Перейти к содержимому

සදහම් සාකච්චා 2025-01-18

Nibbida නිබ්බිදා

0:00 / 0:00

සදහම් සාකච්චා 2025-01-18

1 691 просмотр · Трансляция закончилась 1 год назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
1 691 просмотр · Трансляция закончилась 1 год назад
"තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත්තා වූ පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන 'මුල් බුදු සමය' හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය",... 0:00 සදහම් සාකච්ඡාව 2025.01.18 0:09 ආරම්භය. 2:10 'අපි ච ඛෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන සජ්ඣායං කරෝති' බුදු පියාණන් වහන්සේ විසින් අනුදැණ වදාළ 'තුන් වැනි විමුත්තායතනය' නිවැරදි ලෙස අවබෝධ කර ගන්න. 'දුක්ඛං වා වේදනං වේදියමානෝ, දුක්ඛංවේදනං වේදියාමී’ති පජානාති. දුක් වේදනාව කුමක්දැයි ප්‍රඤ්ඤා ඇසින් දැක 'දුක්ඛං අරිය සච්චං' අවබෝධ කර ගන්න. 23:48 'ඉධ භික‍්ඛු සුතවා අරියසාවකො සමුදයධම‍්මංරූපං සමුදයධම‍්මං රූපන‍්ති යථාභූතං පජානාති'. අරිය සාවකයෙකු 'පඤ්ච උපාදානස්කන්ධය' නිවැරදි අයුරින් දැක සමුදය වන රූපය ප්‍රඤ්ඤාවෙන් දකී. 'යේ භූතං භූත තෝ දිස්වා භූතස්ස ච අතික්ඛමා යථා භූතේ විමුච්ඡන්ති බව තණ්හා පරක්ඛයා සවේ භූත පරිඤ්ඤෝ තේ වීත තණ්හා භවාභවේ භූතස්ස විභවා භික්ඛූ නාගස්සති පුනබ්බවන්ති'. භූතය කුමක්දැයි ප්‍රඤ්ඤාවෙන් දැක ඉන් විමුත්ත වන අරිය සාවකයා තණ්හාව සිඳදමා භූතය විභව කරයි. එම භික්ෂුව පුනබ්බවයෙන් මිදේ. 35:31 පළමුව ඔබට වඩා ගැලපෙන විමුත්තායතනය කුමක්දැයි තෝරා ගන්න. ඉන් බහුතරයකට වඩා ගැලපෙන්නේ දහම් ශ්‍රවනයයි. සාමුක්කංසිකා ධම්ම දේශනාව යනු චතුරාර්ය සත්‍යයයි. එනම් උදය වැය ඤාණයයි. 41:54 'සද්‌දහානෝ අරහතං, ධම්‌මං නිබ්‌බානපත්‌තියා, සුස්‌සූසා ලභතේ පඤ්‌ඤං, අප්පමත්තෝ විචක්‌ඛණෝ'. තථාගතස්ස බෝධිය පිළිබඳ සද්ධාවෙන් 'නිබ්බාන' නම් වූ ක්ෂේමභූමියට පතිත වන දහම් අසමින් අප්‍රමාදව විමසන්න. 48:40 'සහස්සමපි චේ ගාථා අනත්ථපදසංහිතා ඒකං ගාථාපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති' අත්ථපද නොදැන ගාථා දහසක් දැනගත්තද එහි වටිනා කම හීනය. එක ගාථාවක් අවබෝධයෙන් දකින්නා අත්ථපද දැන උපසමයට යයි. 'යෝ චේ ගාථාසතං භාසේ, අනත්ථපදසංහිතං ඒකං ධම්මපදං සෙය්‍යෝ, යං සුත්වා උපසම්මති' අත්ථපද නොදැන ගාථා සියයක් කියව කියවා සිටිනවාට වඩා එක ධම්ම පදයක් අවබෝධයෙන් දකින්නා අත්ථපද දැන උපසමයට යයි. 50:50 'ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි' තථාගත සාමුක්කංසිකා ධම්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුර බෙද බෙදා දහම දැක සෝතාපන්න ඵලයට පැමිණි කොණ්ඩඤ්ඤ ථෙරුන්. 1:03:37 'ඵන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේධාවී උසුකාරෝ’ව තේජනං' සිත කියලා කියන්නේ සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. දුරාචාරයේ යන මේ සිත වරදින් ආවරණය කරගන්න ඉතා අමාරුයි. නමුත් ධීරයා එබඳු සිත ඍජු කරගන්නවා. හරියට ඇද කුද හැරලා හී දණ්ඩක් ඍජු කරන්නා වූ හී වඩුවෙක් වගේ. 1:05:43 'වාරිජෝ’ව ථලේ ඛිත්තෝ ඕකමෝකත උබ්භතෝ පරිඵන්දති’දං චිත්තං මාරධෙය්‍යං පහාතවේ' මේ සිත ජලයෙන් ගොඩට ගත්තු මාළුවෙක් වගේ දඟලනවා. එය අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ. එබඳු සැලෙන සිතකින් යුක්ත මේ මාර උගුල දුරුකරන්ට ම යි ඕනෙ. 