Перейти к содержимому

චෛතසික සම්ප්‍රයෝග නය 01 | හැඳින්වීම සහ ප්‍රකීර්ණක චෛතසික

Ven.Galagedara Naradawansha Thero

0:00 / 0:00

චෛතසික සම්ප්‍රයෝග නය 01 | හැඳින්වීම සහ ප්‍රකීර්ණක චෛතසික

344 просмотра · 10 мес. назад
Ven.Galagedara Naradawansha Thero
7,62 тыс. подписчиков
344 просмотра · 10 мес. назад
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි. ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ දහම් දේශනය මෙය ඔබට ධර්මයෙහි යෙදී ප්‍රඥාව මෝරවා ගැනීමටත්, බාලයන්ගේ බසට නොරැවටෙන්නටත් උපකාරයක් වේවා!!! මෙම ධර්ම කාරණා නුවණින් මනසිකාරය කරමින්, තමා ද මේ ධර්මයන් සසරේ කෙදිනක හෝ අවබෝධ කරගන්නවා ය, මෙම ශ්‍රවණය කිරීම එයට අඩිතාලමක් කරගන්නවා ය යන උතුම් වූ අභිලාශය පෙරදැරි කරගෙන මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙළඹෙත්වා. මේ සියලු ධර්මයන් ගම්භීරය. මේ උතුම් ධර්මය පිළිබඳව ඔබේ සිතේ තිබෙන ගෞරවය බිඳකුදු හෝ මාගේ දේශනයෙන් වැඩි වේ නම්, එහි ගෞරවය ද, ඔබත් මමත් වෙනුවෙන් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් කෙරෙහිම වේවා! උන්වහන්සේගේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ම වේවා! ධර්මය රකින, දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා! #galagedara_naradawansha #buddhism #buddhistmeditation