ප්‍රඥාව නම් මී අඹය ! 🥭 | 2026.03.02 | මැදින් පෝදා | 1 කොටස
AKAMPITHA
0:00 / 0:00
ප්‍රඥාව නම් මී අඹය ! 🥭 | 2026.03.02 | මැදින් පෝදා | 1 කොටස
5 832 просмотра · 6 месяцев назад
AKAMPITHA
26,5 тыс. подписчиков
5 832 просмотра · 6 месяцев назад
මිහිරි අඹ ඇටයක් සිටුවා හාත්පස සීමාව බැඳ කලින් කලට දිය ඉස,
කලින් කලට මුල් පිරිසුදු කොට කලින් කලට වැටුණු පණුවන් ඉවත් කොට කලින් කලට මකුළුදැල් හැර අඹ පිළිදැගුම් කරන පුරුෂයෙක් දැක්විය යුත්තේය.
එම පුරුෂයාගේ මිහිරි අඹ ඇටය සිටුවීම මෙන් විදර්‍ශනා සම්‍යක් දෘෂ්ටිය දැක්විය යුතුය.
සීමා බැඳීම මෙන් ශීලයෙන් ආරක්ෂා කිරීම දැක්විය යුතුය.
දියවත්කිරීම මෙන් ධර්‍මය ඇසීමෙන් ආරක්ෂා කිරීමයි.
මුල් පිරිසුදු කිරීම මෙන් ධර්‍ම සාකච්ඡාවෙන් ආරක්ෂා කිරීමයි.
පණුවන් ඉවත් කිරීම මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ට අනතුරු ඉවත්කිරීම් වශයෙන් සමථයෙන් ආරක්ෂා කිරීමයි.
මකුළුදැල් මිදවීම මෙන් බලවත් විදර්‍ශනා වශයෙන් විදර්‍ශනාවෙන් අනුග්‍රහ කිරීමයි.
මෙසේ රක්නාලද ගස් ඉක්මණින් වැඩී ගෙඩි ගෙනදීම මෙන් මේ ශීලාදියෙන් රක්නාලද මූලසම්‍යග් දෘෂ්ටියෙන් ඉක්මණින්ම මාර්‍ග වශයෙන් වඩා චෙතොවිමුත්ති පඤ්ඤාවිමුත්ති ඵල ලබාදීම දතයුතුය.
අනුග්ගහිත සූත්‍ර වර්ණනාව : https://tipitaka.lk/atta-an-5-1-3-5/sinh
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
▶️ / akampitha
🌎 akampitha.wordpress.com
☝ / akampitha
☉ https://akampitha.blogspot.com/