සුඛසෝමනස්ස සූත්‍රය - පස්වන දේශනය - පුජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
Sarathi
0:00 / 0:00
සුඛසෝමනස්ස සූත්‍රය - පස්වන දේශනය - පුජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
441 просмотр · 3 мес. назад
Sarathi
5,65 тыс. подписчиков
441 просмотр · 3 мес. назад
https://tipitaka.lk/an-6-2-3-4
#sukhasomanassasutta #panadurechanarathanathero
සුඛසෝමනස්ස සූත්‍රය - මෙම සූත්‍රය දේහනාවන් පහකින් සමන්විතය.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇති ව වෙසෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්ෂය සඳහා කාරණය ද (පරිපූර්ණ කොට) අරඹන ලද වේ ය යි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්මාරාම (ධර්මයෙහි ඇලුනේ) වෙයි. භාවනාරාම (භාවනායෙහි ඇලුනේ) වෙයි. ප්‍රහාණාරාම (කෙලෙස් පහකිරී මෙහි ඇලුනේ) වෙයි. ප්රවිවේකාරාම (කායචිත්තඋපධි විවේකයෙහි ඇලුනේ) වෙයි. අව්යාපද්යාරාම වෙයි. නිෂ්ප්රපඤ්චාරාම (නිවනෙහි ඇලුනේ) වෙයි.
මහණෙනි, මෙ දම් සයෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුව සොම්නස් බිහිලි කොට වෙසෙයි. ආස්රවක්ෂය පිණිස කාරණය ද (පරිපූර්ණ කොට) අරඹන ලද වේ ය යි.
🌻මෙම උතුම් දේශනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ, පුජනීය පානදුරේ චන්දරතන හිමිපාණන්ව පාද නමස්කාර පුර්වකව වන්දනා කරමු. තව තවත් උන්වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් පවත්වන්නට කායික හා මානසික ශක්තිය, එමෙන් ම ධර්ම ඥාණය ද දිනෙන් දින දියණු වේවායි පතන්නෙමු. කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, සියළු කෙළෙසුන් කෙරෙන් දුරු වී පරම ගම්භීර චතුර්ය්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවායි පතන්නෙමු.🙏🙏🙏
🌼දේශනාව සංවිධානය කල සැමට, ඊට දායක වූ සැමට, මේ අයුරින් පටිගත කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කෙළවර සසර දුක් අවසන් කර ගැනීම පිණිසම මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි පිං අනුමොදන් කරමු🙏🙏🙏