ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ~ Most Venerable Watagoda Maggavihari Thero.
සබ්බදානං ධම්ම දානං ජිනාති
0:00 / 0:00
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ~ Most Venerable Watagoda Maggavihari Thero.
1 211 просмотров · 1 г. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,68 тыс. подписчиков
1 211 просмотров · 1 г. назад
චතුපාරිශුද්ධි සීලය - ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය.
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From:“IIT International Institute of Theravada Global”
~ පාතිමොක්ඛං විසේදෙන්තෝ අප්පෙව ජීවීතං ජහේ
පඤ්ඤත්තං ලෝක නාථෙන නබින්දේ සීල සමහ රන්තී ~
සිල් රකින්නා වූ සෑම දෙනාට ඒ ශීලය ධනාදිය පරිත්‍යාග කොට රකින්නට
සිදුවන අවස්ථාවල් මුණ ගැසෙන්නේ නැත. තමා රක්නා ශීලය පාරමිතාව හෝ උප පාරමිතාව හෝ
පරමාර්ථ පාරමිතාව හෝ වීමට එබඳු කරුණු මුණ ගැසෙන්නට ම ඕනෑ නැත.
සිල් රක්නා වූ යමකුට ඒ ශීලය, ධනය නිසා හෝ අඹුදරුවන් නිසා හෝ නො බිඳෙන තරමේ
අධිෂ්ඨාන ශක්තිය ඇත්තේ නම් ඔහුගේ ශීලය ශීල පාරමිතාව වේ.
ස්වසසන්තානයේ ක්ලේෂධර්ම නිරෝධය.
~ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය,
~ සික‍්ඛිතබ‍්බං කායිකං වාචසිකඤ‍්ච ~
කායික හෝ වාචසික හෝ ඒ සියල්ල මනාව ගෙන හික්මෙවු යනු මෙහි සංක්‍ෂෙප යයි.
~ චතුපාරිශුද්ධි සීලය
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය,
ඉන්ද්‍රිය සංවර ශීලය,
ආජීවපාරිශුද්ධි ශීලය,
ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය (පච්චයසන්නිස්සිත).
කියා සීල සතරක් ඇත්තේ ය. ඒ සතර සීලයට චතුපාරිසුද්ධි සීලයයි කියනු ලැබේ.
මේ සතර සීලය සාමණේර උපසම්පදා දෙපක්ෂයට ම සාධාරණය වෙනස සාමණේරයන් ගේ
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සිකපද අඩුවීම පමණෙකි.
තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංවරශීල නමි.
සාමණේරයන් විසින් රැකිය යුතු සිකපද සමූහය සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය.
උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය.
~ තත්‍ථ පාතිමොක‍්ඛසංවරසංවුතාති පාතිමොක‍්ඛසංවරෙන සමන‍්නාගතා.
ආචාරගොචරසම‍්පන‍්නාති ආචාරෙන ච ගොචරෙන ච සම‍්පන‍්නා.
අණුමත‍්තෙසූති අප‍්පමත‍්තකෙසු. වජ‍්ජෙසූති අකුසලධම‍්මෙසු.
භයදස‍්සාවීති භයදස‍්සිනො. සමාදායාති සම‍්මා ආදියිත්‍වා.
සික‍්ඛථ සික‍්ඛාපදෙසූති සික‍්ඛාපදෙසු තං තං සික‍්ඛාපදං සමාදියිත්‍වා සික‍්ඛථ.
අපිච සමාදාය සික‍්ඛථ සික‍්ඛාපදෙසූති යංකිඤ‍්චි සික‍්ඛාකොට‍්ඨාසෙසු සික‍්ඛිතබ‍්බං කායිකං වාචසිකඤ‍්ච,
තං සබ‍්බං සමාදාය සික‍්ඛථාති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පන සබ‍්බානෙතානි
පාතිමොක‍්ඛසංවරාදීනි පදානි විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තානි ~
එහි පාතිමොක්ඛ සංවර සංවුතා ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූවාහු,
ආචාර ගොචර සම්පන්නා ආචාරයෙන් ද ගෝචරයෙන් ද යුක්ත වූවාහු,
අණුමත්තෙසු අල්පමාත්‍ර වූ, වජ්ජෙසු අකුසල ධර්මයන් භයදස්සාවි භය දක්නා සුළු වූවාහු සමාදාය,
මනාකොට ගෙන, සික්ඛථ, සික්ඛාපදෙසු ශික්‍ෂාපද අතුරෙහි ඒ ඒ ශික්‍ෂාපද සමාදන්ව,
යළිදු, සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු යන කිසියම් ශික්‍ෂාපදයන්හි, ශික්‍ෂාපද කොට්ඨාශයන්හි හික්මිය යුතුය.
කායික හෝ වාචසික හෝ ඒ සියල්ල මනාව ගෙන හික්මෙවු යනු මෙහි සංක්‍ෂෙප යයි.
විස්තර වශයෙන් පාතිමොක්ඛ සංවර ආදි පදයන් විසුද්ධි මග්ගයෙහි කියනු ලද්දාහු වෙති.
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
~ පොසොන් පුර පසලොස්වක පොහෝ දින, 2025-06-10 ~
සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: 1. විශේෂ ධර්ම දේශණා - • 1. විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...
▶️ Link: 2. වෝහාර දේශනා - • 2. වෝහාර දේශණා ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...
▶️ Link: 3. චිත්තවිශුද්ධි දේශනා - • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...
▶️ Link: 4. Dhamma Vinicchaya - • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...
▶️ Link: 5. පොහෝ දින දේශනා - • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...
▶️ Link: අසංඛතගාමී මාර්‍ගය - • අසංඛතගාමී මාර්‍ගය
Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
අධිචිත්ත සික්ඛා (Adichittha):--
https://drive.google.com/drive/folder...
වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder...
Dhamma Vinicchaya:--
https://drive.google.com/drive/folder...
▶️ IIT Facebook page; 🖇️ https://fb.me/e/14vbVO128
▶ IIT YouTube channel; 🖇️ https://youtube.com/live/crJltr-i-lw
▶ IIT ZOOM account; 🖇️ https://tinyurl.com/56h3xd7b
🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️: / instituteoft. .
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️: / iitinternationalinstituteoftheravada
🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️: https://t.me/iit_si_sl
🖥️ නිල වයිබර් නාලිකාව 🖇: https://tinyurl.com/35jz7vdv
👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️: https://t.me/+yKF33uPfWJxiNTFl
📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️: inst.theravada@gmail.com
📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance: https://t.me/IITtechnicalassistant
Heenetikalma, Karuwalagaswewa, Sri Lanka.
Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614. - 2024-12-14 ~
“සබ්බදානං ධම්ම දානං ජිනාතී"