Obata Sathuya Ma | ඔබට සතුය මා | පැරණි සිංහල ගීතිකාව | Shekinah Worship
Shekinah Worship
0:00 / 0:00
Obata Sathuya Ma | ඔබට සතුය මා | පැරණි සිංහල ගීතිකාව | Shekinah Worship
312 просмотров · 8 дней назад
Shekinah Worship
642 подписчика
312 просмотров · 8 дней назад
Obata Sathuya Ma | ඔබට සතුය මා | පැරණි සිංහල ගීතිකාව | Shekinah Worship
අපගේ සිත් තුළ වසර ගණනාවක් පුරා රැඳී ඇති මේ සුන්දර පැරණි සිංහල කිතුනු ගීතිකාව, නව සංගීතමය හැඩයකින් නැවත ඔබ වෙත ගෙන එන්නෙමු.
ජීවිතයේ මාවත නොපෙනෙන අවස්ථාවලදීත්, අපට ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ සම්පූර්ණ මාවත දැකීම නොව — දෙවියන් වහන්සේ පෙන්වන ඊළඟ පියවර විශ්වාසයෙන් තැබීමයි.
“ඔබගේ වචනය මාගේ පාදයට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.” — ගීතාවලිය 119:105
මේ ගීතිකාව ඔබගේ යාච්ඤාවක් වේවා. ❤️
🎵 Original Hymn: Traditional Sinhala Christian hymn associated with The Ceylon Pentecostal Mission (CPM). All credit for the original hymn belongs to its original writers/composers.
🎼 This Version: A newly reimagined musical interpretation presented by Shekinah Worship Ministries.
OBATA SATHUYA MA
A treasured Sinhala Christian hymn, reimagined with a fresh musical expression for a new generation.
When the road ahead is dark and we cannot see where it leads, we don't need to see the entire journey. We need faith to take the next step with the One who guides us.
“Your word is a lamp for my feet, a light on my path.” — Psalm 119:105
May this song become your prayerz “Guide me, Lord. I belong to You.”
Subscribe to Shekinah Worship Ministries for Sinhala worship, timeless hymns and new songs of faith.
ගී පද | LYRICS
යේසු සමිඳුනි ඔබට සතුය මා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
අඳුරින් වටව සිටිම්
මගද නොපෙනෙනා
මග පෙන්වනු සමිඳේ
ඔබය පහන මා
රෑ බෝ අඳුරුම වේ
මගද පටු වුනා
මග පෙන්වනු සමිඳේ
ඔබය පහන මා
මග පෙන්වනු සමිඳේ
ඔබය පහන මා
යේසු සමිඳුනි ඔබට සතුය මා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
මගේ පා රකිනු සදා
බලැති දෙවියනේ
සැදැහින් දෙපය නගන්
අඳුරු වන මගේ
දුරද පෙනුනේ නැතත්
ඔබට සතුය මා
පෙනුණොත් එක් පියවරක්
මිහිර සතුට දේ
පෙනුණොත් එක් පියවරක්
මිහිර සතුට දේ
යේසු සමිඳුනි ඔබට සතුය මා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
අයදුම නොකරමි
ලෙව් සැප දෙන ලෙසා
ඔබගේ කැමැත්ත මා
හද තුටු කරනා
දුක හෝ සැපත වුනත්
ගනිමි එක ලෙසා
පටු මාවතෙහි යමි
සමිඳු පසුපසා
පටු මාවතෙහි යමි
සමිඳු පසුපසා
යේසු සමිඳුනි ඔබට සතුය මා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
මග පෙන්වනු මටා දෙවිඳේ
ඔබ ඇසින සදා
#ObataSathuyaMa #sinhalaworship #sinhalageethika #sinhalachristiansongs #ShekinahWorship #sinhalahymns