Перейти к содержимому

ඉන්ද්‍රිය සංවර ශීලය‍ ~ Most Venerable Watagoda Maggavihari Thero.

සබ්බදානං ධම්ම දානං ජිනාති

0:00 / 0:00

ඉන්ද්‍රිය සංවර ශීලය‍ ~ Most Venerable Watagoda Maggavihari Thero.

977 просмотров · 1 год назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,67 тыс. подписчиков
977 просмотров · 1 год назад
ඉන්ද්‍රිය සංවර ශීලය‍. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: IIT International Institute of Theravada Global ~ කාම රාගේන ඩයිහාමී චිත්තං මේ පරි ඩයිහතී සාදු නිබ්බා බ්‍රූහි අනුකම්පාය ගෝතමාතී ~ ඉන්ද්‍රිය සංවර ශීලය‍: චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන කියා රූපාදි අරමුණු ගන්නා ඉන්ද්‍රිය සතක් ඇත්තේ ය. රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය - ධර්ම යන මේවා චක්ෂුරාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු ය. සිහියෙන් යුක්ත නො වන ධර්මසංඥාවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදිය සම්බන්ධයෙන් බොහෝ සෙයින් ඇති වන්නේ ඇලීම හෝ විරෝධය ය. ඇලීමය කියනුයේ ලෝභ නම් වූ අකුශල මූලය ය. විරෝධ යයි කියනුයේ ද්වේෂ නම් වූ අකුශල මූලය ය. යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇති වුව හොත් එය අනුව අකුශලචිත්ත පරම්පරාවක් ම ඇති වෙයි. ඒ නිසා තමා රක්නා ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ද බිඳී යා හැකි ය. ඉන්ද්‍රියයන් කරණ කොට ගන්නා ලද රූපාදිය සම්බන්ධයෙන් තෘෂ්ණා ද්වේෂයන් මුල් කොට ඇති අකුශලයන් ඇති නො වන පරිදි සිහියෙන් යුක්ත වීම - පරෙස්සම් වීම ඉන්ද්‍රිය සංවර ශීලය ය. ඇසට රූපයක් හමු වූ කල්හි එය රූපයක් වශයෙන් සලකා නැවතුන හොත් එය සම්බන්ධයෙන් කෙලෙස් ඇති නොවේ. අකුසල් ඇති නො වේ. රූපාදිය නිසා කෙලෙස් ඇති වන්නේ ඒවායේ නිමිති හා අනුබ්‍යඤ්ජනයන් ගැනීමෙනි. ඇසින් රූපයක් දුටු කල්හි මේ තරුණයෙක, තරුණියක, මහල්ලෙක, මැහැල්ලෙක, ලස්සන එකෙක, කැත එකෙක, සතුරෙක, සැතිරියක, මිතුරෙක, මිතුරියක යනාදීන් ගැනීම රූප නිමිත්ත ගැනීම ය. එය ගත් කල්හි හොඳය ලස්සනය යනාදීන් සලකා ඇලීමත් නරකය. කැතය යනාදීන් සලකා විරෝධයත් නරක ය. කම්මුල් තොල් දත් ඇස් අත් පා ළය යනාදීන් කොටස් වශයෙන් ගැනීම ව්‍යඤ්ජන වශයෙන් ගැනීම ය. ඒ ඒ කොටස් ලස්සනය හොඳය කියා ද නරකය කැතය කියා ද ගැනීමෙන් ඇල්ම හා විරෝධය ඇති වේ. ~ චතුපාරිශුද්ධි සීලය: ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය‍, ආජීවපාරිශුද්ධි ශීලය, ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය (පච්චයසන්නිස්සිත). සංවර සීල පසකි: චක්කු, සොත, ඝාන, ජිව්හා, කාය, මන. පාරමී දහයකි: දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීර්‍යය, ශාන්තිය, සත්‍ය, අධිෂ්ටානය, මෛත්‍රිය, උපෙක්ශා. මාතු රක්ඛිතා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය. පිතූ රක්ඛිතා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය. සිල් රකින්නා වූ සෑම දෙනාට ඒ ශීලය ධනාදිය පරිත්‍යාග කොට රකින්නට සිදුවන අවස්ථාවල් මුණ ගැසෙන්නේ නැත. තමා රක්නා ශීලය පාරමිතාව හෝ උප පාරමිතාව හෝ පරමාර්ථ පාරමිතාව හෝ වීමට එබඳු කරුණු මුණ ගැසෙන්නට ම ඕනෑ නැත. සිල් රක්නා වූ යමකුට ඒ ශීලය, ධනය නිසා හෝ අඹුදරුවන් නිසා හෝ නො බිඳෙන තරමේ අධිෂ්ඨාන ශක්තිය ඇත්තේ නම් ඔහුගේ ශීලය ශීල පාරමිතාව වේ. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ ~ නිකිණි පුර පසලොස්වක පොහෝ දින, 2025-08-08 ~ සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series): ▶️ Link: 1. විශේෂ ධර්‍ම දේශණා -    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...   ▶️ Link: 2. වෝහාර දේශනා -    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...   ▶️ Link: 3. චිත්ත විශුද්ධි දේශනා -    • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...   ▶️ Link: 4. Dhamma Vinicchaya -    • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...   ▶️ Link: 5. පොහෝ දින දේශනා -    • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...   ▶️ Link: අසංඛතගාමී මාර්‍ගය -    • අසංඛතගාමී මාර්‍ගය   Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:-- අධිචිත්ත සික්ඛා (Adichittha):-- https://drive.google.com/drive/folder... වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder... Dhamma Vinicchaya:-- https://drive.google.com/drive/folder... ▶️ IIT Facebook page; 🖇️ https://fb.me/e/14vbVO128 ▶ IIT YouTube channel; 🖇️ https://youtube.com/live/crJltr-i-lw ▶ IIT ZOOM account; 🖇️ https://tinyurl.com/56h3xd7b 🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨ 👥 නිල ෆේස්බුක් පිටුව 🖇️:   / instituteoft.  . 🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️: / iitinternationalinstituteoftheravada 🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️: https://t.me/iit_si_sl 🖥️ නිල වයිබර් සමූහය 🖇: https://tinyurl.com/35jz7vdv 👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️: https://t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️: inst.theravada@gmail.com 📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189 📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance: https://t.me/IITtechnicalassistant Heenetikalma, Karuwalagaswewa, Sri Lanka. Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614. - 2024-12-14 ~ “සබ්බදානං ධම්ම දානං ජිනාතී”