ප්රදීපාගාරය I Episode 42 I කොන්ස්තන්තීන් පව්ස්තෝව්ස්කි I Konstantin Paustovsky
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්රදීපාගාරය I Episode 42 I කොන්ස්තන්තීන් පව්ස්තෝව්ස්කි I Konstantin Paustovsky
1 686 просмотров · 1 дн. назад
Sisira Kumara Bandaragama
11,2 тыс. подписчиков
1 686 просмотров · 1 дн. назад
කොන්ස්තන්තීන් ගියෝර්ගියෙවිච් පවුස්තෝව්ස්කි උපන්නේ 1892 මැයි 31 වැනිදා, මොස්කව් නගරයේ. නමුත් පවුස්තෝව්ස්කිගේ ජීවිතය එක නගරයකට සීමා වූ ජීවිතයක් නෙමෙයි. ඔහු කුඩා කාලයේදීම ඔහුගේ පවුල කීව් නගරයට - ඒ කියන්නෙ අද යුක්රේනයේ අගනුවර වන කීව් නගරයට පදිංචියට යනවා. ඒ නිසා ඔහුගේ තරුණ කාලයේ විශාල කොටසක් ගෙවෙන්නේ යුක්රේනයේ. ඉන්පසුව රුසියාවේ විවිධ ප්රදේශවල, කළු මුහුද ආශ්රිත නගර වල, ගම් වල, රැකියාව කරමින්, සංචාරය කරමින් පවුස්තෝව්ස්කි කල ගත කරනවා.
ඒ නිසා පවුස්තෝව්ස්කිගේ ජීවිතය ගැන කතා කරනකොට අපිට කියන්න වෙන්නේ ලේඛකයෙක් ගැන විතරක් නෙමෙයි. ඔහු ජීවත් වූ ලෝකය ගැනත් කතා කරන්න වෙනවා. ඔහු ලේඛකයෙක් වෙන්න පටන් ගත්තේ සාහිත්යමය ලෝකයක සුවපහසු ජීවිතයක් ගත කරමින් නෙමෙයි.
පළමු ලෝක යුද්ධය ආරම්භ වුණාම ජීවිතේ බැරි අමාරුකම් වැඩිවෙනවා. ඔහුට සිදුවෙනවා ජීවිතය ගෙන යන්න විවිධ රැකියා කරන්න. ඔහු ට්රෑම් රථයක කොන්දොස්තරවරයෙක් විදිහට වැඩ කරනවා. පසුව මාධ්යවේදියෙක් වෙනවා. යුද වාර්තාකරුවෙක් හැටියට වැඩ කරනවා. පසු කාලෙක ග්රන්ථ පරිවර්තකයෙක් විදිහටත් රැකියාව කරනවා. ඒ කියන්නේ ඔහුගේ ලේඛක ජීවිතය පොත් පත් අතරින් පමණක් ගොඩනැඟුණු එකක් නෙමෙයි. ජීවිතයේ කටුක අත්දැකීම් අතරින් ගොඩනැඟුණු එකක්.
ඉන් පස්සේ සෝවියට් විප්ලවය මගින් රුසියානු සමාජය විශාල පරිවර්තනයකට ලක් වෙනවා. ඔහු මේ සියල්ල අත්දකිනවා - අත්විඳිනවා. ඔහු ඒ සමග ඇරඹෙන සිවිල් යුද්ධය දකිනවා. සාගතය අත්විඳනවා. මිනිසුන්ගේ ජීවිත උඩුයටිකුරු කළ සමාජ වෙනස්කම් දකිනවා. මේ කාලයේ ඔහු විවිධ නගර, ගම් නියම්ගම් පසුකරමින් රුසියාව පුරා සංචාරය කරනවා. විවිධ මිනිසුන් හමුවෙනවා. මේවා වෙන්න ඔ්න පසු කාලෙක ඔහුට ලේඛකයෙක් වෙන්න උවමනා ජීවිත අත්දැකීම් ලබාදෙන්න ඇත්තෙ.
පවුස්තෝව්ස්කිගේ කතාවක් කියවන අපිට දැනෙනවා - ඔහු කාමරයක ඉඳගෙන මනෝ ලෝකයක උපදින කතා ලියන ලේඛකයෙක් නොවන බව. ඔහු ලෝකය හරහා ගමන් කරලා, ඒ ලෝකය ඇතුළෙන් ලියපු ලේඛකයෙක්.
ඔහුගේ පෞද්ගලික ජීවිතයත් පහසු එකක් නොවෙයි. දෙවැනි ලෝක යුද්ධයේදී ඔහුගේ සහෝදරයන් දෙදෙනාම මරණයට පත්වෙනවා. මේ විශාල වේදනාවෙන් ඔහු ජීවිත කාලයම පීඩා විඳිනවා. පවුස්තෝව්ස්කිගේ කතා වල නිතර දකින්න ලැබෙන යුද්ධය, මරණය, අහිමිවීම, දුප්පත්කම සහ මිනිස් වේදනාව - මේ සියල්ලක්ම ඔහු තමා විසින්ම අත්විඳි ජීවිතයෙන් පරාවර්තනය වූ හැඟීම් විය යුතුයි.
ඔහුගේ ප්රධාන කෘතියක් වන්නේ ඉස්තෝරියා මයියෙය් ෂිස්නි - මගේ ජීවිත කතාව The Story of a Life. මෙය ස්වයංචරිතාපදානික කෘතියක්. ඇත්තෙන්ම මෙය කියවද්දී අපිට හමුවන්නේ පවුස්තෝව්ස්කිගේ ජීවිතය විතරක් නොවෙයි - විසිවන සියවසේ මුල් භාගයේ රුසියාවත්, යුක්රේනයත්, විප්ලවයෙන් සහ යුද්ධයෙන් වෙනස් වෙමින් තිබුණු සමාජයත්, ඒ ලෝකය ඇතුලත ජීවත් වූ සාමාන්ය මිනිසුන්ගේ ජීවිතත් දකින්න මේ කෘතිය කියවිය යුතුමයි කියල මට හිතෙනවා.
පවුස්තෝව්ස්කිගේ ජාත්යන්තර පිළිගැනීම ගැන කතා කරනකොට, කියන්න ඔ්න -. ඔහුගේ නම සාහිත්ය ලිපිබඳ නොබෙල් ත්යාගය සඳහා එක වරක් පමණක් නෙමෙයි, සිව් වතාවක් යෝජනා වෙනවා. 1965, 1966, 1967 සහ 1968 යන වසර හතරේදීම යෝජනා වෙනවා. කොහොම නමුත් නොබෙල් ත්යාගය ඒහුට ලැබෙන්නේ නැහැ.
1968දී ඔහු මිය යනකෙකාට ඔහුගේ වයස අවුරුදු 76ක්.