ප්රදීපාගාරය I Episode 32 I ජෝර්ජ් ඔර්වෙල් I George Orwell
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්රදීපාගාරය I Episode 32 I ජෝර්ජ් ඔර්වෙල් I George Orwell
3 943 просмотра · 3 месяца назад
Sisira Kumara Bandaragama
11,2 тыс. подписчиков
3 943 просмотра · 3 месяца назад
ඔහු තමන්ගේ අවසන් කෘතිය ලියන්න පටන් ගන්නකොට ඔහු දැඩි ලෙස රෝගාතුර වෙලයි හිටියේ. වසර ගනනක් ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඔහු දැන් පසුවන්නේ ක්ෂය රෝගයේ අවසන් අදියරයේ. ඔහුගේ ගත බෙහෙවින් දුබලයි. රෝගයට කල ප්රතිකාර හේතුවෙන්දෝ ඔහුගේ සිරුර පුරා වේදනාකාරී තුවාල සහ දද මතුවෙනවා. හිස කේ සම්පූර්ණයෙන්ම හැලී යනවා. ඔහු හුස්ම ගන්නේ ඉතාම අපහසුවෙන්. ඇඟේ මස් කලඳක් ඉතිරිවෙලා නැති තරම්.
නමුත් ඔහු කියනවා - ‘මට මේ නවකතාව ලියා අවසන් කර මිසක් මිය යා නොහැකියි’ කියල. ඔහු සයනයේ කොට්ටක් මත ටයිප්රයිටරය තියාගෙන දුබල ඇඟිලි වලින් ටයිප් කරනවා.
ඔහු ජීවත්වෙන්නේ හුදකලා දූපතක. කතාව ලියා අවසන් උනාම අවසන් පිටපත ටයිප් කරවාගන්න කෙනෙක් හොයා ගන්නවත් බැරි වෙනවා. ඔහු තනිවම අවසන් පිටපත ලියා ප්රකාශකයා වෙත යවනවා.
මේ කෘතිය ප්රකාශයට පත්වෙලා මාස 6කින් ඔහු මිය යනවා. නමුත් ඔහුට වාසනාව ලැබෙනවා මේ කෘතියට ලැබෙන අතිශය උණුසුම් ප්රතිචාර අත්විඳින්න. මේ කෘතිය තමයි - 1984 - Nineteen Eighty-Four. ඒ ලේඛකයා තමයි - ජේර්ජ් ඔර්වෙල්. මේ නවකතාව මුද්රණයෙන් නිකුත්වූ වහාම සාහිත්ය ලෝකයේ මහා ආන්දෝලනයක් ඇති වෙනවා. පාඨකයන් මේ කෘතිය ආදරයෙන් වැළඳගන්නවා. එය විචාරකයන්ගේ පැසසුමට භාජනය වෙනවා. රසිකයන් පිටපතක් මිලදී ගන්න පොත්හලවල් අසල පෝලිම් ගැසෙනවා.
එදා වගේම අදත් 1984 කෘතිය රසියන් අතර මහත් ප්රසාදයට පත් වු කෘතියක්. මේ කෘතිය සාහිත්ය ලෝකයේ හඳුන්වන්නේ - Best Seller පොතකටත් වඩා - Long Seller කෘතියක් හැටියටයි -- නොනවත්වා එක විදියටම විකිනෙන් කෘතියක් හැටියටයි. සමහර සංඛ්යන වල හැටියට 1984 නවකතාව කොපි මිලියන 50ක් විතර විකිනිලා තියෙනවලු.
තවත් දෙයක් තමයි විමර්ශකයන් කියනවා ලෝකයේ මොකක් හෝ අමුතු දෙයක් වෙච්ච ගමන්ම 1984 නවකතා පොත විකිනිම වැඩි වෙනවා කියල. ඒ කියන්නේ 9/11 - ත්රස්ත ප්රහාරය නැතිනම් කොවිඩ් 19 වසංගතය, එහෙමත් නැතිනම් ඉරාණ යුද්ධය වගේ සිදුවීම් සමග 1984 පොතේ විකිණීම වැඩි වෙනවා. මහා පුදුම දෙයක් නේද?
මේ කෘතිය සැලකෙන්නේ විසිවෙනි සියවසේ ලියවුනු අද්විතීය නවකතාවක් හැටියටයි. 1984 නවකතාවේ එදා ජෝර්ජ් ඔර්වෙල් කියපු දේවල් අද අපේ ඇස් ඉදිරිපිට සිදුවෙනවද කියල සමහර වෙලාවට හිතෙනවා.
අපි වැඩසටහනින් 1984 නවකතාව ඇතුලු ජෝර්ජ් ඔර්වෙල්ස්ත ලියූ පොත් පත් ගැන සාකච්ඡා කරමු. ඔහුගේ වර්ණවත් ජීවිත කතාව කෙරේ අවධාණය යොමු කරමු.