඒ නිසා තමයි - කවියේ නිර්මාතෘ - නැතිනම් කවියා - ඉතාම විශේෂ ගනයේ නිර්මාණකරුවෙක් වන්නේ. කවියාගේ ප්‍රතිභාව, පරිකල්පන හැකියාව ඉතිහාහාසය පුරා පාඨකයන් හා ශ්‍රාවකයන් හැමදාම විශ්මයට පත්කලා. අපේ පැරණි කවියන් වූ ‌තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වෑත්තෑවේ හිමි, අලගියවන්න මුකවෙටි වගේ අය, මැත කාලීන කවියන් වන මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ වැනි කවියන්ගේ අපූරු නිර්මාණ උදාහරණ ලෙස දක්වන්න පුලුවන්. රුසියාව වගේ රටවල කවියන්ට තියෙන්නෙ පුදුමාකාර ගෞරවයක්. රුසියානුවන් කවියන් වන්දනය කරනවා කීවොත් නිවැරදියි. ඛලීල් ජිබ්රාන් පිලිබඳ මේ කතාව ආරම්භයේදී - කවිය සහ කවියා පිලිබඳ මේ වචන ස්වල්ය සඳහන් නොකරම බැහැ කියල මට හිතුනා. ජිබ්රාන් ඛලීල් ජිබ්රාන් - මේක තමයි අපේ කතා නායකයාගේ සම්පූර්ණ නම. නමුත් පොදුවේ අද ඔහුව දන්නේ ඛලීල් ජීබ්රාන් කියන නමින්. ඔහු ලියූ කවි ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්නවා. ඒ කවි ඒ තරමට මිනිස් සිත්සතන් ස්පර්ශ කරනවා. ඔහු ලියූ කවි වල ගැඹුර - ඒවායේ තියෙන දාර්ශණික අරුථය සහ මානුෂීය ස්පර්ශය නිසා ඒවා මිනිස් සිත් සතන් මේ අන්දමට සසල කරන්න හේතු වූ බව පෙනෙනවා. ඛලීල් ජිබ්රාන්ගේ කවි වලින් උපුටාගත් වැකි අපේ ජීවිත වල එදිනෙදා ව්‍යවහාරයට පවා අද ඇතුලත් වෙලා තියෙනවා. ඛලීල් ජිබ්රාන් ලියූ කෘතීන් අතරින් ඔහු ගේ ප්‍රධානතම නිර්මාණය වන The Prophet - නැතිනම් ‘ඉසිවරයා’ කියන කෘතිය ලෝකයේ වැඩිපුරම විකිණී ඇති පොත් අතරට වැටෙනවා. The Prophet කෘතියේ කොපි - මිලියන 100කට වඩා විකිණිලා තියෙන බව කියවෙනවා.