1:08:46 උච්ඡේදය සහ නිරෝධය අතර ඇති අතිමහත් වෙනස හඳුනා ගන්න උත්සාහ කරන්න. 1:16:38 'යතෝ ච ඛෝ පුණ්ණිය භික්ඛු සද්ධෝ ච හෝති උපසංකමිතා ච පයිරුපාසිතා ච පරිපුච්ඡිතා ච, ඕහිතසෝතෝ ච ධම්මං සුණාති, සුත්වා ච ධම්මං ධාරේති. ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති. භික්ඛුව සද්ධාව උපදවා ගෙන කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ පයිරුපාසනය කරන අයුරු සහ අත්ථ ධම්ම ධාරණය කරගන්නා අයුරු. 1:18:35 ප්‍රාණ ඝාතය සහ එහි විපාක පිළිබඳ බුදු දහමට අනුව ගෝචර වන්නේ කෙසේද? 1:22:34 බුද්ධ කාලයේ සිටි ගන්ධබ්බ ගෝත්‍රය. 1:28:28 'පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති, නිහිත දණ්ඩෝ නිහිතසත්ථෝ' දඬුවම් දීමට සිතක් හෝ සතුරු අදහසක් නොයෙදෙන පටිවිරති ස්වභාවය. 1:35:21 සක්කාය දිට්ඨිය යනු මිච්ඡා දිට්ඨියකි. එහෙත් සක්කාය දිට්ඨිය සහිතව ලෞකික සම්මා දිට්ඨිය ඇති කර ගත හැක. 1:45:28 'තිරච්ඡානකථංඅනුයුත්තා විහරන්ති' තිරච්ඡාන කථාවන්හි නොයෙදී පින සහ කුසලය උපවන භාෂිතයෙහි ඇති වටිනාකම සහ අත නොහැරිය යුතු සාස්වතය. 1:51:47 කෙලෙස් සහිත 'සාමිස සුඛය' සහ නිකෙලෙස් වූ 'නිරාමිස සූඛය'. 1:55:15 මග ඵල ලාභියෙකු විසින් කාම බුක්තිය විඳීම සහ පුථුජ්ජනයෙකු විසින් කාම බුක්තිය විඳවීම. 2:43:36 ගරු දේශක තුමා විසින් සාවක පැන නිවැරදි කරමින් නැවත ඇසූ වටිනා පැන,.. 3:08:26 'සෙය්‍යථාපි භික්ඛවේ, අයං කායෝ ආහාරට්ඨිතිකෝ, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරෝ නෝ තිට්ඨති. ඒවමේව ඛෝ භික්ඛවේ, පඤ්ච නීවරණා ආහාරට්ඨිතිකා ආහාරං පටිච්ච තිට්ඨන්ති, අනාහාරා නෝ තිට්ඨන්ති'. තථාගතයන් වහන්සේ විසින් පැනවූ ත්‍රිවිධ සූචරිතය සහ ඉන්ද්‍රිය සංවර අවස්ථාව 'කාය සූත්‍රය' ඇසුරින්. 3:12:56 'නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්දෝ උප්පජ්ජති, උප්පන්නෝ වා කාමච්ඡන්දෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තති, යථයිදං භික්ඛවේ, සුභනිමිත්තං'. සුභ නිමිත්තෙන් උපදින කාමච්ඡන්දය වැඩි දියුණු වන අයුරු. 'නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්දෝ නුප්පජ්ජති, උප්පන්නෝ වා කාමච්ඡන්දෝ පහීයති, යථයිදං භික්ඛවේ, අසුභනිමිත්තං'. අසුභ නිමිත්තෙන් කාමච්ඡන්දය ප්‍රහාණය වන අයුරු. 3:15:09 'සුභානුපස්සිං විහරන්තං, ඉන්ද්‍රියේසු අසංවුතං, භෝජනම්හි අමත්තඤ්ඤුං, කුසීතං හීනවීරියං, තං වේ පසහති මාරෝ, වාතෝ රුක්ඛං’ව දුබ්බලං',.. 'කාමය සුභ යැයි විහරණය කරමින් ඉන්ද්‍රිය සංවරයකින් තොරව පංචකාම භෝජනයේ මාත්‍රය නොදකින හෙතෙම කුසීත වූ හීන වීර්ය්‍යයෙන් යුතුව මාරයාට හසු වන්නේය. ඔහු දැඩි සුළඟට හසුවූ දුබල ගසක් වැනිය. 3:30:37 අරිය කාන්ත සීලයෙන් හෙබි උත්තමයාහට පඤ්ච දුස්චරිතයෙන් උපදින බය සහ වෛරය වූපශාන්ත වේ. 3:54:55 අර්ථ, ධම්ම, සහ නිරුක්ති තෝරා ගත් අරිය සාවකයෙකුගේ 'දහම කියා දීමේ හැකියාව' පටිභානය යැයි හැඳින්වේ. 3:59:15 මග ඵලයෙන් පසු පඤ්ච කාමභෝගී සංයෝජන සමග දිවි ගෙවන සෝවාන් සහ සකෘදාගාමී උතුමන්. 4:04:44 සියළු දිට්ඨි තුළ සක්කාය දිට්ඨිය පවතී. අන් අයෙකු අසන දහම් පැනයකට පිළිතුරු දීමට ඔබ අදක්ෂයෙක් නම් එම පැනය මග ඵල ලාභී උත්තමයෙක් වෙත ඉදිරිපත් කිරීම වටී.